පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, February 1, 2015

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ




කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ
කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ 

මේක ජන කවියක්. මේ ගැන කියන්න හොඳම කාලය තමයි මේ. 

රජයක් අවසන් වෙලා අලුත් රජයක් පත්වෙලා තව වැඩි දවසක් නැහැ. රජයක් වෙනස් වෙනවා කියන්නේ බලයේ වෙනස්වීමක් ද සිදුවෙනවා කියන එකයි. පසුගිය රජය කාලේ හිටපු ජනපතිවරයාගේ සිට ඇමතිලා සහ මන්ත්‍රීවරයා දක්වා සියලු දෙනාගේම බලය පහළ ගිහින් තියෙනවා. ජනපතිවරයාගේ බලය පහළ යනකොට ඔහු වටා සිටි ඇමතිවරුන්ගේ බලය පහළ යනවා. ඒ ඇමති වටේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බලය පහළ යනවා. ඒ මන්ත්‍රීවරුන්ගේ හෙංචයියලාගේ බලයත් පහළ යනවා. 

ඒ වගේම අලුත් ජනපතිවරයා සහ අගමැතිවරයාගේ බලය ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා අලුත් ඇමතිවරු පත්වෙලා ඉන්නවා. ඔවුන්ගේ බලය දැන් වැඩියි. දැනට මාසෙකට විතර කලින් ඔවුන්ට ලොකු බලයක් තිබුණේ නැහැ. දැන් ඔවුන් වටා ඉන්න අයගේ බලය ද ඉහළ ගිහින් තියෙනවා. 

මේක තමයි ලෝකයේ හැමදාම, හැමතැනම සිද්ද වුණේ. ඉදිරියේදී සිද්ද වෙන්නෙත් ඒකම තමයි. 

මේ ජනකවිය අපට මතක් කර දෙන්නෙත් ඒ ධර්මතාවයම තමයි. අපි බලමු දැන් ඒ කවියෙන් කියැවෙන්නේ මොකකද් කියලා. 

කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ 

ඒ කියන්නේ කැලණි ගඟ ගංවතුර වැනි තත්වයන් නිසා නිතරම වතුර පිටාර මට්ටමේ තියෙන්නේ. ඇතැම් වෙලාවට පිටාර යනවා. 

කෙටල පටානෝ නිතර උඩයට යානෝ 

ගංගාවල කෙටල ගස් තියෙනවා. කැලණි ගඟෙත් තියෙනවා. ‛කෙටල පටානෝ’ කියන්නේ කෙටල කොලවලට. කැලණි ගඟේ වතුර මට්ටම ඉහළ යනකොට කෙටල කොල ඉහළ යනවා. වතුර පහළ යන කාලෙට කෙටල කොල පහළ යනවා. 

ප්‍රබලයා (කැලණි ගඟ) ඉහළ යනකොට ඒ අවට සිටින දුබලයාගේ (කෙටල) බලය ද ඉහළ යනවා. 

ප්‍රබලයාගේ බලය පහළ යනකොට දුබලයාගේ බලයත් පහළ යනවා.
අපි හැමදාම දකින්නේ මේ ධර්මතාවය තමයි. 


මේ ගැන තවත් අදහසක්

6 comments:

  1. හම් හැමදාම වගේ ලියපු එකක් නෙවෙයි. මේක දෙබිඩි අරුතක් තියන ලිපියක් වගේ. කොහොම උනත් ඔයා හරි. දේශපාලුවෝ එක පැත්තකත ජහමනයා තව පැත්තක. ඔන්න ඕකයි දේශපාලනේ හැමදාම අරුත උනේ.

    තීරණයක් ගන්න ගොඩක් හදිසි වෙන්නත් හොද නෑ. (පරක්කු වෙන්නත් හොදනෑ) ඒත් මොනදේ තීරණය කරන්නෙත් කාලය. අපි ඒකට ඉඩක් දීලා බලන් ඉමු.

    ReplyDelete
    Replies
    1. හැමදාම සිද්ද වෙන්නේ මේක තමයි. මොන විදිහේ පාලනයක් ආවත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ.

      Delete
  2. දැන් නම් වෙන්නේ කෙටල පටානෝ වෙන ගඟකට සෙට් වෙලා හරි උඩ යන එක..! :D
    නොදත් දේක තේරුමක් ලිව්ව එකට ස්තූතියි..

    ReplyDelete
  3. Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න