පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, September 25, 2014

සාපේක්ෂත්වය - relativity



හැමදාම උදේට මරදානෙන් කෝච්චියෙන් බහින කොට 7.40 විතරවත් වෙනවානේ. ඉක්මණට යන්න ඕන නිසා පාලමෙන් පැනලා දුවනවා පාර පැනලා බස් එකකට ගොඩවෙන්න. පාර පනින තැන පොලිස් රාළහාමි වාහන යවලා යවලා ඔන්න අපට යන්න වාහන නවත්වනවා. අපි පාර පැනලා ඉවරවෙන්නත් කලින් වාහන කාරයෝ යන්න පුදුම දැඟළිල්ලක් දඟලන්නේ. ඔන්න මට මෙහෙම හිතෙනවා. 

“මුන් නම් මහ කාලකන්නි ජාතියක්. ජීවිතේට පයින් යන මනුස්සයෙක්ගේ අමාරුවක් දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් පාර පැනලා ඉවර වෙනකල් මුන්ට ඉවසන්න බැරි හැටි. මුන්ට නම් හොඳක් සිද්ද වෙන්න එපා. ටයර් එකේ පැච් එකක්වත් පළයන්! ඇංජිම කැඩියන්!” 

මෙහෙම හිතින් බැන බැන ගිහින් බස් එකකට නගිනවා. ඔන්න බස් එක යන්න පටන් ගන්නවා. මෙන්න එක පාරට බස් එක නතර වෙනවා. මොකද මේ? අයියෝ කහ ඉරක් නේ. ගෑනු මිනිස්සු තොගයක් පාර පනිනවා. ඔන්න මට ආයෙත් මෙහෙම හිතෙනවා. 

“යකෝ මුන් පාර පනින්නත් මේ වෙලාවෙම ආවනේ. ඉක්මණට පාර පනින්නෙත් නැහැ. ගමේ යනවා වගේ යන්නේ. බස් එකක වැඩට යන මිනිහෙක්ගේ අමාරුවක් දැනෙන්නේ නැති හැටි. මුන්ට නම් මොකද ඉතිං ඔහේ පාර දිගේ කයිය ගහගෙන යයි. බස් එක ඉක්මණට ගියේ නැත්නම් රතු ඉර වදින්නේ අපට කියලා මුන්ට දැනෙන්නේ නැති හැටි.” 

2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න