පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 15, 2020

විශ්වයේ සැඟවුණු ජීවිතයේ රහස The Secret





ජීවිතය ජය ගන්නට ධනාත්මක අදහස් ජීවිතයට එක් කරන්නට ලොව පුරා ලියැවී ඇති කෘතීන් දහස් ගණනක් තිබෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික රූපවාහිනී තිර රචිකාවක් සහ නිෂ්පාදිකාවක් වන රොන්ඩා බයර්න් විසින් රචිත The Secret කෘතිය ද මේ අතරට වැටෙන නමුත් එය බොහෝ කෘතිවලට වඩා ඉහළින් තිබෙන බව සඳහන් කළ හැකියි. එයට හේතුව මේ කෘතියෙන් හඳුන්වා දී ඇති ආකර්ෂණ ධර්මතාව’ (law of attraction) නම් සංකල්පය නිසයි. ඇතැම් ධනාත්මක සිතිවිලි සහිත පොත්වල මේ සංකල්පය ගැන යම් පමණකින් කතා කරනු දකින්නට හැකි වුවත්අපට තේරුම් ගත හැකි අයුරින් බොහෝ නිදසුන් සහිතව මේ පිළිබඳ සාකච්ඡා කරන්නේ ද සීක්‍රට්’ කෘතියෙනුයි. අනෙක මේ කෘතිය කතා කරන්නේ ඒ පිළිබඳවම පමණයි. ආකර්ෂණ ධර්මතාව තුළින් කියැවෙන්නේ සිතිවිලි තුළින් යමෙකුගේ ජීවිතය සහමුලින්ම වෙනස් කළ හැකි බවයි.

සීක්‍රට්’ කෘතිය ගැන කතා කරද්දි එයට කෙලින්ම සම්බන්ධයක් නැතත්කතා කළොත් හොඳයි කියලා හිතෙන දෙයකුත් තියෙනවා. ඒ නිසා ඒ කාරණයත් සඳහන් කරන එක හොඳයි කියා සිතෙනවා.

ආගමික වශයෙන් බැලුවහොත් මේ සංකල්පයට මුල් වී ඇත්තේ බුදු දහම බව කිව හැකියි. එයට හේතුව මනසසිතිවිලි ආදිය පිළිබඳ බහුල වශයෙන්ම කතා කරන්නේ බුදු දහම තුළින් පමණක් වීමයි. බුදු දහම මුල් බැස ගත් රටක් ලෙසත්ධර්මධරයන් බොහොමයක් වෙසෙන රටක් ලෙසත් මෙවැනි කෘති ලියැවිය යුත්තේ අපේ රටේ වුවත් අවාසනාවකට අපේ රටේ බුදු දහම උගත් වියතුන් අල්ලාගෙන ඇත්තේ ධර්මය නමැති සර්පයාගේ වලිගයෙන් මිස හිසෙන් නොවන බව පෙනෙන්නට තිබෙන දෙයක්. භික්ෂූන් වහන්සේලා ද කරන්නේ එක්කෝ සාම්ප්‍රදායික ලෙස ධර්මය දේශනා කිරීම පමණයි. එසේත් නැත්නම් කිසිසේත් ප්‍රායෝගික නොවනබුදුන් වහන්සේ පවා කිසිදු අයුරකින් අනු දැන වදාළා නැති කාරණා ධර්මය ලෙස  ගෙනහැර පෑමයි. මේවා පසුපස යන උපාසක උපාසිකාවන් අවබෝධ කරගන්නා ධර්මයක් ඇත්තේ නැහැ. කෙසේ නමුත් බෞද්ධයන් නොවන ලෝකයේ වෙනත් රටවල ලේඛකයන් බුදු දහමේ ඇති ඉතා සුළු ධර්ම කරුණු පවා කෘති සිය දහසක් ලියන්නට පදනම් කොට ගෙන තිබෙන බව පෙනෙනවා.

සීක්‍රට්’ අප අතරට මුලින්ම එන්නේ කෘතියක් ලෙස නොව මෙනමින්ම වූ චිත්‍රපටයක් ලෙසින්. ඒ 2005 වසරේ දී. පසුව ඒ වසරේ දීම මෙය කෘතියක ලෙස එළිදකිනවා. මෙහි කතුවරිය සඳහන් කරන අන්දමට මෙය නිර්මාණය කරන්නට අදහසක් පහළ වන්නේ ඇය 2004 වසරේ දී මුහුණ දුන් ප්‍රබල චිත්ත කම්පන අවස්ථාවක දී සිය දියණිය විසින් ඇයට ලබා දුන් The Science of Getting Rich නම් කෘතිය කියවීමෙන් පසුව බවයි. 2020 වසරේ දී නිර්මාණය වූ The Secret: Dare to Dream නම් චිත්‍රපටය සඳහා පදනම් කොට ගැනුණේ සීක්‍රට්’ කෘතියයි.

මේ කෘතිය ලොව පුරා පිටපත් මිලියන 30 කට වැඩියෙන් අළෙවි වී තිබෙනවා. භාෂා 50කට පරිවර්තනය වී තිබෙනවා.

මේ කෘතියේ ඇති කාරණා ජීවිතයට ලෙන එන්නේ ශක්තියක්අත්වැලක්. ආලෝකයක්. මෙහි සිංහල පරිවර්තනයක් ද නොමැති නිසාඉඩ ලැබෙන පරිදි  මේ කෘතියේ ඇති කරුණු ගැන ඉදිරි කාලය පුරා මගේ බ්ලොග් අඩවිය ඔස්සේ බ්ලොග් සහෘදයන්ට කතා කරන්නට මට සිතුණා. එයින් වැඩක් මිසක් අවැඩක් සිදු නොවනු ඇතැයි මට සිතෙනවා.

ඉතින් අපි කතා කරමු ජීවිතය දිනන්නට මේ සීක්‍රට්’ කෘතියෙන් අපට කියාදෙන රහස් මොනවාද කියලා.




මගේ මුළු ජීවිතයම කඩා වැටිලා තිබුණේ. වැඩ කරලම හැම දේම එපා වෙලයි තිබුණේ. තාත්තත් මාව දාලා මේ ලෝකයෙන් නික්ම ගියා. නෑ දෑ හිතවතුන් එක්ක මගේ තිබුණු සම්බන්ධකම් සියල්ල අවුල් වෙලා තිබුණේ. ඒත් මේ හැම කරදරයක්මඅවුල් ජාලයක්ම මැද මගේ ජීවිතයට වාසනාවක් සෙමින් සෙමින් ළං වෙන බව මම කොහෙත්ම දැනගෙන හිටියේ නෑ.

මෙතෙක් මට නොදැනුණු ජීවිතයේ රහසක් ගැන ටිකෙන් ටික මට ඉඟි ලැබෙන්නට පටන් අරන් තිබුණා. ඒ රහස් ගැන මා දැන ගත්තේ පැරණි පොතකින්. ඒ පොත මට ලැබුණේ මගේ දුව හේලි ගෙන්. මම ඒ පොතෙන් මතුවුණු රහස්වලින් පිරුණු අඩිපාර දිගේ අතීතයට ඇවිදගෙන යන්නට පටන් ගත්තා. මේ රහස ගැන දන්නේ මම විතරයි කියලා හිතුවත්අතීතයට දිව යද්දී මම දුටුවේ මම පමණක් නොවෙයිඅතීතයේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨයන් වූ ප්ලේටෝශේක්ෂ්පියර්නිව්ටන්හියුගෝබීතෝවන්ලින්කන්එමර්සන්එඩිසන්අයින්ස්ටයින් ආදී සියල්ලන් ම මේ රහස ගැන හොඳින් ම දැන සිටි බවයි.

ඔවුන් දැනගෙන සිටි ඒ රහස අද බොහෝ දෙනෙක් නොදන්නේ මන්දැයි මම මගෙන්ම ඇසුවා. මේ රහස මුළු ලෝකයත් එක්ක බෙදා හදා ගන්න මට පුදුම ඕනෑ කමක් ඇති වුණා. අද කාලේ ජීවත් වෙලා ඉන්න අයගෙන් මේ රහස ගැන දන්නේ කවුද කියලා මම සොයා බැලුවා.

මට ඔවුන් එකිනෙකා මුණ ගැහුණා. මට දැනුණේ මම කාන්දමක් වගේ කියලා. මේ ගැන සොයන්නට පටන් ගත්තට පස්සේ ඒ වන විටත් ජීවත්ව සිටි ශ්‍රේෂ්ඨයන් එකින් එක මතුවන්නට පටන් ගත්තා.

මා එක් ශ්‍රේෂ්ඨයෙක් සොයා ගත් විට තවත් ශ්‍රේෂ්ඨයෙක් සොයා ගන්නට ඔහු තුළින් සම්බන්ධයක් ගොඩ නගා ගන්නට මට හැකි වුණා. ඒක හරියට දම්වැලක පුරුකක් වගේ. මේ වගේ පුරුක් දිගින් දිගටම මතු වුණා. අවසානයේ මේ පුරුක් සියල්ල එක් වී දම්වැලක් ඇති වුණා. සමහර වෙලාවට මම වැරදි මාර්ගයේ ගියත්එකවරම කොතැනින් හෝ ශ්‍රේෂ්ඨයෙක් මතුවී මා නිවැරදි මාර්ගයට ගන්නට කටයුතු කළා. සමහර වෙලාවට අන්තර්ජාලයේ සෙවීමක් කරද්දි මට ලැබෙන්නේ මට ඕන තොරතුරු නෙවෙයි. නමුත් ඒ ඕනෑ නැති තොරතුරුවලිනුත් මගේ ජීවිතයට වටිනා දේවල් එක් කරගන්නට මට හැකි වුණා. සති කිහිපයක් තුළ මා සියවස් ගණනක් ආපස්සට ඇවිදගෙන ගියා. ජීවිතයේ මෙතෙක් නොදුටු බොහෝ රහස් මා ඉදිරියේ අනාවරණය වුණා. අදත් මේ රහස් ගැන දන්නා බොහෝ දෙනෙක් ජීවත්ව සිටිනා බවත් මම එහි දී දැන ගත්තා.

මේ රහස ලෝකයා සමග බෙද හදා ගන්නට හොඳම මාධ්‍යය සිනමාව කියා මම හිතුවා. මේ ගැන සිනමා පටයක් නිර්මාණය කරන්නට මා ගත කළ මාස දෙකක් පමණ කාලයේ දී මගේ සිනමා කණ්ඩායමේ හැම දෙනෙක්ම මේ රහස කුමක්දැයි දැනගත්තා. අනෙක මේ සිනමා නිර්මාණය වඩාත් සාර්ථක වන්නට නම් කණ්ඩායමේ සෑම දෙනෙක්ම මේ රහස දැන සිටීම අත්‍යවශ්‍ය වුණා. එසේ නොවුණා නම් මේ නිර්මාණය අර්ථවත් දෙයක් නොවන්නටත් ඉඩ තිබුණා.

මේ රහස ගැන දැන සිටි අය අදටත් ජිවත්ව සිටියත් සිනමා නිර්මාණයට සම්බන්ධ කරගන්නට තරම් ආසන්නයේ ඔවුන් සිටියේ නැහැ. මේ නිසා මේ රහස ගැන දන්නා වැඩි දෙනෙක් ජීවත් වන ඇමරිකාව බලා යන්නට මම තීරණය කළා. එහිදී මේ රහස ගැන දැන සිටි ඇමරිකානුවන් පනස් දෙනෙක් සොයා ගන්නට අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා. මාස හතකට පසුව මේ ශ්‍රේෂ්ඨයන්ගේ ජීවිත අළලා සිනමා නිර්මාණය අවසන් කරන්නට අපට හැකියාව ලැබුණා. රූප ගත කිරීම් සඳහා අපට පැය 120 කට වැඩි කාලයක් ගත වුණා. සිනමා නිර්මාණය සඳහා ගත කළ හැම තත්පරයකමපිට කළ හැම හුස්මකම ගැබ් වී තිබුණේ මේ රහස යි. මාස අටකට පසුව The Secret සිනමා නිර්මාණය තිරගත වුණා.

ලෝකය පුරා සිනමා පටය තිරගත වෙද්දී අසන්නට ලැබුණේ පුදුමාකාර කතා. නිදන්ගත රෝගවලින්දොම්නසින් සහ විවිධ රෝගවලින් පීඩා විඳි පුද්ගලයන් සුව වූ කතා අසන්නට ලැබුණා. හදිසි අනතුරකින් පසුව කිසිදා දෙපයින් නැගිටින්නට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරුන් විසින් පවසනු ලැබූ පුද්ගලයකු දෙපයින් නැගී සිටි කතාවක් ආරංචි වුණා. කොටින්ම කීවොත් මරණ මංචකයෙන් පවා නැගි සිටී පුද්ගලයන් ගැනත් දැනගන්නට ලැබුණා. අතිමහත් ධනස්කන්ධයක් ලද පුද්ගලයන් ගැනතැපැල් මගින් අනපේක්ෂිත චෙක් පත ලැබුණු කතා දහස් ගණනක් අසන්නට ලැබුණා. ජීවිතයට මේ රහස එක් කර ගැනීමෙන් සිය නිවාසව්‍යාපාරජීවන සහකරුවන්යාන වාහනරැකියා ආදිය මහත් වෙනසකට ලක්කොට, දියුණු  වූ පුද්ගලයන් ගැන බොහෝ කතා ඇසුණා. මානසික පීඩාවන්ගෙන් පිරුණු දරුවන්ගේ ජීවිත සතුටින් පිරී ගිය හෘද සංවේදී කතාවන් ද ආරංචි වුණා.

මේ අතරින් විශේෂිතම ආරංචිය වුණේ තමාගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා පාසල් දරුවන් ද මේ රහස යොදා බව දැනගන්නට ලැබීමයි. වෛද්‍යවරුන් සිය රෝගීන් සමග කටයුතු කිරීමේ දීවිශ්වවිද්‍යාල සහ පාසල්වල ගුරුවරු සිසුන් සමග කටයුතු කිරීමේ දීආගමික මධ්‍යස්ථානවල ප්‍රධානීන් සිය අනුගාමිකයන් සමග කටයුතු කරද්දී මේ රහස යොදා ගත බව දැනගන්නට ලැබුණා. තවත් පුද්ගලයෙක් මේ රහස ඔස්සේ යමින් ඩොලර් මිලියන දහයක් ඉපැයූ කතාවක් ද ආරංචි වුණා. මේ සියල්ල සිදු වූයේ සිනමා නිර්මාණය තිරගත වූ මාස කිහිපයක් ඇතුළත වීම විශේෂ කාරණයක්.

The Secret නිර්මාණය කිරීමේදී මා සිත පැවැතිතවමත් පවතින එකම අභිප්‍රාය වන්නේ ලොව වටා වූ කෝටි ප්‍රකෝටි දෙනෙකුගේ සිතට සතුට සැනසීම ළඟාකොට දීම යි. ජීවිතයේ රහස තුළින් ලද සතුටට කෘතගුණ පළ කරමින් වයස් භේදයකින්ජාති භේදයකින් තොරව ලොව සෑම කොනකම වෙසෙන මිනිසුන්ගෙන් දස දහස් ගණනින් ලිපි ලැබුණා.  දැනුම නොමැතිව කළ හැකි දෙයක් මෙලොව නැහැ. ඔබ කවුරු වුනත්,  කොතැනක ජීවත් වුනත්ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් හිමි කර දෙන්නට මේ පවසන්නට යන රහසට හැකියාව තිබෙනවා. 

මේ කෘතියෙහි ලොව විසූ අපූර්ව වූ ගුරුවරුන් විසිතුන් දෙනෙකු පිළිබඳ ලියැවී තිබෙනවා. එකිනෙකට වෙනස් කාලයන්හි දීමුළු ඇමරිකාව මුළුල්ලේම යමින් ඔවුන්ගේ වදන් සිනමාගත කරන්නට අපට හැකි වුණා. 

ඔවුන් කතා කළේ එක් හඬකින්.  ජීවිතයේ රහස දැන සිටි ශ්‍රේෂ්ඨයන්ගේ වදන් මේ කෘතියෙහි අඩංගු වන අතර ජීවිතයේ රහස නිසා ඇති වූ පුදුමාකාර කතාඅපූරු අත්දැකීම් ද මෙහි අන්තර්ගත වෙනවා. ජීවිතයේ රහස අවබෝධ කරගන්නට මා යොදා ගත් කෙටි පහසුමාර්ගඉඟි ආදිය මේ කෘතිය තුළින් ඔබ සමග බෙදා හදාගෙන තිබෙනවා. ඒ මග ඔස්සේ යමින් ඔබ සිහිනෙන් දුටු ජීවිතයේ සැබෑ ලෙසින් ජීවත්වන්නට ඔබට හැකි වනු නිසැකයි.






The Secret - දෙවැනි කොටස








No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න