මේක මම දැක්කේ
නම් අද. වෙන කවුරුවත් දාලා තියෙනවා දැක්කෙත් නෑ. ඒ තමයි අපි කාලයක් තිස්සේ පුල පුලා
බලා සිටි ගූගල් පරිවර්තකයට සිංහල භාෂාව එකතු කරලා තිබීම. දැන් සෑහෙන කාලයක ඉඳන්
කියල තිබුණා සිංහල දානවා කියලා. ඒත් දැම්මේ නැහැ. ඔන්න අද මම දැක්කා දාලා තියෙනවා.
ආරම්භය නිසා තවම ඒ තරම් සාර්ථකව සිංහලයට පරිවර්තනය නොවුණත්, කිසිම දෙයක් නැතිව ඉන්නවාට වඩා මේ තරමට හරි
තියෙන එක ලොකු දෙයක් කියලා තියන්න පුලුවන්.
මේ පරිවර්තනවල
අඩුපාඩ තියෙනවා. උදාහරණයක් විදිහට
I like
to eat hoppers
කියන වාක්‍යය
සිංහලයට පරිවර්තනය කළාම එන්න ඕන මෙන්න මේ වගේ.
මම ආප්ප කන්න
කැමැත්තෙමි/කැමතියි.
නමුත්
ගූගල්වලින් පරිවර්තනය කරන්නේ මෙන්න මේ විදිහට
මම ආප්ප කන්න
කැමති
මම කීපයක්
පරිවර්තනය කළා.
1. ඉංග්‍රිසි
වාක්‍යය - I usually
travel by train.
නිවැරදි විදිහ
- මම සාමාන්‍යයෙන් ගමන් කරන්නේ දුම්රියෙනි
ගූගල් - මම
සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන
2. ඉංග්‍රිසි
වාක්‍යය - How old
are you?
නිවැරදි විදිහ
- ඔබේ/ඔයාගේ වයස කීයද?
ගූගල් - ඔයාගේ
වයස කීයද?
3. ඉංග්‍රිසි
වාක්‍යය - He drive
too fast.
නිවැරදි විදිහ
- ඔහු පදවන වේගය වැඩිය.
ගූගල් - ඔහු
වේගයෙන් රිය පැදවීම
![]() |
| මගේ නම හනුමන් කියලා පරිවර්තනය කළේ ඇයිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ |
කොහොම වුණත්
සිංහල භාෂාව මේ විදිහට එකතුවීම අපි ලබපු ජයග්‍රහනයක්. මෙය ඉදිරියේදී තව තවත්
දියුණු වී පරිවර්තනය වඩාත් සුමට වේවි. භාෂාව නිසා තිබුණු ගැටලු බොහොමයක් නිරාකරණය
වේවි.

