පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 29, 2014

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යයේ යශෝධරා - කාජල් ජායින් - Kajal Jain as the actress for Yashodhara


මේ දවස්වල පුංචි තිරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය අතුරින් එකක් තමයි ‛ශ්‍රී ගෞතම සමබුද්ධ’ කියලා කියන්නේ. බුදු රජාණන් වහන්සේගේ ජීවන චරිතය ගැන කතා කරන මෙය ඉන්දියානු නිෂ්පාදනයක්. අපි ඒ ගැන කලින් කතා බහ කරලා තියෙනවා. දෙරණ රූපවාහිනියෙන් සෑම සේනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රි 8.30ට මෙය නරඹන්න පුලුවන්. අපි පසුගිය සති දෙකේ මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් ගැන කතා කළා. ඒ සිදුහත් කුමරුගේ හා බුදුන් වහන්සේගේ චරිතය නිරූපණය කරන හිමන්සු සෝනි සහ ප්‍රජාපතී ගෝතමියගේ චරිතය නිරූපණය කරන ගන්ගුන් උප්‍රාරි ගැනයි. අද අප තවත් ප්‍රධාන චරිතයක් ගැන කතා කරන්න හිතුවා. ඒ .තමයි සිදුහත් කුමරුගේ සාංසාරික ආදරණීය බිරිඳ යශෝධරා ගැනයි. මේ ටෙලි නාට්‍යයයේ යශෝධරාගේ චරිතයට පණ දෙන්නේ කාජල් ජායින්. අපි ඇය ගැනයි අද කතා කරන්නේ. 

කාජල් ජායින් කියන්නේ 2008 වසරේ ඉන්දියානු රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු එක් තරුණියක්. මේ ඇයගේ මුල්ම ටෙලි නාට්‍ය රංගන අත්දැකීම විදිහට තමයි සැළකෙන්නේ. පරීක්ෂණ කිහිපයකියන් පසු ඇය මේ චරිතය සඳහා තෝරාගනු ලැබුවා. ඇය මාධ්‍ය සංකච්ඡාවකදී මේ ගැන මෙහෙම කතා කළා. 



“මම සිදුහත් කුමරුගේ බිරිඳ, ඒ කියන්නේ යශෝධරා තුමරියගේ චරිතය නිරූපණය කරන්නට තෝරාගෙන තිබෙනවා. බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වන යශෝධරාගේ චරිතය නිරූපණය කරන්නට ලැබීම මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් කියලයි මම හිතන්නේ.” 

ඇය තව දුරටත් ඒ ගැන කතා කළා. 

බුදු දහම කියන්නේ මට අලුත් දෙයක් නෙවෙයි. මම ඒ ගැන පුංචි කාලේ ඉඳන්ම බුදු දහම ගැන බොහෝ පොත් පත්, කතා කියවා තියෙනවා. ඒ කොහොම වුණත් මා මේ චරිතය සඳහා තෝරාගනු ලැබුවාට පස්සේ ඒ ගැන තව තවත් විස්තර සොයන්න වොහෙස මහන්සි වුණා. විශේෂයෙන් යශෝධරා කියන්නේ මෙන වගේ කෙනෙක් ද කියන එක ගැන මම වැඩිපුර විස්තර සොයා බැලුවා.” 

මුළින්ම මොස්තර නිරූපණ ශිලිපිනයක වූ ඇය මෙයට පෙර පන්ජාබ් චිත්‍රපටයක් වූ ‛ග්වේලියර්’ , ‛හිම්මාත් සිංග්’ සහ ‛මේරේ යාර් කාමිනී’, ‛යාර් අනුමුලේ’ වැනි පන්ජාබ් චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. 


නමුත් ශ්‍රී ගෞතම සම්බුද්ධ ඇගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනයයි. මෙයට අමතරව ඇයට ඉන්දීය සිනමාවේ පතාක යෝධයන් වන රිතික් රෝෂන් සහ සහිඩ් කපූර් සමඟ වෙළෙඳ දැන්වීම සඳහා පෙනී සිටින්නටත් අවස්ථාව ලැබී තියෙනවා. ඊට අමතරව බිපාෂා බාසු සහ අසීන් සමගත් ඇය වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටියා. 

මගේ විශ්වාසය ඉහළ නංවාගන්න ඉන්දීය රූ රැජින තරගය ලොකු පිටිවහළක් වුණා. අයිශ්වර්යා රායි, සුස්මිතා සෙන් ආදී රංගන ශිල්පිනියන් අද මේ තත්වයෙන් බැබලෙන්නේ ඔවුන් ද රූ රැජින තරගවලින් පැමිණි අය නිසා කියලයි මම හිතන්නේ.” 

ඇය ජර්මනියේ පැවැත්වූ හොඳම මෝස්තර නිරූපණ ශිල්පිනියන් තේරූමේ තරගයකට ද 2008 වසරේදී සහභාගී වී තිබෙනවා. එහිදී ඇයට ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනයන් අතර 15 වැනි තැන ලබාගන්නට හැකි වුණා. කෙසේ නමුත් ඇයගේ බලාපොරොත්තුව බොලිවුඩ් හි ස්ථාවර වී රංගන ශිල්පිනියක් විදියට තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමයි. 

මේ ටෙලි නාට්‍යයෙන් පස්සේ මා ගැන බොහෝ දෙනෙක් කතා කරයි කියලා මම හිතනවා. මට ඕන ඒ මාර්ගයේම ඉදිරියට යන්න.” ඇය එසේ පවසනවා. 

ඇය මෙහි රඟපෑමෙන් අනතුරුව ලෝකයේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ සංවිධාන 25කින් පමණ ඇයගේ රංගනය පසසා ලිපි ලැබී තිබෙනවා. ඇය මීට පෙර චිත්‍රපටවල සහ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියත් බොහෝ දෙනෙක් ඇය හඳුනාගත්තේ ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍යයෙන්. දැන් අය ගැන මිනිස්සු බොහෝ දේ දන්නා නිසා ඇය රංගනයෙන් දායක වූ ‛හිම්මාත් සින්’ චිත්‍රපටයත් කතා බහට ලක්වෙයි කියා ඇය සිතනවා. 

දිනකට ආහාර වේල් හතරක් ලබාගන්නට හුරුපුරුදුව සිටින ඇය පවසන්නේ කුඩා ආහාර වේල් කිහිපයක් ගැනීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවයි. යෝග ව්‍යයාම කරන ඇය වැඩිපුර ජලය පානය කරන්නටත් හුරු පුරුදුව සිටිනවා. දිදුලන සමත් සඳහා හොඳින් ජලය පානය කළ යුතු බවයි ඇය පවසන්නේ. පහසුයි කියා ඇයට සිතෙන ඇඳුම් අඳින්නට කැමති ඇය නව විලාසිතා පසුපස යාමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. 

තමන්ගේ ජීවිතයේ ඉළක්කයන් ගැන අඩුම තරමේ දවසට එක් වරක්වක් හිතන්න පුරුදු වෙන්න. එය ළඟා කරගැනීමට කළ හැකි හැම දෙයක්ම කරන්න. ඒ ඉළක්ක ළඟාවන තුරු ඉවසීමෙන් කටයුතු කරන්න.” 

මේ තමයි ඇයගේ ආදර්ශ පාඨය. ඇය එය පවසන්නේ අනුනට නොව තමන්ටමයි. නමුත් එය ඕනෑම නෛකුට අදාළ කරගන්නට හැකි කතාවක්. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න