පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 23, 2014

ගූගල් පරිවර්තකයෙන් සිංහල උපසිරැසි හදමු - Sinhala Subtitles from Google Translator



ගූගල් පරිවර්තකය දැන් සිංහලෙන් වැඩ පටන් අරන් කියන කතාව හැමෝම දන්නවා. මම මේ කියන්න යන දේ තව කවුරු හරි කරලා බලන්නත් ඇති. ඒත් එහෙම එකක් මම තවම දැක්කේ නැති නිසා සියලු දෙනාගේ දැනගැන්ම පිණිස මට මේක ලියන්නක හිතුණා.

ගූගල් පරිවර්තකයේ සිංහල පරිවර්තන තවම කොහොමත් සාර්ථක නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ ගැන මම ලියපු කෙටි බ්ලොග් සටහන (අවශ්‍ය නම් ඒ ගැන මෙතැනින් කියවන්න) බැලුවාම ඕන කෙනෙකුට පැහැදිලි වෙනවා. එහෙම ඕනත් නැහැ. ගූගල් පරිවර්තක පිටුව විවෘත කරගෙන සිංහල වාක්‍ය කිහිපයක් ඉංග්‍රීසියටත්, ඉංග්‍රීසි වාක්‍ය කිහිපයක් සිංහලටත් පරිවර්තනය කරලා බලන්න. එතකොට තේරුම්ගන්න පුලුවන්. තව ටික කාලයක් යනකොට මේ අඩුපාඩු නිවැරදි වෙයි කියලා හිතෙනවා. හරි දැන් මාතෘකාවට එමු.

ඉංග්‍රීසි බසින් හෝ වෙනත් බසකින් ඇති සිනමා නිර්මාණයක් අපේ බසින් රසවිඳින්න තියෙන බාධාව තමයි භාෂා ප්‍රශ්නය. රූපවාහිනි නාලිකාවල මේ සඳහා උපසිරැසි ලබාදෙන්නේ ඒ නිසයි. ඊට අමතරව අන්තර්ජාලයේ බයිස්කෝප් සහ සූම් යන අඩවිවලිනුත් උපසිරැසි ගොනු ලබාදෙනවා. උපසිරැසියක් හදනවා කියන එක පහසු වැඩක් නෙවෙයි. මම එකක් හදන්න ලෑස්තිවුණු ගමන්ම වැඩේ එපා වුණා. ඒ නිසා මේවා නොමිලයේ අපට ලබාදෙන ඒ අඩවිවලට අපි ස්තූතිවන්ත වෙන්න ඕන.

කොහොම වුණත් මේ අඩවිවලින් හැම චිත්‍රපටයකම උපසිරැසි ලබාදෙන්නේ නැහැ. මම බලන්න කැමති, ඒත් මේ අඩවිවල නැනි සිනමා නිර්මාණ අන්තර්ජාලයෙන් ඉංග්‍රීසි හෝ වෙනත් බසක උපසිරැසි සහිතව බාගත කිරීමේ පහසුකම තිබෙනවා. ගූගල් පරිවර්තකය සිංහලෙන් වැඩ ආරම්භ කළාට පස්සේ මම පොඩි උත්සාහයක් කළා වෙනත් බසකින් ඇති උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරන්න පුලුවන්ද කියලා. ගූගල් පරිවර්තකයේ වැඩ අසාර්ථක වුණත් මගේ වැඩේ නම් සාර්ථක වුණා. කරලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කරන්න පුලුවන්. කරන්නේ මෙන්න මෙහෙමයි.

මුළින්ම ඉංග්‍රීසි හෝ වෙනත් බසකින් ඇති චිත්‍රපටයට ගැළපෙන උපසිරැසියක් හොයාගන්න. බොහෝ වෙලාවට චිත්‍රපටයක් ටොරන්ට් එකකින් බාගත කරගන්න කොට එවැනි උපසිරැසියක් ඒ සමගම ලැබෙනවා. ඒක නෝට් පෑඩ් එකින් විවෘත කරලා වර්ඩ් ගොනුවකට පිටපත් කරගන්න. එවිට මෙන්න මේ වගේ තමයි පෙනෙන්නේ.

1
00:00:41,584 --> 00:00:44,999
SPECIAL FORCES

2
00:01:12,584 --> 00:01:13,624
Four minutes!

3
00:03:11,500 --> 00:03:14,499
DRAGAN MILEVIC
war criminal

4
00:03:22,375 --> 00:03:24,416
Code 3.
Priest's in the church.

5
00:06:18,334 --> 00:06:24,041
AFGHANISTAN
Kabul

මම පේළි 5ක් විතරයි ගත්තේ. දැන් මේක ගූගල් පරිවර්තකයට දාලා සිංහලයට පරිවර්තනය කරගන්න. එවිට අපට මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා.  

1
00: 00: 41.584 -> 00: 00: 44.999
විශේෂ හමුදා

2
00: 01: 12.584 -> 00: 01: 13,624 ක නැවත පදිංචි කරන ලදී
විනාඩි හතර!

3
00: 03: 11,500 -> 00: 03: 14.499
DRAGAN MILEVIC
, යුද අපරාධ

4
00: 03: 22.375 -> 00: 03: 24.416
සංග්රහයේ 3.
පූජකයාගේ සභාව තුළ.

5
00: 06: 18.334 -> 00: 06: 24.041
ඇෆ්ගනිස්ථානය
කාබුල්

නමුත් මේ විදිහට පරිවර්තනය වෙලා අපට ලැබෙන පේලිවල උපසිරැසියක් නිවැරදිව ක්‍රියාත්මක වෙන්න තිබිය යුතු අංග කිහිපයක් අඩුවෙන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නිවැරදි ගුණාංග සහිත උපසිරැසි පේළියක්.

4
00:03:22,375 --> 00:03:24,416
Code 3.
Priest's in the church.

මේකම ගූගල් පරිවර්තකයෙන් ලැබෙන්නේ මේ විදිහට.  

4
00: 03: 22.375 -> 00: 03: 24.416
සංග්රහයේ 3.
පූජකයාගේ සභාව තුළ.

කාලය සඳහන් වෙන් පේළියේ තමයි මේ වෙනස සිදුවෙන්නේ. නිවැරදි විදිහට කාලය තිබිය යුත්තේ 

00:03:22,375 --> 00:03:24,416 

විදිහටයි. පරිවර්තකයෙන් මෙය ලැබෙන විට 

00:03:22  

පසුව කොමාව වෙනුවට ලැබෙන්නේ තිතක්. ඒ වගේම --> මේ සළකුණ අපට ලැබෙන්නේ -> මෙන්න මේ විදිහට. මේවා මේ විදිහට තිබුණොත් උපසිරැසි ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි මෙතැන ගත්තේ උපසිරැසියෙන් පේළි 5ක් විතරක් වුණත් මේ සඳහා ගත්ත උපසිරැසි ගොනුවේ පේළි 597ක් තිබෙනවා. මේවා අතින් හදන එක සාර්ථක නැහැ. දැන් අපට ප්‍රයෝජනයට ගන්න වෙන්නේ වර්ඩ්වල ඇති Find & Replace විධානයයි. Ctrl+F කියන යතුරු එකවර තදකළ විට ඒ විධානය මෙන්න මේ විදිහට එනවා. දැන් අපි -> වෙනුවට --> සළකුණත්, තිත වෙනුවට කොමාවත් Replace කර ගනිමු. 





දැන් මේ ගොනුවේ පේළි මෙන්න මේ විදිහට දිස්වෙන්න ඕන.


1
00: 00: 41,584 --> 00: 00: 44,999
විශේෂ හමුදා
2
00: 01: 12,584 --> 00: 01: 13,624 ක නැවත පදිංචි කරන ලදී
විනාඩි හතර!
3
00: 03: 11,500 --> 00: 03: 14,499
DRAGAN MILEVIC
, යුද අපරාධ
4
00: 03: 22,375 --> 00: 03: 24,416
සංග්රහයේ 3,
පූජකයාගේ සභාව තුළ,
5
00: 06: 18,334 --> 00: 06: 24,041
ඇෆ්ගනිස්ථානය
කාබුල්

මේක පැහැදිලි මදි වගේ දැනෙන නිසා මේක කරන විදිහේ වීඩියෝවක් දාන්නත් බලාපරෛාත්තු වෙනවා. 

මේක හදාගෙන ඉවර වුනාට පස්සේ මෙය අපි මුළින්ම ගත්තු ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ ඉංග්‍රීසි බසින් ඇති කොටස ඉවත් කොට මෙය එතැනට පිටපත් කොට ගොනුව සුරක්ෂිත කරගන්න. දැන් චිත්‍රපටය සමග මෙය උපසිරැසි ක්‍රියාත්මක වීඩියෝ ප්ලේයර් එකක ධාවනය කොට බලන්න. පරිවර්තකයේ ගැටලු බොහෝ තිබුණත් තව වැඩි කලක් නොගොස් මේ අඩුපාඩු අවම වූ විට මේ ආකාරයෙන් උපසිරැසි ගොනු නිර්මාණය කරගන්න කාටත් බොහෝ පහසුවක් වේවි.


8 comments:

  1. හොද අදහසක්.තාම මේකෙත් අවුල් තියනවා.එත් මේකෙන් සමහර තැන්වල තියන රසයත් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම මේ මගේ හිතට ආපු අදහසක් කරලා බැලුවා විතරයි. නමුත් මේක ඉදිරියේදී වැඩි දියුණු කරගෙන හොද ප්‍රතිඵල ලබාලගන්න පුලුවන් වෙයි.

      Delete
  2. තවම පරිවර්තකය වැඩි දියුණු වෙමින් පවතින නිසා. ඔය වගේ ෆයිල් එකවර පරිවර්තනය කරලා කරෙක්ෂන් හදලා ඔය ෆෝමැට් එකෙන් සබ්මිට් කරන්න යන්න එපා මැෂින් ලර්නින් යාන්ත්රණය අවුල් යන්න පුළුවන්. හොඳම දේ පේලියෙන් පේලිය කරලා වැරදි දේ නිවැරදි කරලා ගුගලට දෙන ගමන් අපේ වැඩේ කර ගැනීම. මම කියන විදියට චිත්‍ර පටි 100 විතර පරිවර්තනය උනා නම් පරිවර්තකය හොඳ මට්ටමකට දියුණු වේවි. ඉන් පස්සේ ඕවා ගේමක් නැතිව කරන්න පුළුවන්.
    මෙන්න පරිවර්තකයේ සැඟවුණු යක්ෂයා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග මම එකගයි. මේක අදහසක් විදිහට ඉදිරිපත් කළා පමණයි. ඉදිරියේදී තමයි අපට මෙයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගන්න අවස්ථාව ලැබෙන්නේ.

      Delete
  3. http://www.freewarefiles.com/Subtitle-Edit_program_48422.html

    ReplyDelete
    Replies
    1. මේ මෘදුකාංගය මා ළග තිබෙනවා. ඔබට ස්තූතියි.

      Delete
  4. මම දැනට චිතුපට දෙක්කට උපසිරැසි දීල තියෙනව...
    දන්න කඩ්ඩ යූස් කරල ඒ්ත් තවම ට්‍රාන්ස්ෙල්ටරයෙන් වැඩක් ගත්තෙ නෑ
    බලමු ඉදිරියට ඒ්කත් කරගන්න

    ReplyDelete
    Replies
    1. Professional වැඩකට නම් ගූගල් පරිවර්තකයට වඩා දන්න කඩ්ඩ පාවිච්චි කරන එක තමයි හොද. නමුත් වැඩි කාලයක් යන්න කලින් අපට මෙයින් පහසුවෙන් සිංහල උපසිරැසි හදාගන්න පුලුවන් වෙන බව නම් මට විශ්වාසයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න