කවියකු විදිහට නමක් දිනාගෙන සිටි ඌවේ කුඩා මොහොට්ටාලගේ මරණය ගැන ඇත්තේ දුක්මුසු කතාවක්. ඌවේ කුඩා මොහොට්ටාල ක්‍රි.ව. 1634 - 1638 සමයේ රචනා වුණු ‛රාජසිංහ විරුදාවලි’ නම් කාව්‍යයයේ කතුවරයා විදිහට සැළකෙනවා.
‛පොතක් කීර කර ගිරිසිර වරුණා
සකත් ආර සර කර උර බරණා
මෙසත් සාර කර හිම්මෙර දෙරණා
රකිත් වීර වර රජසිහ නරණා’
(පරණ පොතක අපැහැදිලි අකුරින් තිබුණු මේ කවියේ පද ඇතැම් විට වැරදිවන්නටත් පුලුවන්. නමුත් මේ කතාවට අදාළ නිසා එය මෙහි සඳහන් කළා)
යනුවෙන් විරුදාවලි කවි ලියූ කිවියා ඌවේ කුඩා මොහොට්ටාලයි.
ඌවේ කුඩා මොහොට්ටාල දවසක් දෙවැනි රාජසිංහ රජුගේ වාසලේ සේවයට යමින් හිටියා. රජවාසලේ දොරටුව අසල අඹ ගසක් සිටි කොලුවෙක් ඔහුට අවමං කරන්න පටන් ගත්තා. මේ කොලුවකුගේ වේශයෙන් සිටියේ වෙන කවුරුවත් නොවෙයි. බහිරවයා කියා පැවසෙනවා. නමුත් මොහොට්ටාල මේ බව දැනගෙන හිටියේ නැහැ. ඌවේ කුඩා මොහොට්ටාල මේ කොලුගැටයාගේ පා යටින් යාමට නම් කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු ගසින් බසින ලෙස කොලුවාට අණ කළා. නමුත් කොලුවා මේ අණ තඹදොයිතුවකටවත් මායිම් කළේ නැහැ. කොලුවා ඒ ගසින් බසිනු වෙනුවට අවඥවෙන් සිනාවෙන්නට පටන්ගත්තා. තම අණ නොතකන මේ කොලුවා නිසැකවම අමනුෂ්‍යයකු විය යුතු බව කුඩා මොහොට්ටාල තේරුම් ගත්තා. ඔහු දෙවරක් නොසිතා බහිරව බන්ධනය මතුරන්නට පටන්ගත්තා. සිරුර ගිනිගත්තා මෙන් වේදනාවෙන් කෑගසමින් කොලුවේශයෙන් සිටි බහිරවයා මේ දුක්ගැනවිල්ල කියන්නට උත්පලවර්ණ, සුමන, කාර්තිකෙය සහ විභීෂණ යන සතරවරම් දෙවිවරුන් සොයාගෙන ගියා. නමුත් ඒ දෙවිවරු ඒ මොහොතේ කුඩා මොහොට්ටාලගේ බහිරව බන්ධනයට අදාළ නියෝගයේ කටයුතු කරමින් සිටි නිසා ඔවුනට කිසිම උදව්වක් කරන්නට පුලුවන් වුණේ නැහැ.
විභීෂණ දෙවියන් පැවසුවේ මේ විපතෙන් ගැළවෙන්නට නම් රාජසිංහ රජු බැහැ දැක දුක්ගැනවිල්ල කියන ලෙසයි. බහිරවයා වහා රාජසිංහ රජු හමුවී මේ දුක්ගැනවිල්ල කියා සිටියා පමණක් නොවෙයි එයින් ගළවාගන්නේ නම් නිධානයක් ද දෙන බවට පොරොන්දු වුණා.
රාජසිංහ රජු කුඩා මොහොට්ටාල කැඳවා මේ බහිරව බන්ධනය මුදාහරින ලෙස නියෝග කළා.
මොහොට්ටාල රජුගේ අණට අවනතව බහිරව බන්ධනය මුදාහැරියා. නමුත් බහිරවයාගේ සිතේ මොහොට්ටාල ගැන ඇති වෛරය එයින් ඉවර වුණේ නැහැ. කුඩා මොහොට්ටාල සවස රජවාසලෙන් නික්ම යද්දී බහිරවයා ගලකින් ගසා ඔහුව මරා දැමුවා. මොහොට්ටාලගෙන් පළිනොගන්නා ලෙස බහිරවයාව පොරොන්දු කරගැනීමට නොහැකි වීම ගැන රාජසිංහ රජු සිය මරණය දක්වාම දුක්වුණු බව ඉතිහාස කතාවල දැක්වෙනවා.
( මේ කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් අතීත ඉතිහාස කතා සාහිත්‍යය බ්ලොග් අවකාශයට එක්කිරීමට තීරණය කළා)
නොදන්න කථන්දර .
ReplyDelete:)
මම හිතුවා ඉදිරියටත් මේ වගේ පරණ කතන්දර හොයලා බ්ලොග් අවකාශයට එකතුකරන්න.
Deleteමෙහෙම කතා ලියල තියන එක නම් අගෙයි. මේ කතාවෙම පොඩ්ඩක් වෙනස් වර්ෂන් එකක් තියනව. ඒකෙ කතාව මීට වඩා දිගයි. හිතුනොත් පස්සෙ වෙලාවක බ්ලොග් එකේ ලියල මේකට ලින්ක් කරන්නම්.
ReplyDelete--Chandana--
ඔව් සමහර ඉතිහාස කතා තියෙනවා එකම වගේ කතා. නමුත් කියන්නේ විවිධ පුද්ගලයෝ ගැන. ඒ කතාවත් ලියා දාන්න. මේ වගේ දේවල ගැන උනන්දු වෙන අයට ප්‍රයෝජනවත් වෙයි.
Deleteවැදගත් ඉතිහාස කතාවක්...................
ReplyDeleteඉදිරියේදීත් මේ වගේ කතා හොයලා ලියන්නයි හිතාගෙන ඉන්නේ
Deleteමේක නම් අහපු නැති කතාවක්.
ReplyDeleteදැනට කතා එකතු කරගෙන යනවා මේ වගේ වැඩිපුර අහලා නැති කතා. ඉදරියේදී ඒවා දාන්නම්.
Delete