‛සාස්තරේ සාස්තරේ’ කියලා කෑගහගෙන අහිගුණ්ඨික ගැහැනු එනකොට
ඉස්සර නම් අපේ ගම්වල මිනිස්සු අත පෙන්වලා සාස්.රයක් අහන අවස්ථා තිබුණා. මේ ගැහැනු
කිව්ව දේවල් ඇත්ත් වුණත් බොරු වුණත් ඒක හරිම විනෝදජනක අවස්ථාවක් වුණා. අහිගුණ්ඨික
ගැහැනු මේ විදියට සාස්තර කියන්නේ කිසිම
පදනමකින් නොවුණත්, අත බලා සාස්තර
කීමේ සම්මත ක්‍රමයක් ලෝකයේ තියෙනවා. එය හඳුන්වන්නේ ‛සාමුද්‍රික සාස්ත්‍රය’ කියලයි. අපේ අතේ වැටුණු රේඛා විශ්ලේෂණය කිරීමෙන් තමයි මේ
විදිහට සාස්තර කියන්නේ. නමුත් මේ සාස්ත්‍ර කීමේ ද විද්‍යාත්මක බවක් පෙනෙන්නට නැහැ.
කෙසේ නමුත් අත බලා හරියටම සාස්ත්‍ර කියන්න පුලුවන් ක්‍රමයක් ගැන පොඩි ඉඟියක් මේ
ළඟදි හදිසියේම දැනගන්න ලැබුණා. යම්කිසි පුද්ගලයකුගේ ජීවිතය ගැන සර්ව සම්පූර්ණ
විසිතරයක් සමහර විට මේ ක්‍රමයෙන් කියැවෙන්නනේ නැති වෙන්න පුලුවන්. මේ ක්‍රමය ගැන
අවබෝධයක් තියෙන බුද්ධිමත් කෙනෙකුට මෙයින් සෑහෙන ප්‍රයෝජනයක් ගන්නත් පුලුවන් වෙයි.
හැබැයි මේක ගැන සඳහන් කරලා තියෙන්නේ
තියෙන්නේ නම් සාස්ත්‍ර කියන්න නෙවෙයි. අපට මේ ගැන කියන්නේ වෙන කවුරුවත්
නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය.
ලෝක සෞඛ්‍ය
සංවිධානයේ වේබ් අඩවියේ ‛රැකියාවේ සෞඛ්‍ය
සම්පන්නභාවය සහ ආරක්ෂාව ’ කියන එක යටතේ
තමයි මේ ගැන සඳහන් කරලා තිබුණේ. විවිධ රැකියාවන්ගේ නිරතවන විට අපේ අත්ලේ ඇතිවන
නොයෙක් ආකාරයේ ලප කැළල් හෝ රැකියාව නිසා ඇතිවන තුවාළ කැළල් (Occupational stigma or occupational marks ) ගැන තමයි මෙයින් කියැවෙන්නේ. මෙවැනි ලප කැළල් යාන්ත්‍රික, රසායනික හෝ දිගු කාරෑයක් තිස්සේ තාපයට
නතුවෙමින් පැවතීම නිසා මෙවැනි ලප කැළල් අතිවන්නට පුලුවන්. මේවායේ ඇති විශේෂත්වය
තමයි යම්කිසි පුද්ගලයෙක් කරන රැකියාවට අනුව සේ ළප කැළැල් ද වෙනස් වීමයි. මෙසේ ලප
කැලැල් ඇතිවන්නේ සිය අත මගින් කරන විවිධ ක්‍රියාවන් නිසා එහි උඩුසම නිතර සීරි යාම, බිඳී යාම වැනි දේ නිසයි. කොහොම වුණත්
පුරුද්දක් විදියට යම් යම් ක්‍රියාවන් කිරීමේදී මෙසේ සම බිඳී නොයන සේ සිරුර විසින්
යම් ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. බර වැඩ කරන අයගේ අතේ කරගැට ඇවිත් ටික දවසකින්
ඒවා තද ස්වභාවයකට පත්වෙන්නේ ඒ නිසයි. ඒ විදියට තද ස්වභාවයකට පත් වුණාම නැවතත් සම
මතුපිට බිඳී යාමකට ලක්වෙන්නේ නැහැ.
දැන් අපි
ආයෙත් මාතෘකාවට එමු. අපි කතා කළේ අත බලා, හරියටම සාස්තර කියන ක්‍රමයක් ගැනයි. විවිධ රැකියාවල නිරත
වෙලා ඉන්න පුද්ගලයන්ගේ අත්ලේ සිදුවන මේ වෙනස්කම් ගැන පර්යේෂණයක් පවත්වනු ලැබුවා.
එහිදී පැහැදිලි වුණේ එක සමාන රැකියාවල නිරත වන අයගේ අතේ මතුවන මෙවැනි ලප කැළල් එක
හා සමාන බවයි. අපි බර වැඩ කරන අය ගැන විතරක්ම නෙවෙයි වඩා සංවේදී රැකියා කරන අය ගැන
හොයලා බලමු. අපි වයලීන් වාදන ශිල්පියෙක් ගැන හිතමු. ඔහු තත් අල්ලන්නේ ඇඟිලිවලින්.
කාලයක් තිස්සේ මෙසේ තත් අල්ලන කොට ඇඟිලි තුඩු කෙළවර ඝනවීමකට ලක්වෙනවා. ඒ වගේ
කෙනෙකුගේ ඇඟිලි තුඩු කෙළවර ස්පර්ශ කොට බැලුවොත් මේ බව සොයා ගන්නට පුලුවන්.
ඔබ නොදන්නා
පුද්ගලයකුගේ ඇඟිලි තුඩු අග මේ වගේ ඝනවී ඇති බවක් දැනුනොත් ඔබට නිකමට වගේ අහන්න
පුලුවන් ඔහු වාදන ශිලිප්යෙකු කියලා. අත බලා හරියටම සාස්ත්‍ර කියනවා කිව්වේ ඒකටයි.
දැන් මේ
පිටුවේ තියෙන රූප සටහන දිහා බලන්න. එහි අත්වර්ග 10ක් තියෙනවා. ඒවායේ නොයෙක් විදියේ
ලප කැලැල් තියෙනවා. මේ එකිනෙකට වෙනස් රැකියා කරන 10 දෙනෙකුගේ අත්. අපි බලමු ඒවා
මොනවාද කියලා. a අකුරින් පෙනවන අත දිහා බලන්න. අතේ උඩ තියෙන්නේ පොඩි තුවාලයක් වගේ කැළලක්
මේ වගේ කැළැලක් ඇතිවෙන්නේ ක්‍රෝමියම් හෝ එහි සංයෝග සමඟ නිතර වැඩ කරන අයගේ අත්වලයි.
b අකුරින් පෙන්වන්නේ කම්මල්කරුවකුගේ අතක්. c අකුරින් පෙන්වන්නේ ලී මෝලක වැඩ කරන කම්කරුවකුගේ
අතක්. d අකුරින් පෙන්වන් අත
අයිති ගල්වලින් වැඩ කරන කෙනෙකුට. ඒ කියන්නේ ගල්වලන් කැටයම් කරන, ගල්වලින් තාප්ප බඳින වගේ වැඩ කරන කෙනෙකුටයි.
මේසන් බාසුන්නැහැ කෙනෙකුට අයිති අතක් තමයි e අකුරෙන් පෙන්වන්නේ. මාර්බල්වලින් විවිධ වැඩකටයුතු කරන
කෙනෙකුට තමයි f අකුරෙන් පෙන්වන අත අයිති. රසායනාගාරවල වැඩ
කටයුතු කරන අයගේ අත් නිතරම විවිධ රසායන ද්‍රව්‍යවල ස්පර්ශ වෙනවා. එහෙම වුණාම අනෙක්
අයට වඩා වෙනස් විදියේ ලප කැළැල් ඇති වෙන්න පුලුවන්. g අකුරෙන් පෙන්වන්නේ එහෙම කෙනෙකුගේ අත්ලක්
තමයි. h අකුරින් පෙන්වන්නේ
ඉටිවලින් වැඩකරන කෙනෙකුගේ අතක්. මුද්‍රණ කටයුතු කියන්නේ මේ සියල්ලටම වඩා වෙනස්
ක්ෂේත්‍රයක්. මුද්‍රණ යන්ත්‍ර ආශ්‍රිතව වැඩකරන කොටත් අත්වල විවිධාකාරයේ ලපකැළැල්
ඇතිවෙන්න පුලුවන්. i අකුරෙන්
පෙන්වන්නේ එහෙම කෙනෙකුගේ අතක්. මුළින් සඳහන් කළ ආකාරයේ වයලීන් වාදකයකුගේ අත්ලක්
ඔබට j අකුරින් පෙන්වන පින්තූරයෙන්
බලාගන්න පුලුවන්.
අතක් තියෙන මේ
වගේ ලක්ෂණ හොඳින් හොයා බැලුවොත් ඕන කෙනෙකුට හරියටම අත බලා සාස්තර කියන්න පුලුවන්
කියලා මේ ලිපිය පටන්ගන්න කොටම සඳහන් කළා ඔබට මතක ඇති. මේ වගේ ලක්ෂණ ගැන අධ්‍යයනය
කළොත් යම්කිසි පුද්ගලයෙක් කරන රැකියාව පහසුවෙන්ම සොයාගන්න පුලුවන්. ඒ ඒ රැකියාවල
නිරත වෙලා ඉන්න අයගේ පොදු ගැටලු, ජීවන චර්යා
පිළිබඳ උනන්දු වුණොත් ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත ගැන තව තොරතුරු පවසන්න පුලුවන්.
යම්කිසි කෙනෙක් අත බලා සාස්තර කියන සාම්පදායික ක්‍රමය, ඒ කියන්නේ ‛සාමුද්‍රික සාස්ත්‍රය’ ගැන යම් අවබෝධයකින් සිටිනවා නම් මේ වගේ භෞතිකව පෙනෙන්නට
තිබෙන ලක්ෂණ උපයෝගී කරගෙන වරදින්නේ නැති සාස්තරයක් කියන්න පුලුවන්.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න