පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 5, 2013

Countries with beautiful women - ලොව සුන්දරතම කාන්තාවන් සිටින රටවල් දහය




ලෝකයේ විවිධ රටවල් විවිධ දෙයට ප්‍රසිද්ධය. ඇතැම් රටවල ඔවුන්ගේ දීර්ඝ ඉතිහාසය නිසාම ලෝක ප්‍රසිද්ධ වී තිබේ. ඇතැම් රටවල් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ක්‍රීඩාවන් හෝ ක්‍රිඩකයන් නිසාය. ඇතැම් රටවල් සොබා සෞන්දර්යය අතින් අනූන බැවින් එය කරා බොහෝ පිරිස් ඇදී එති. කෙටියෙන් පවසතොත් ලෝකයේ සෑම රටකටම පාහේ සිය අනන්‍යතාව නිසා ලෝකයේ විශේෂ තැනක් ලබාගන්නට හැකියාව ලැබී තිබේ. දැන් අප කතා කරන්නට යන්නේ ද ලෝකයේ ඇතැම් රටවල් ප්‍රසිද්ධියට පත්ව ඇති තවත එක් දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවන්ය. සුන්දර කාන්තාවන්ය. කාන්තාව යනු සුන්දර වස්තුවක් බව සැබෑ මුත් ඒ සුන්දර එකිනෙකාගෙන් වෙනස් වේ. අතිශය සුන්දර කාන්තාවන් මේ අතුරින් සුවිශේෂීය. ලෝකයේ සෑම රටකම අතිශය සුන්දර කාන්තාවන් සිටිනා බැව් සැබෑ මුත් ඇතැම් රටවල එය සුවිශේෂී ලෙසම අන් රටවලට වඩා ඉහළ තැනක වැජඹෙයි. 

ලෝකයේ සංචාරක කර්මාන්තය තුළ ඉතා සුප්‍රකට සඟරාවක් වන ට්‍රුවලර්ස් ඩයිජෙස්ට් ලෝකයේ සුන්දරතම කාන්තාවන් සිටිනා රටවල් මොනවාදැයි සොයා බැලුවේය. මෙහිදී ඔවුන් රටවල් 10ක් විවිධ සමීක්ෂණ අතරන් තෝරා ගත්තේය. අප දැන් කතා කරන්නට යන්නේ මෙසේ තෝරාගත් ලෝකයේ සුන්දර කාන්තාන් සිටිනා රටවල් 10 පිළිබඳවය. 

ට්‍රුවලර්ස් ඩයිජෙස් සඟරාව ලෝකයේ සුන්දරතම කාන්තාවන් සිටිනා රට කුමක්දැයි තෝරාගන්නට යොදාගෙන තිබුණේ ඔවුන්ගේ බාහිර ස්වරූපය පමණක්ම නොවේ. මේ සඳහා ඔවුහු කාන්තාවන් තුළ පවත්නා උසස් ගුණාංගයන්, පිරිමින් හා කාන්තාවන් අතර අනුපාතය හා සමාජශීලි ස්වභාවය ද මෙහිදී සැළකිල්ලට ගනු ලැබිණි. මෙම රටවල් සඳහා අංක යොදා ඇත්තේ කාන්තාවන්ගේ සුන්දරත්වයේ පිළිවෙලට නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. 

1. කැනඩාව 
කැනඩාවේ මොන්ට්‍රියල් නුවර අතිශය සුන්දර කාන්තාවන්ගේ පිරී ඇති බැව් කියැවේ. කැනඩාව යනු බොහෝ සරසවි සහ අධ්‍යයන ආයතනවලින් සපිරි රටක් මෙන්ම විලාසිතා කරන්නට ප්‍රිය කරන්නාවූ කාන්තාවන් ද බොහොමයක් දක්නට ලැබේ. 

2. ඉන්දියාව 
අනෙකුත් ජාතීන් අතරින් සොයාගත නොහැකි අන්දමේ සුන්දරක්වයක් හා අනුරාගී බවක් ඉන්දියානු කාන්තාවන් අතර පවතින බැව් පැවසේ. බහු සංස්කෘතික රටක් වූ මෙය අවස්ථා කිහිබයකදීම ලෝක රූ රැජින ද බිහි කළාය. ඒ අතරින් අයිස්වර්යා රායි අයෙකි. ඇය රූ රැජින බවට පත්වී සෑහෙන කලක් ගතවුවද තවමත් මිනිසුන්ගේ ආදරය නොඅඩුව දිනාගන්නට ඇය සමත්වී තිබේ. ඉන්දීය උප මහාද්වීපයේ වැඩි වශයෙන්ම සුන්දර කාන්තාවන සිටින්නේ අයවලුන් බැව් පැවසේ. 

3. ඩෙන්මාර්ක් 
යම් කිසිවකු ඩෙන්මාර්ක් කරා ගමන් කරන්නට ඇදහස් කොය තිබේ නම් රූමත් කාන්තාවන් දකින්නට ඇති බලාපොරොත්තු කිසිදා කඩ නොකරන බැව් ට්‍රුවලර්ස් ඩයිජෙසට් සඟරාව පවසයි. ලස්සන හිසකේ, නිල්වන් ඇස් ඇති කාන්තාවන් සිටින ඩෙන්මාර්කය තුළ දකින්නට වෙනත් සුන්දරත්වයක් කුමකට ද කියා එම සඟරාව අසයි. 

4. කොලොම්බියාව 
කොලොම්බියාවේ කාන්තාවන් අනෙකුත් රටවල කාන්තාවන්ට වඩා ආඩම්බර බැව් පැවසේ. මෙහි තරුණියන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව මෝස්තර නිරූපනය යැයි සඳහන්ය. ඔවුන්ගේ අසල්වැසි රට වන වෙනිසියුලාව ලොවට ලෝක රූ රැජනක් බිහි කළද සාමාන්‍ය මිනිසුන් අතර රූමත් තරුණියන් වැඩි සංඛ්‍යාවක් සිටීම අතින් කොලොම්බියාව හමුවේ වෙනිසියුලාව පරදින බැව් පෙනේ. ඔවුන් වෙනිසියුලානු තරුණියක්ට වඩා අනුරාගීය. 

5. දකුණු කොරියාව 
මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති දෙවැනි ආසියානු රට වන්නේ දකුණු අප්‍රිකාවය. ආසියාවේ වඩාත්ම සිත් ඇදගන්නා කාන්තාවන් සිටින්නේ දකුණු කොරියාවේ බැව් පැවසේ. කොරියානු චිත්‍රපට හා ටෙලි නාට්‍ය අනෙකුත් ආසියානු රටවල වඩවඩාත් ජනප්‍රියත්වට පත්ව ඇත්තේ මේ නිසා බැව් බීබීසී ආයතනය කළ සමීක්ෂණයකින් ද හෙළිවී ඇතැයි පැවසේ. 

6. බල්ගේරියාව 
මත්ද්‍රව්‍යවලට එරෙහි නීති නොමැති රටක් ලෙස බල්ගේරියාව සැළකේ. ලොක්යේ සුන්දරතම වෙරළ තීර ඇත්තේ ද මෙහි බැව් ට්‍රවලර්ස් ඩයිජස්ට සඟරව පවසයි. එමෙන්ම වඩාත් සුන්දර කාන්තාවන් පිළිබඳ පැවසිය හැක්කේ ද එයමය. මලානික් ස්වරූපයේ සමක්, තද කොණ්ඩයක් සහ දප්තිමත් නිල්පැහැ දෙනෙක් ඇති ඔවුන් ඉතා සුන්දර කාන්තාවන් බැව් පැවසේ. 

7. රුසියාව 
ලෝකයේ සුන්දර කාන්තාවන්ට ප්‍රසිද්ධ තවත රටක් වන්නේ රුසියාවය. ඇමරිකාවේ සිටිනා සියලුම සුන්දර කාන්තාවන්ට වඩා සිත් ඇදගන්න සුළු කානත්ාවන් රුසියාවේ උමං දුම්රිය මාර්ග තුළින් පමණක් සොයාගත හැකි බැව් පැවසේ. අනෙක් රුසියානු තරුණියන්ගේ මිත්‍රශීලීබව වඩාත් ඉහළ ප්‍රතිශතයක පවතී. මෙය මොස්කව් සිට කිමී 4000ක් එපිටින් පිහිටා සයිබීරියාව දක්වා කිසිදු වෙනසක් නැත. 

8. යුක්රේන් 
සාර්ථකතම විවාහක කාන්තාවන් සිටිනා රටක් වශයෙන් යුක්රේනය ඉහළ තැනක පසුවෙයි. අනෙක් ඔවුන්ට වඩාත් ආකර්ෂණීයතම ඇඳුම් පැළඳුම් පිළිබඳවද ඇත්තේ පුදුමාකාර ඉවකි. අනෙක ශරීර සෞඛ්‍යය අතින් ද යුක්රේන කාන්තාවන් ඉදිරියෙන් පසුවෙයි. 

9. ආර්ජන්ටිනාව 
ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර දී හමුවන සෑම කාන්තාවන් තිදෙනකුගේනම එක් අයෙක් මෝස්තර නිරූපණයට හැම අතින්ම සුදුසු බැව් පැවසේ. දකුණු ඇමරිකාවේ පමණක් නොව සමස්ථ බටහිර අර්ධගෝලයෙන්ම සුන්දර කාන්තාවන් සිටින්නේ මෙහිය. ප්‍රෙමනීය සංස්කෘතිය තුළ විලාසිතා නිර්මාණය පිළිබඳ තියුණු ඉවක් ඔවුන් තුළ පැවතීම මීට හේතුව යැයි පැවසේ. අනෙක් ආර්ජන්ටිනා කාන්තාවන්ගේ උස හා සමෙහි ඇති අලංකාරත්වය ද මෙයට හේතුවක් වන්නට ඇත. 

10. ස්වීඩනය 
ස්වීඩනයේ තරුණියන්ගේ සුන්දරත්වය පිළිබඳ කතා කරනා විට පැහැදිලිවම සඳහන් කළ හැකි දෙයක් වන්නේ එහි සාමාන්‍ය වෙළෙඳ සේවිකාවක පවා සුපිරි මට්ටමේ මෝස්කර නිරූපිකාවකගේ තත්වයේ පවතින බවය. ස්වීඩන් කාන්තාවන් උසය. සුන්දර හිසකේ තිබේ. නිල්වන් දෑස් වශීකරවන සුළුය. අනෙක් බහුතරයක් ඉහළ අධ්‍යාපනයක් ලැබූවන්ය. ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම් හි මෙවැනි තරුණියන්ගේ පිරී පවතී. 



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න