පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, December 26, 2015

ඔබාමා ඇමරිකාව විනාශ කරයි! - Obama will destroy USA!


එළැඹෙන්නට නියමිත 2016 වසර අප බොහෝ දෙනෙක් සිතනවාට වඩා වෙනස් වසරකි. ඔබට මිනිත්තු කිහිපයක් මිඩංගු කොට බැලුවහොත්  1 - 9 දක්වා ඇති මූලික සංඛ්‍යාවලින් 5 හැරුණු විට අනෙක් සියලුම සංඛ්‍යාවලින් 2016 බෙදෙන බව පෙනෙනු ඇත. 4 න් ද බෙදෛන නිසා එය අධික අවුරුද්දක් ද වන්නේය. මේ අනුව ගණිතමය වශයෙන් ද විශේෂත්වයක් ඇති 2016 දේශපාලනමය වශයෙන් ගතහොත් කෙසේවත් සුබදායී වන්නේ නැත. එසේ පවසන්නට බොහෝ දෙනෙකු නොදන්නා හේතු දෙකක් තිබේ. පහත දැක්වෙන්නේ ඒවාය. 

1. මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරති
සිරියාව තුළින් දැවැන්ත මුස්ලිම් යුද්ධයක් පැන නැගේ. මුස්ලිමුන් විසින් යුරෝපය ආක්‍රමණය කරන්නට ඇති ඉඩ කඩ වැඩි අතර යුරෝපයේ අවසානය එළැඹේ. යුරෝපය විනාශවීමේ ක්‍රියාවලිය වසර ගණනාවක් පවතිනු ඇත. සමස්ථ මහාද්වීපයම නටබුන් වී මිනිසුන්ගෙන් තොර කලාපයක් බවට පත්වනු ඇත. 


2. බැරක් ඔබාමා ඇමෙරිකාව විනාශ කරයි
44 වැනි එක්සත් ජනපද ජනපතිවරයා වන බැරක් ඔබාමා විසින් ඇමෙරිකාව විනාශ කරනු ඇත. ඔහු ධුරයෙන් නික්ම යන්නේ ඇමරිකාව මහත් ආර්ථික අර්බුදයක ගිලා තබමිනි. බොහෝ දෙනෙක් ඔහු පිළිබඳ බලාපොරොත්තු ඇතිකරගෙන සිටියත් ඔහුගෙන් සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. වර්ෂ 1861 සහ 1865 යන කාලය අතුරතුරේ ඇමරිකාව තුළ පැවති සිවිල් යුද සමයට සමාන කාලයක් ඇමරිකාවට උදාවනවා ඇත. 


එළැඹෙන 2016 වසර මෙම සිදුවීම දෙක නිසාම  එය අප සිතන තරම් සුබදායක වන්නේ නැත. නමුත් පැවසිය යුතු එක් කරුණක් තිබේ. එය සුබදායක නොවන්නේ මේ පැවසූ කරුණු එසේම සිදුවන්නේ නම් පමණි. හේතුව මේවා හුදෙක් අනාවැකි පමණක් නිසාය. මෙසේ අනාවැකි පළකොට ඇත්තේ එවැනි දේ ලෝකය හමුවේ තැබූ සුප්‍රකට නොස්ට්‍රඩෑමුස් නම් නොවේ. මැය කාන්තාවකි. බල්ගේරියානු ජාතික ඇය නමින් ‛බාබා වැන්ගා’ය. ඇය ‛බල්ගේරියාවේ නොස්ට්‍රඩෑමුස්’ නමින් ද ප්‍රසිද්ධය. 




1911 ජනවාරි 31 වැනිදා ඉපිද 1996 අගෝස්තු 11 වැනිදා මිය ගිය බාබා වැන්ගාගේ උපන් නම වූයේ වැන්ගේලියා පැන්ඩේවා දිමිත්‍රෝවාය. විවාහයෙන් පසු ඇගේ නම වැන්ගේලියා ගුෂ්තෙරෝවා බවට පත් විය. ඇය බල්ගේරියාවේ පමණක් නොව ලොව පුරාම ප්‍රකටව ඇත්තේ අනාගතය දැකිය හැකි බලයකින් යුක්ත දිවැසිවරියක් ලෙසිනි. ඇය සතුව මිනිස් බුද්ධියට ගෝචර නොවූ හැකියාවක් ඇති බව ලෝකයේ බොහෝ දෙනෙකු තුළ පිළිගැනීමක්  තිබේ. උපතේදී සාමාන්‍ය දැරියකව සිටිය ද  මුහුණ පෑ දරුණු අනතුරක ප්‍රතිඵලයක් ලෙස ඇය අන්ධ විය. ඇය දරුණු කුණාටුවකට හසුව ගසාගෙන ගිය බව වාර්තාවන නමුත් එය සිදුවූයේ යැයි පැවසෙන වකවානුවේ එවැනි දරුණු කුණාටුවක් සිදුවූ බවට කාලගුණ විද්‍යා වාර්තාවන් තහවුරු කරන්නේ නැත. බාබා වැන්ගාගේ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ මට්ටමකය. ඇය විසින් එකදු පොතක් හෝ රචනා කොට නැති අතර ඇය ලොව පිළිබඳ දක්වා ඇති අනාවැකි ලෝකයට ඉදිරිපත් කරන්නේ ඇයගේ වැඩකටයුතු වෙනුවෙන් සිටින සේවකයන් විසිනි. 


2004 වසරේදී ඇතිවු සුනාමිය පිළිබඳව ඇය අනාවැකියක් පළකොට තිබිණි. ‛මිනිසුන්ගෙන් සහ නගරවලින් වැසුණු විශාල නගර යෝධ රැල්ලකින්  සේදී යයි’ යනුවෙන් ඇය සිය අනාවැකියේ පළ කොට තිබිණි. එමෙන්ම 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පැවති ගොඩනැගිලි යුගලයේ විනාශය ඇය අනාවැකි පළකොට තිබුණේ, ‛භීතිය! භිතිය! යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයෙන් ඇමෙරිකාව ඇදවැටෙනු ඇත. පඳුරුවල සිට වෘකයන් හඬ දෙනු ඇත. රුධිරය ගළා යනු ඇත.’ යනුවෙනි. එපමණක් නොව ලෝකයේ උණුසම වැඩි වී ධ්‍රුව ප්‍රදේශවල පවතින අයිස් තට්ටු දියවීගොස් පෘථිවි ජලමට්ටම ඉහළ නගින බව ද ඇය සිය එක් අනාවැකියක සඳහන් කොට තිබුණේ ‛සියල්ල අයිස් මෙන් දියව යනු ඇත. සීතල උණුසුම බවට පත්වන අතර යමහල් අවදිවනු ඇත’ යනුවෙනි. 1980 වසරේදී රුසියානු සබ්මැරීනයක් වූ ‛කර්ස්ක්’ මුහුදේ ගිළී ගොස් මහත් අනතුරක් සිදු විය. ඇය ඒ පිළිබඳව සිදුකොට තිබූ අනාවැකියේ සඳහන් ව තිබුණේ ‛කර්ස්ක් ජලයෙන් වටවනු ඇත. ලෝකය වැළපෙනු ඇත’ යනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ 44 වැන්නා අප්‍රිකානු ජාතිකයකු බවත් ඔහු එහි අවසන් ජනපති බවත් අය එක් අනාවැකියකින් ඉදිරිපත් කොට තිබුණි. 


බාබා වැන්ගා සතුව අසාමාන්‍ය බලයක් ඇත්දැයි සොයා බැලීම සඳහා පර්යේෂණ කිහිපයක්ම සිදු කොට තිබේ. ඉන් එකක් සිදු කොට ඇත්තේ බල්ගේරියානු රජයේ අනුග්‍රහයෙනි. මේ සියලු පර්යේෂණවල නිගමනය වූයේ බාබා වැන්ගා විසින් ඉදිරිපත් කරන ලද අනාවැකිවලින් 80%ක් පමණ නිවැරදි මට්ටමක පවතින බවය. 




බාබා වැන්ගාගේ අනාවැකි නිවැරදි වීමේ සම්භාවිතාවය පිළිබඳ සළකා බැලවහොත්  2016 වසර වෙනුවෙන් ඉදිරිපත්කොට ඇති අනාවැකි දෙකම සුබදායක ඒවා වන්නේ නැත. මුස්ලිමුන්ගේ යුද්ධය පිළිබඳ පෙරනිමිති නම් මේ වන විටම පහළ වී තිබේ. සිරියාව ආශ්‍රිතව ඔවුන් යුද්ධයක් අරඹා ඇති අතර ම්ලෙච්ඡ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය යුරෝපයට තර්ජනයක් වෙමින් පවතී. ඔවුහු ප්‍රංශයට ප්‍රහාරයක් එල්ල කරමින් යුරෝපය තුළ ප්‍රහාර එල්ලකිරීමට තමන්ට හැකි බව පෙන්වූයේය. ඇයගේ අනාවැකියට අනුව මුස්ලිමුන්ගේ යුරෝප සංග්‍රාමය අවසන් වනු ඇත්තේ 2043 වසරේ ඔවුන් සිය අගනගරය බවට රෝමය බවට පත්කරගැනීමෙනි. බාබා වැන්ගාගේ මෙම අනාවැකි නිසා මුස්ලිම් අන්තවාදීහු අමුතු ජවයක් ලැබූ බව ඇතැමෙක් පවසති. 


2016 වසරෙන් ඔබ්බෙහි වූ කාලය සඳහා ද ඇය අනාවැකි ඉදිරිපත්කොට තිබේ. මේවා අනුව 2018 වසරේදී් ලෝක බලවතා බවට චීනය පත්වන අතර ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික වශයෙන් දනින් වැටෙනු ඇත. ඔබාමා විසින් ඇමරිකාව ආර්ථික වශයෙන් විනාශ කිරීමේ අනාවැකිය සහ මෙය එකිනෙක හොඳින් පෑහේ. 2018 වසරේදී මිනිසුන් සිකුරු ග්‍රහයා ගවේෂණය කිරීමෙන් නව බලශක්ති ප්‍රභවයක් සොයා ගනී. 2023 වසරේදී පෘථිවියේ කක්ෂය වෙනස් වේ. 


කෙසේ නමුත් බාබා වැන්ගාගේ අනාවැකි වැරදි වූ අවස්ථාවන්ද තිබේ. කෙසේ නමුත් නැවත මතක් තබා ගත යුත්තේ ඇගේ අනාවැකි නිවැරදි වීමේ හැකියාව 80%ක් බවය. අප දෑස් ඉදිරිපිටම සත්‍ය වූ හා සත්‍යවෙමින් පවතින අනාවැකි ද බොහොමයකි. මේ අනුව බලන කල එලැඹෙන වසර එතරම් සුබදායක නොවනු ඇත. නමුත් අපට කළ හැක්කේ සිදුවන්නේ කුමක්දැයි කාලයට ඉඩදී බලා සීටීම පමණි.

8 comments:

  1. අනාවැකි කියන්නෙ නොකියන තාක්කල් සිද්ධ වෙන දේවල් නොවේ.. නමුත් පැවසුූ වහාම මිනිස්සු ඒ මත ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නට යාම නිසා ඒවා ඉත්තේරුවෙන්ම නිවැරදි වන අවස්ථා වැඩියි...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි.

      Delete
  2. බබා වැන්ගා 2010 දි ලෝක යුද්ධයක් වෙනව කියපු එක බොරු වුනා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් තව බොරු වුණු ඒවා තියෙනවා. ඒත් මෙයාගේ අනාවැකි ඇත්ත විමේ සම්භාවිතාව 80%ක් කියලත් කියනවනේ. අපි බලමු. තව ටික දවසනේ.

      Delete
  3. ඔවු අපි බලා සිටිමු. ඒත් යුරෝපය ආක්‍රමනය කරනව කියන එක නම් මුස්ලිම්වරුන්ට හිතන්නවත් බෑ නේද. න්‍යෂ්ඨික අවි සහිත ක්‍රිස්තියානි නේටෝව එක්ක සටන් කරන්න වෙනව. එහි ප්‍රතිපලයක් ලෙස යුරෝපෙ කෙසේ වෙතත් මුස්ලිම් මැදපෙරදිග නම් ජනශූන්‍ය වේවි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඇමරිකාව මොන වගේ භුමිකාවක් නිරූපණය කරයි ද කියන්න බැහැ. මොකද ඔවුන් කැමති ලෝකයේ මොන රටක් වුණත් කෑලිවලට කැඩෙනවට. ඔවුන් මෙවැනි අවස්ථාවක මුස්ලිම් අන්තවාදීන්ට උදව් කරන්න ඉඩ තියෙනවා.

      Delete
  4. කොහොමත් ඔබාමා අැමරිකාව හිතපු තැනට ගෙනාවේ නැහැ.........

    ReplyDelete
    Replies
    1. වෙනසක් කරනවා කියලා එන හැමෝම එහෙමද මන්දා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න