සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්
තම පර්යේෂණ අතරතුර විවිධාකාර ප්‍රේරණයන් (drives ) පිළිබඳ න්‍යයායන්
ඉදිරිපත් කොට තිබේ. ඔහු මුල් කාලයේ ‛ජීවිත ආශය’ (life instincts) යනුවෙන් අදහසක්
ඉදිරිපත් කළේය. මිනිස් චර්යාවන් බොහොමයක් සඳහා මෙම ප්‍රේරණයන් වගකිව යුතු බව ඔහු
විශ්වාස කළේය. අවසානයේ මේ ජීවිත ආශයන් මගින් පමණක් සියලු මිනිස් චර්යාවන් විස්තර
කළ නොහැකි බව ඔහු අවබෝධ කොට ගත්තේය. සියලු ආශයන් ‛ජීවිත ආශය’ (life instincts) සහ ‛මරණ ආශය (death instincts) යනු ප්‍රධාන කොටස්
දෙකට ඇතුළත්වන බව ඔහු ඔහු නිගමනය කළේය.
ජීවිත ආශය (Life
Instincts හෙවත් Eros )
මෙය ඇතැම්
තැනක ‛ලිංගික ආශය’ sexual instincts) ලෙසින් ද සඳහන් කොට
ඇති අතර මෙයින් කියැවෙන්නේ මූලික ප්‍රවර්තනය (survival ) හෙවත් නොනැසී සිටීමේ උත්සාහය, ‛සුඛය’ (pleasure ) හෙවත් සතුට
හෝ ප්‍රිතිය සහ ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කිරීම පිළිබඳ යම් පුද්ගලයකු තුළ සහජ
බුද්ධියක් හෙවත් ඉවක් ඇති බවයි. මෙම ආශයන් යම් පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට
සහ වර්ගයාගේ අඛණ්ඩතාවයට ඉතා වැදගත් වේ. මේවා ‛ලිංගික ආශයන්’ යැයි සඳහන් වුව ද මේවා තුළ පිපාසය, කුසගින්න සහ වේදනාව වැළැක්වීම පිළිබද ප්‍රේරණයන්
ද අඩංගු වේ. ජීවිත ආශය මගින් නිර්මාණය වන ශක්තිය ‛ලිබිඩෝ’ (libido ) යනුවෙන් හඳුන්වනු ලබයි.
ජීවිත ආශය සමග
පොදුවේ සම්බන්ධ චර්යාවන් අතර ආදරය,
සහයෝගීතාවය සහ
වෙනත් ‛සමාජ නම්‍ර’ (Prosocial) ක්‍රියාවන් අඩංගු
වේ.
මරණ ආශය (Death
Intincts හෙවත් Thanatos )
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්
සිය Beyond the Pleasure Principle (1920) නම් කෘතියෙන් විස්තර කරනු ලැබුයේ “ජීවිතයේ සියලුම අරමුණ වන්නේ මරණය” බවය. මිනිසුන් අප්‍රසන්න අත්දැකීමකට (යුද්ධය
වැනි) මුහුණ දුන් පසු ඔවුන් බොහෝ විට එම අත්දැකීම නැවත ක්‍රියාවට නංවන බව ෆ්‍රොයිඩ්
නිරීක්ෂණය කළේය. ඔහු නිගමනය කළේ මෙවැනි අත්දැකීමකින් පසුව මිනිසුන් තුළ මරණය
කෙරෙහි අවිඥානික අභිරුචියක් ඇතිවන මුත්, එම ඉච්ඡාව
හෙවත් කැමැත්ත ජීවිත ආශය මගින් විශාල වශයෙන් පහත හෙළන බව ය.
ෆ්‍රොයිඩ්ගේ
දෘෂ්ටියට අනුව ස්වයං-සංහාරක චර්යාව යනු මරණ ආශය මගින් නිර්මාණය වන ශක්ති භාව ප්‍රකාශනයක්
බව ය. මෙම ශක්තිය අන්‍යයන් කෙරෙහි මුදා හළ විට එය ආක්‍රමණයක් හෝ ප්‍රචණ්ඩත්වයක්
ලෙස ප්‍රකාශනයට පත් වෙයි.
ඉතාම වැදගත් ලිපියකි.
ReplyDeleteබොහෝ ස්තුතියි අදහස් දැක්වීම ගැන.
Delete