පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, December 10, 2014

කෙට්ටු වෙන්න මිරිස් කන්න - Could chillies help you slim?



මිරිස් කියන්නේ ආහාරයකට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. මිරිස් නැත්නම් කෑම දිය රසයි. වැඩි වුණොත් ඇස්වලින් ගින්දර පිටවෙනවා වාගේ දැනෙන්නත් පුලුවන්. කොහොම වුණත් වැඩි දෙනෙක් මිරිස් අඩු ආහාර කෑමට ගන්න කැමති බව පෙනෙන්න තියෙනවා. නමුත් මිරිස් ආහාරයට එක්කරගැනීම නිසා ශරීරයේ බර අඩුකරගන්න පුලුවන් කියලා නම් ඔබ අසා නැතිව ඇති. නමුත් එහෙම කරන්න පුලුවන් කියලා දැන් හොයාගෙන තිබෙනවා. 

කැනඩාවේ ලවාල් සරසවියේ පර්යේෂකයන් සොයාගෙන ඇති පරිදි මිරිස්වල අඩංගු ප්‍රධාන රසායනයකට ශරීරයේ ඇති මේදය දහනය කර දමන්නට වැඩි හැකියාවක් තිබෙනවා. එමෙන්ම අධික ලෙස ආහාර ගැනීමට ඇතිවන අවශ්‍යතාවය ද මෙම රසායනය නිසා අඩුවන බවත් සොයාගෙන තිබෙනවා. 

ඇත්තටම මේක සිදුවන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අප අධික ලෙස මිරිස් සහිත ආහාරයක් කෑමට ගත්තොත් සිරුර උණුසුම්වනවා සේ දැනෙනවා. මුහුණ පවා රතු පැහැ ගැන්වෙනවා. 

මෙයට හේතුවන්නේ මිරිස්වල අඩංගු වී ඇති කැප්සයිසින්නම් රසායනයයි. මිරිස් සහ මිරිස් පවුලට අයත් සියලුම ආහාරවල මෙම රසායනය අඩුවැඩි වශයෙන් පවතිනවා. මෙවැනි ආහාර ගැනීමෙන් අපගේ සාමාන්‍ය ආහාර ජීර්ණ රටාව යම්කිසි වෙනසකට බඳුන් වෙනවා. වෙනත් විදිහකට කිව්වොත් ආහාර ජීර්ණ රටාව යම්කිසි උත්තේජනයකට ලක්වෙනවා. එවිට සිරුර ක්ෂණිකය උණුසුම්වීමකට ලක්වෙනවා. 

මෙය හඳුන්වන්නේ ආහාර ප්‍රේරිත උෂ්ණත්ව ජනනය’ (diet-induced thermogenesis) නමින්. සිරුරේ තරබාරු බව අඩුකරන්නට ආහාර පාලනය කරන අයට මෙය සුබ ආරංචියයක්. එනම් මෙහිදී සිදුවන්නේ සිරුරේ කැලරි තැන්පත්වනවා වෙනුවට ඒවා දහනය වීමයි. 

ආහාර ප්‍රේරිත උෂ්ණත්ව ජනනය  ක්‍රියාවලියේදී පිෂ්ටය වැඩි වශයෙන් දහනය වන බවත් විද්‍යාඥයින් මෙයට පෙර සොයාගෙන තබූණා. සාමාන්‍යයෙන් අපගේ සිරුර තරබාරු වීමට පිෂ්ටය අඩංගු ආහාර හේතු වෙනවා. කැනේඩියානු පර්යේෂකයන් සොයාගෙන ඇති පෙරිදි මෙවැනි ආහාරයටක සමග වැඩි වශයෙන් මිරිස් සහිත ආහාරයක් එක්කරගැනීමෙන් පිෂ්ටය වැඩි වශයෙන් දහනය වී ශරීරය තරබාරුකරන්නට හේතුවන සාධක පහත හෙලීමක් සිදුවෙනවා.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න