පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 14, 2014

ඉලෙක්ට්‍රොනික් කරුමය - Electronic Bad Luck




‛ඉලෙක්ට්‍රොනික් කරුමය’ කියන්නේ මම හිතන විදිහට අලුත් වචනයක්. ඒත් මට නම් ඒක පරණ වචනයක්. මොකද මේක මම හදාගත්තු එකක් නිසා. ‛ඉලෙක්ට්‍රොනික් කරුමය’ කියලා මම හඳුන්වන්නේ වැඩි වශයෙන්ම ඉලෙක්ට්‍රොනික් බඩු භාණ්ඩ නිසා විඳින්නට වෙන කරදරවලටයි. අනෙක් අයට කොහෙම වුණත්, මට මේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිසා නම් පුදුම අපලයක් තමයි තියෙන්නේ. 

මෙන්න මෙහෙම මේ ගැන කතා කරන්න පටන් ගනිමු. මම කොයි තරම් හොඳ තැනකින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් ගත්තත් ඒකේ ලෙඩක් හෝ වෙන මොනවා හෝ අඩුපාඩුවක් ඇතිවෙනවමයි. ඒක හදන්න ගියාම අන්තිමට මම ඒ වෙනුවෙන් භාණ්ඩයේ වටිනකාමට සෑහෙන්න වැඩියෙන් වියදම් කරලා තියෙනවා. 

මම මේ ළඟදි ගෙදර තියාගන්න ගණන් අඩු ජංගම දුරකතනයක් ගත්තා. අරන් පහුවදාම ඒකේ ඩිස්ප්ලේ එකේ ප්‍රශ්නයක් ඇවිත් හදන්න දුන්නා. වෙලාවට වගකීම් කාලයක් තිබුණු නිසා ඒකට වියදම් වුණේ නැහැ. 

එතකොට මගේ මේ කොම්පියුටරේ. ඒක මම ගත්තේ 2011 අවුරුද්දේ පීසී පාර්ට්නර් එකෙන්. අරන් වැඩ දවසක් ගියේ නැහැ ලෙඩක් ආවා. ඒක හදාගෙන ඇවිත් දවසයි තිබුණේ ආයේ ලෙඩේ ආවා. ආයේ අරන් ගියා. අන්තිමේ මදර්බෝඩ්, හාර්ඩ් ඩිස්ක්, රැම් ඔක්කොම මාරු කරලා මාසයක් දෙකක් විතර එතැන තියලා තමයි හදාගෙන ආවේ. ඒකටත් වගකීම් කාලයක් කියලා එකක් තිබුණ නිසා සල්ලි වියදම් වුණේ නැහැ. ඒත් මටත් කලින් කොම්පියුටර් ගත්ත යාලුවන්ගේ ඒවට හෙනයක්වත් නැහැ. මටම තමයි වෙන්නේ. 

මෙහෙම ඉන්න අතරේ වයිරස් ගාඩ් එකෙන් බූට් ස්කෑන් එකක් කරන්න කියලා මැසේජ් එකක් ආවා. ඒක කරන්න ගිහින් ස්මාර්ට්  කියන ලෙඩේ ඇවිත් හාර්ඩ් ඩිස්ක් එක සවුත්තු වුණා. අලුත් හාර්ඩ් එකක් ගන්න ගිහින් අන්තිමට අතේ තිබුණු පිච්චියත් හිඳිළා ගියා. 


දැන් මා ළග තියෙන් ෆෝන් එක පාවිච්චි කරන්න වුණේ ටික දවසයි, ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්නේ නැති ලෙඩක් ආවා. අනතර්ජාලය පීරලා බලලා ඒ තිබුණු ප්‍රතිකර්ම හැම එකක්ම කළා හරි ගියේ නැහැ. අන්තිමට පිටකොටුවේ Tech G.S.M.  කියන ෆෝන් කඩේට ගියා. එතැනින් කිව්වා, 

ආහ්, මේක මදර්පොඩ් එකේ ෂෝට් එකක්. රුපියල් 500ක් දෙන්න හදලා දෙන්නම්’  

කියලා. සංතෝෂේ වැඩිකමට මම හා කිව්වා. අන්තිමට ඒක හදනවා වෙනුවට වුණේ සිම් එක් සහ මෙමරි චිප් එක් තියෙන කොටස වැඩකරන්නේ නැතිව ගිය එක. ෆෝන් කඩෙන් ඒක නිකං හදලා දෙන්නම කියලා පොරොන්දු වුණත්, මට ඒ කඩේ ෆෝන් දැනුම ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. පාඩුවත් මම විඳගෙන මම ම හදාගන්නම් කියලා අරන් ආවා. මේක සැම්සුන් එනිකෝල් නිසා ඒ යුනිට් පිටකොටුවේ කඩවල ගන්නත් නැහැ. අන්තිමේදී කොරියන් එනිකෝල් ගෙන්වන මහරගම ස්මාර්ට් ෆෝන් ෂොප් එකෙන් අලුත් යුනිට් එකක් දාගෙන යන්තම් මේක ගොඩ දාගත්තා. අර ඩිස්ප්ලේ එක් ඕෆ් වෙන්නේ නැති ලෙඩේ හිටි ගමන් එනවා. මම දැන් ඒකට මගේම ක්‍රමයක් හොයාගෙන තියෙන නිසා දැන් ඒ ගැන හිතන්න ඕන වෙන්නේ නැහැ. 




මා ළඟ සෝනි එරික්සන් කේ 810 ෆෝන් එකක් තිබුණා. ඒක අරන් ටික දවසක් යන්න කලින් කී පෑඩ් වැඩ කරන්නේ නැතිව ගියා. පිටකොටුවේ ෆෝන් හදන තැනකට ගියාම කිව්වේ ‛මයිලර් පෑඩ්’ එක ගිහින් ඒක දාන්න 2500ක් ඕන කියලා. කී පෑඩ් නැතිව මොනවත් කරන්න බැරි නිසා මම ඒක හදාගත්තා. 


මයිලර් පෑඩ් කියන්ෙන් ෙම් යුනිට් එකට.


ටික දවසක් යනකොට කැමරා බට්න් එක වැඩකරන්නේ නැතිව ගියා. ඒක හදන්න ජේජේ මොබයිල් එකට ගියා. “කැමරා බට්න් එක වැඩකරන්නේ නැහැ. 1500ක් දෙන්න” කියලා කිව්වා. මම ඒක හදාගෙන ආවා. ටික දවසකින් ආයේ කැමරා බට්න් එක් වැඩ කරන්නේ නැතිව ගියා. මම ඒ වතාවේ අන්තර්ජාලයෙන් මේ මයිලර් පෑඩ්, කැමරා බට්න් ගැන හෙව්වාම තමයි දැක්කේ මේ ඔක්කෝම එක් යුනිට් එකක් විදිහට තියෙන්නේ කියලා. මම කලම්බෝ ටෙලිකොම් එකෙන් මයිලර් පෑඩ් එකක ගාණ ඇහුවා. කීයද දන්නවද රුපියල් 320. මම ෆෝන් ගළවන ටූල් සෙට් එකකුත් අරන් ගෙදර ගෙනත් ෆෝන් එක ගළවලා මයිලර් පෑඩ් එක දැම්මා. මෙන්න ගිනිකසයා වගේ හැම එකක්ම වැඩ. ඉතිං දැක්කනේ මේක දාන්න එක තැනකින් මගෙන් 2500ක් ගත්තා. තව තැනකින් 1500ක් ගත්තා. තව එකක් මේ වරග්මේ ෆෝන් එකක් මම ගත්තු කාලෙම යාළුවෙක් ගත්තා. ඒක අදටත් හොඳට වැඩ. මගේ ඒ ෆෝන් එක දැන් දරහැවක් වගේ. ගළවලාම කෑලි එල්ලෙනවා. 




මේ විදිහට ඉලෙක්ට්‍රොනික් කරුම නම් මට තව කියන්න ඕනෑ තරම් තියෙනවා. මම හිතන්නේ මේ ටික ඇති. තව එකක්. මම මේ හැමෝටම දැනගන්න කියන්නේ. පිටකොටුවේ ෆෝන් හදන සමහරු ලෙඩේ හරියටම අඳුනගෙන නොවෙයි ෆෝන් එකක් හදන්න භාරගන්නේ. මගේ එනිකෝල් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්නේ නැති එක පෙන්නන්න ජේ ජේ මොබයිල් එකට ගිය වෙලාවේ කිව්වේ ඩිස්ප්ලේ එක අලුතින් දාන්න වෙනවා ඒකට රුපියල් 8000ක් දෙන්න කියලා.  එන්කෝල් එකකට ඒ තරම් වියදම් කරන එක වැඩක් නැති නිසා ඕන නම් මේ ෆෝන් එක එතැනට අරගෙන මට 3000ක් දෙන්නම් කිව්වා. ඒ කෑලි ගළවගන්න.  ඉතිං ඒ වගේ අපහාස විඳපු ෆෝන් එක තමයි තවමත් මා ළඟ මට වද දි දී ඉන්නේ. 

ඉතිං මෙන්න මේක තමයි මගේ ඉලෙක්ට්‍රොනික් අපලයේ කතාව.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න