පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 16, 2020

ලක්ෂ පහයි ! ස්තුතියි!


 

බ්ලොග් එකක් පටන් ගන්නට බොහෝ කලක සිට පැවති ඕනෑකම නිසාම 2012 වසරේ දී මගේ ලෝකය සහ එපිට ලෝකයනමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා. මෙයට මේ නම දැම්මේ ද එකවර සිට පැමිණි අදහසක් අනුවයි. මේ නම මට ඇඳ දුන්නේ මාගේ මිතුරකු සහ ඉතා දක්ෂ සිතුවම් ශිල්පියකු වන අරුණ නවීන්ද්‍ර යි. ඔහු බොහෝ ප්‍රකාශන ආයතන සඳහා පොත් කවර සම්පාදකයෙක්. ළමා පොත් කිහිපයකුත් ලියා තිබෙනවා. වෙළෙඳ දැන්වීම් සඳහා ද ඔහු විසින් කරන නිර්මාණ බොහෝ යි. මගේ ඉල්ලීම පැයක්වත් යන්නට පෙර ඉටු කළ ඔහු මට මෙය ඇඳ දුන්නා.

බ්ලොග් එකේ නම මගේ ලෝකය සහ එපිට ලෝකයනිසා මගේ ලෝකයේ මට හිතෙන හැම දෙයක්ම මෙයට ලියන්නටයි මට ඕනෑ කළේ. කොහොම වුනත් මෙහි වැඩි වශයෙන්ම තියෙන්නේ මම පුවත්පත්වලට ලියන ලද නොයෙක් ලිපි.

ඊට අමතරව මට හිතෙන හැමදේමත් ලිව්වා.

කොහොම වුනත් මට මේ කෙටි සටහන ලියලා කියන්න ඕනෑ වුණේ, 2012 සිට අද දක්වා, ඒ කියන්නේ අවුරුදු 8 ක කාලයක් තිස්සේ මගේ බ්ලොග් ලිපි කියවා තියෙන වාර ගණන ළඟදි ලක්ෂ 5 ඉක්මවා ගිහින් තියෙනවා. 




ඒක පෙනෙන කොට හීන් සතුටකුත් දැනෙනවා. තේරුමක් නැති ලිපි කිහිපයක් තියෙන්න පුළුවන් වුනත් 90%ක් විතර මම ලියා තියෙන්නේ මොනවා හරි දැනුමක් ලබා ගන්න පුළුවන් දේවල්. ඒ නිසා ගෙවුණු අවුරුදු 8 ක කාලයක් පුරා, මේ බ්ලොග් පෝස්ට් කියවපු ලක්ෂ 5 කට අධික වාර ගණන මුළුල්ලේ ඔබ සියලු දෙනා යම් දැනුමකින් පුරවන්න මට පුළුවන් කමක් ලැබිලා තියෙනවා කියලා දැනෙනවා.

ඒ වගේම අන්තිමටම කියන්න ඕන විශේෂම දේ තමයි මේ ලක්ෂ 5 ඉලක්කම මට ලබා දුන්නේ ඔබ මේක කියවන්න ආපු නිසයි.

එතැනදි මගේ බ්ලොග් එක බ්ලොග් රුසියන් අතරට යවන්න උදව් වුණු සියලු බ්ලොග් සින්ඩිකේට්වලටත් ගෞරවනීය ස්තුතිය පළ කළේ නැත්නම් ඒක අඩුවක්.

ඉතින් බ්ලොග් කියවන්න රුසියන් වන ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පළ කරන්නත් මෙයට වඩා වෙන අවස්ථාවක් නැතැයි කියා මට සිතෙනවා.

ඉතින් ඔබට ස්තුතියි!

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න