පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, August 6, 2014

හලෝ! හලෝ! ‘හලෝ‘ හැදුණු හැටි දන්නවද හලෝ! - Story of Saying Hello!


ඇමරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට අයත් The World Fact Book (https://www.cia.gov/library/publications/the-world-factbook/geos/xx.html) වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 ජූලි මාසය වන විට ලෝක ජනගහණය 7,405,107,650 ක් වේ. එනම් බිලියන 7.4 කි. එමෙන්ම ආසන්න වශයෙන් ලෝකයේ භාවිතයේ පවතින ජංගම දුරකතන සංඛ්‍යාව 7,806,142,681 ක් පමණ වන බව ගණන් බලා තිබේ. ලෝකයේ ඇති ස්ථාවර දුරකතන සංඛ්‍යාව 984,289,950 ක් ලෙස ද ගණන් බලා තිබේ. මේ අනුව බලන කල දුරකථනයකින් ඇමතුමක් නොගත් පුද්ගලයකු මේ ලෝකයේ සිටී නම්, එය සැළකිය නොහැකි සංඛ්‍යාවක් බැව් කිවහැකිය. මේ තොරතුරු මෙහි සඳහන් කළේ ලෝකයේ දුරකථන භාවිතය කෙතරම් ද යන්න පිළිබඳු ඔබට වැටහීමක් ලබාගන්නටය. මේ තරම් වූ දුරකථන සංඛ්‍යාවක් ලෝකයේ පැවතුනද අප ඇමතුමක් ගන්නා විට මෙන් අපට ඇමතුමක් එනවිට ද භාවිත කරනා පොදු වදනක් තිබේ. එය ඔබ අප කවුරුත් දන්නා හෙලෝයන්නයි. අපේ රටේ නම් මෙය හලෝයනුවෙන් ද භාවිත කෙරේ. ඊට අමතරව මෙහි නවීකරණය වූ සංස්කරණයන්ද මගතොටේදී ඇසිය හැක. සැබවින්ම මේ හලෝයන වදන උපන්නේ දුරකතන සඳහාමද? එසේත් නැතිනම් මෙය දුරකථනය නිර්මාණය කරන්නට පෙර සිටම පැවතුනා ද යන ගැටළුව අප ඉදිරියේ ඉතිරිවෙයි. මෙම ලිපියෙන් පසු එය ඔබට තවදුරටත් ගැටළුවක් නොවනු ඇතැයි සිතේ.

හලෝයනු ඉංග්‍රීසි බසින් ආචාර කිරීමේදී භාවිත කෙරෙන වචනයකි. මෙය 1860 දශකය තරම් ඈත කාලයක පටන්ම භාවිතයේ තිබිණි. Hello යනුවෙන් ඉංග්‍රීසි බසින් ලියන ආකාරය 1833 තරම් මුල් කාලයේ පළවූ එක් ප්‍රකාශනයක සඳහන්ව තිබිණි. මෙය පළවී තිබුණේ The Sketches and Eccentricities of Col. David Crockett, of West Tennessee වූ අතර එහිම නැවැත මුද්‍රණයක් එම වසරේම The London Literary Gazette  හි ද පළ කෙරිණි. මෙම වචනය බහුල ලෙස භාවිත කරන්නට පටන් ගැනුණේ 1860 දශකයේය.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව hello යන වදන බිඳී විත් ඇත්තේ hallo, hollo යන වදන්වලිනි. මෙම වදන්වල උපත zhalâ " holâZ  යන පැරණි ජර්මානු වදන්වලින් බිඳී ඇතියි පැවසේ. ජර්මනියේ සිටි තොටියන්ට ඔරුව ගෙන ඒම සඳහා මිනිසුන් හඬගැසුවේ මෙසේ යැයි පැවසේ.

දුරකථනය සහ හෙලෝ

තෝමස් අල්වා එඩිසන්

දුරකථනය භාවිතයේදී හෙලෝයන වදන භාවිත කිරීමේ ගෞරවය හිමිවන්නේ තෝමස් අල්වා එඩිසන් හටය. තෝමස් අල්වා එඩිසන් ද දුරකථනයක් නිපදවීම සඳහා පර්යේෂණ පැවැත්වූ අවධියේ ඔහු සිය විමතිය පළකරන්නට හුලෝ’ (Hullo ) යනුවෙන් හඬ නැගූ බවත්, එය පසුව හෙලෝ වන්නට ඇති බවත් එක් මතයකි. දුරකථනයෙහි පියා වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථන සුබ පැතීමේ වදනක් ලෙස යොදාගෙන ඇත්තේ අහෝයි’ (Ahoy) යන්නයි. කෙසේ නමුත් ග්‍රුහැම් බෙල් වර්ෂ 1877 දී පිටර්ස්බර්ග් නම් ටෙලිග්‍රාෆ් සමාගමේ සභාපති ටී.බී.ඒ. ඩේවිඩ් හට ලියන ලද ලිපියක මෙවැන්නක් සඳහන් වේ.

හිතමිතුරු ඩේවිඩ්,

මේ දුරකතනයට හෙලෝ යනුවෙන් නම්කිරීමට අවශ්‍යතාවයක් නැතැයි මම සිතමි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?”

කෙසේ මුත් අන්තර්ජාලයේ ඇතැම් ස්ථානයන්හි හෙලෝ යන්නනෙහි උපත පිළිබඳ වැරදි අර්ථකථනයක් සපයා තිබෙනු දක්නට ලැබේ. ඒවායේ සඳහන්ව ඇත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ගේ පෙම්වතිය වූ මාග්‍රට් හෙලෝසිහිවනු පිණිස ඔහු මෙම වදන භාවිතයට එක්කළ බවය. නමුත් මෙහි සත්‍යයක් නැත. එවැනි කාන්තාවක් ජීවත්ව සිටි බවට හෝ කිසිදු සාධකයක් නොලැබෙන අතර බෙල්ගේ පෙම්වතිය හා බිරිඳ වූයේ මාබෙල් හබර්ඩ්ය. ඇය පස්හැවිරිදි වියෙහිදීම බිහිරි තත්වයට පත්වූ කාන්තාවකි.

බෙල් සහ හබ්ර්ඩ්

1899 වන විට දුරකතන හුවමාරු මධ්‍යස්ථානවල සේවයට පැමිණි තරුණියන්ව හෙලෝ ගර්ල්යනුවෙන් හඳුන්වන්නට පටන් ගැනුණි. ඒ ඔවුන් දුරකනයට පිළිතුරු දීමේදී හෙලෝයන වදන යොදාගන්නට පුරුදුව සිටි නිසාවෙනි.


මෙතෙක් කල් ඔබ දුරකතනයට ප්‍රතිචාර දක්වන විට අරුතක් නොදැන සිටි හෙලෝපිළිබඳ දැන් ඔබ යමක් දන්නෙහිය. දැන් ඔබට තේරුමක් ඇතිව දුරකථනයෙන් කතා කරන්නට පුළුවන. 

4 comments:

  1. ithin mokdakkada ban hello kiyna eke theruma

    ReplyDelete
    Replies
    1. ‛හලෝ’ යනු ඉංග්‍රීසි බසින් ආචාර කිරීමේදී භාවිත කෙරෙන වචනයකි.

      මේ ලිපිය හරියට කියෙව්ව නම් ඒක පෙනෙනවා

      Delete
  2. ටෙලිපොන් වලින් වැඩියෙන්ම කියන වචනය හලෝ උනාට ස්කයිප් එකෙන් වැඩියෙන්ම කියන වචනය (ලංකාවේ) ඇහෙනවද කියන එකයි

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි බලන්නකෝ ඉතිං

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න