පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 1, 2014

සයිනජන්මොඩ් කියන්නේ මොකක්ද? - What is CyanogenMod


සයිනජන්මොඩ්’ (CyanogenMod) කියන්නේ Custom Rom ගැන උනන්දුවෙන ඕනෑම කෙනෙක් දන්න චවනයක්. මේ නමින් හඳුන්වන්නේ ඇන්ඩ්‍රොයිඩ්මෙහෙයුම් පද්ධතිය හැරුණාම ලෝකයේ ජංගම දුරකතන පරිශීලකයන් අතර ජනප්‍රිය තවත් මෙහෙයුම් පද්ධතියක්. වෙනම නමකින් හැඳින්වුවත්, මෙය පදනම් වෙලා තියෙන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මතම තමයි. ගූගල් සමාගමින් නිකුත් කරන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයේ මුල් පිටපත නොයෙක් විදියේ වෙනස්කම්වලට භාජනය කිරීමෙන් තමයි සයිනජන්මොඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නේ. 


සාමාන්‍යයෙන් දැනට වෙළෙඳ පලේ අළෙවියට ඇති ජංගම දුරකතනවල සයිනජන්මොඩ් පද්ධතිය අඩංගුවන්නේ නැහැ. යම්කිසි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කළාට පස්සේ එහි ඇති අඩුපාඩු ගැන විවිධ දෙනා විවිධ අදහස් දක්වනවා. ඒ විදිහයට ලැබෙන අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් දුරකතන පරිශීලකයාට වඩාත් කාර්යක්ෂම සේවයක් ඉටු කරන්නට නිර්මාණය කෙරුණු මෙහෙයුම් පද්ධතියක් හැටියටයි මේ ගැන සඳහන් කළ හැක්කේ. නමුත් මෙය මුදල් දී ලබාගත යුතු දෙයක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් www.cyanogenmod.org වෙතින් මෙහි සංස්කරණ බාගත කරගන්න පුලුවන්. ඒ හැරුනාම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගැන කතා බහ කෙරෙන විවිධ ෆෝරමවලිනුත් මෙය ලබාගන්නට පුලුවන්. කොරියානු, චීන, වියට්නාම් හා කාම්බෝජ ජංගම දුරකතන වෙබ් අඩවිවලිනුත් මෙය බාගත කරන්න පුලුවන්. නමුත් තමන්ගේ ජංගම දුරකතනයට ගැළපෙන සංස්කරණයක් හොයාගන්න සැළකිලිමත් වෙන්න ඕන. 2014 ජුනි වෙනකොට විවිධ සංස්කරණවලින් යුක්ත සයිජන්මොඩ් මෙහෙයුම් පද්ධති පරිශීලකයන් ලොව පුරාම මිලියන 12කටත් වඩා ඉන්න බවයි දැනගන්නට ලැබෙන්නේ. ඉදිරියේදී මේ ප්‍රමාණය තවත් වැඩි වේවි. 


සයිනජන්මොඩ් ව්‍යාපෘතියේ ආරම්භක ස්ටීව් කොන්ඩික් විසින් මෙයට ඇති ඉල්ලුම නිසාම සයිනජන්මොඩ් සංස්ථාපිත ආයතනය පිහිටෙව්වා. 


ජංගම දුරකතන පරිශීලකයන් අතර නිතර භාවිත වන Custom ROM  බොහොමයක් නිර්මාණය කරන්නෙත් සයිනජන්මොඩ් මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගෙනයි. ඒ නිසයි Custom ROM  ගැන උනන්දුවක් දක්වන අය මේ ගැන දන්නවා කියා කිව්වේ. නමුත් සයිනජන්මොඩ් නොමැති Custom ROM නැතිවාම නෙවෙයි. චීනයේ Xiaomi ජංගම දුරකතන සමාගම මගින් ලබාදෙන MIUI Custom ROM එක සයිනජන්මොඩ් වලට සෘජු සම්බන්ධයක් නැහැ. ඒ හැරුනාම Cyanfox, OmniROM, Paranoid Android, Revolt, Beanstalk වගේ තව බොහෝ ROM තියෙනවා සයිනජන්මොඩ්වලට සමබන්ධයක් නැති.

MIUI ROM එකේ සයිනජන්මොඩ් ගැන සදහනක් නැහැ
 
MIUI ROM එකේ සයිනජන්මොඩ් ගැන සදහනක් නැහැ



පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා නිල වශයෙන් යවත්කාලීනයන් නොදෙන විට (උදා. සැම්සුන් ගැලැක්සි එනිකෝල් වැනි) සයිජන්මොඩ් ඔස්සේ කිට්කැට් දක්වා (දැනට කිට්කැට් දක්වා යවත්කාලීනයන් තිබෙනවා. ලොලිපොප් වෙනුවෙනුත් Custom Rom  නිකුත් කර තිබුණත් ඒවා බාගත කරගැනීමේ ගැටලු පවතිනවා) නිල නොලත් යවත්කාලීනයන් ලබාගන්න පුලුවන්. මේ කස්ටම් රොම්වල විවිධ අඩුපාඩු තිබුණත්, නිල වශයෙන් ජංගම දුරකතනය සමග ලැබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂම බවයි කිව යුත්තේ. 


කොහොම වුණත් සයිනජන්මොඩ් සමාගම චීන සමාගමක් සමග එකතුව මේ මෙහෙයුම් පද්ධතිය සහිතව ඔප්පො’ (Oppo) නමින් දුරකතනයක් වෙළෙද පළට නිකුත්කොට තිබෙනවා. ඒ වගේම මයික්‍රොමැක්ස් සමාගම සමගත් ඔවුන් සම්බන්ධවන්නට සූදානම්වන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ලෝකයේ සුප්‍රකට ස්මාර්ට් දුරකතන සමාගම් වන සැම්සුන්ග්, එච්.ටී.සී., මෝටරෝලා, ඇපල් හා මයික්‍රොසොෆ්ට් වැනි ආයතන සයිනජෙන්මොඩ් සමාගම මිලදී ගැනීමට පෙළ ගැසී සිටින බවත් ආරංචියි.

එ් ගැන මෙතැනින් කියවන්න 

සම්බන්ධිත ලිපි

1. ගැලැක්සි Anycall  M110S දුරකතනයට සයිනජන්මොඩ් 11 සංස්කරණය ස්ථාපනය කරන හැටි 

2. ගැලැක්සි Anycall M110S දුරකතනයට සයිනජන්මොඩ් 7 සංස්කරණය ස්ථාපනය කරන හැටි



Updates නැති ඔබේ Android දුරකථනයට මෙන්න විසඳුම

Updates නැති ඔබේ Android දුරකථනයට මෙන්න විසඳුම

Updates නැති ඔබේ Android දුරකථනයට මෙන්න විසඳුම


 

2 comments:

  1. වටිනා ලිපියක් කාගේත් අවදානයට ලක් නොවී ඇති හැඩයි.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව විදිහට මම දකින්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිත කරන අය බොහෝ හිටියත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කස්ටම් රොම් ආදිය ගැන එක්කෝ දන්නේ නැහැ. නැත්නම් උනන්දුවක් නැහැ. අනෙක තමන්ගේ දුරකතනය අවදානමක හෙළමින් කස්ටම් රොම් දාන්න වැඩි දෙනෙක් ඉදිරිපත්වෙන්නෙත් නැහැ. කොහොම වුණත් ඔබේ අදහසට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න