මම ගියේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ඉස්කෝලේට ආවේ ඇහැලියගොඩ කණිෂ්ට විද්‍යාලයේ ඉඳන් 6 පංතියට. ඒ 1984 අවුරුද්ද. අපිත් එක්ක 6 පංතියට ආපු යාළුවෙක් හිටියා ශාන්ත කියලා. ශාන්තට ටිකක් සිංදු කියන්න පුළුවන්. දවසක් ශාන්ත ‘සුදු ඔසරිය ඇඳලා’ කියලා සිංදුවක් කිව්වා. ඒ සිංදුවේ වචනවලට වඩා මගේ හිත ගියේ තනුවට. වචනවල තේරුම් හොයන්න තරම් ඕන කමක් ඒ දවස්වල තිබුණේ නෑ. එදා ඉඳන් මේ සිංදුවට මම ආසා කළා. ඒත් ඒ කාලේ අද වගේ කැමති සිංදුවක් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඞ් කරගෙන අසන්නට තරම් පහසුකමක් තිබුණේ නැහැ. මේ සිංදුව ඉඳහිටලා හරි ඇසුණේ ගුවන් විදුලියෙන් විතරයි. ශාන්තට සමහර විෂයයන්වල අමාරු කරුණු ආවාහම මගෙන් අහනවා. මම ඒවා කියලා දෙන්නේ ‘සුදු ඔසරිය’ සිංදුව කිව්වොත් තමයි. ඉතින් මේ විදියට ශාන්තගෙන් නිතරම මේ සිංදුව අහගත්තා. ඒත් මේක ගයන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ.
කාලය ගෙවිලා ගියා. මම දැන් ඇහැලියගොඩ නෙවෙයි ඉන්නෙත්. ශාන්ත ගැන තොරතුරක් දන්නෙත් නැහැ. කොහොම වුනත් අන්තර්ජාලය ඇවිත් කැමති සිංදු ඩවුන්ලෝඞ් කරගන්න පුළුවන් කාලයක් ආවාට පස්සේ මම මේ සිංදුව අන්තර්ජාලයෙන් අරගත්තා. එතකොට තමයි දැනගත්තේ මේ ගීතය ගයන්නේ අනුලා බුලත්සිංහල මහත්මිය බව. මම මේ ගිතය මගේ ජංගම දුරකතනයට දාගත්තා. නිතරම ඇහුවා. රස වින්දා. වචනවල තේරුමත් රස වින්දා.
අනුලා බුලත්සිංහල මහත්මිය මිය ගිහින් වග අද මාධ්‍යවල තිබුණා.
ඇය ගැන විස්තර කියන්න අවශ්‍ය නැහැ. රටම දන්නවා.
මම කැමතිම සිංදුවක් කියපු ඇය මෙලොව හැර ගිහින්.
මේ සටහන ඇයට උපහාරයක් පිණිසයි.
ඇයට නිවන් සුව ලැබේවා
Hondayi.Lipiya ithama keti unath hith ka wadina widihata liyala thiyenawa.Lassanayi.
ReplyDeleteස්තුතියි යාළුවා ඔෙබ් අදහස් දැක්වීමට
Deleteඇය තම දියණියතක් සමග කියන ගිතයක් තියනවා මෙන්න මෙහෙම
ReplyDeleteබුදුන් වඳින මේ දෑතින් වැඳලා කියන්නම් අමමේ
අක්කා මෙන් ඔය හිත නෑ පාරන්නේ මං
මට ඇහෙන්න හිත හැදෙන්න කියා මුසාබස් පොඩිදුව
පව් පුරවා ගන් එපා මොටදෝ තහනම්...............
විචාරක දියණිය
ඒ ගීතය මම අහලා තිබුණා. ඉස්සර රූපවාහිනියේ හඳ රැඳි ගී කියලා වැඩසටහනකට අනුලා බුලත්සිංහල මහත්මිය සහ ඇගේ දියණිය මේ ගීතය ගායනා කළා. නමුත් ඇය ගායනා කළත්, ඒ ඇය බව නොදැන මම කැමැත්තතෙන් සිටි ගීතය තමයි මේ ‘සුදු ඔසරිය ඇඳලා’
Delete