පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 5, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට සිංහල දාන්නේ මෙහෙමයි - This is how installing Sinhla Fonts into an Android Phone


ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට සිංහල දාගන්න විදිහ මගෙන් කීප දෙනෙක්ම ඇහුව නිසා මම හිතුවා ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න.

සාමාන්‍යයෙන් සිංහල නිවැරදිව පෙන්වන්නේ ඇන්ඩ්‍රොයිඩ් Kitkat වලයි. සයිනජන්මොඩ් නම් 11 කියන සංස්කරණයේයි. මේ උඩින් තියෙන Screenshot එක Kitkat වලට සිංහල දැමූ විට පෙනෙන විදිහයි. Jelly Bean Custom ROM වලත් සිංහල නිවැරදි විදිහට පෙන්වන්නේ නැහැ. ඊට පහළ සංස්කරණ ගැන ඒ නිසා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

සිංහල දාන්න නම් දුරකතනය Root කරලා තියෙන්න ඕන. ඕනෑම දුරකතනයක් පහසුවෙන්ම රූට් කරගන්න පුලුවන් මෙන්න මෙතැන Click කළාට පස්සේ සම්බන්ධ වෙන වෙබ් අඩවියට ගියාම. එතැනින් පොඩි මෘදුකාංගයක් බාගත කරගෙන ස්ථාපනය කරගන්න. ඊට පස්සේ Root කරගන්න පුළුවන්. ඒ කරන විදිහේ වීඩියෝ එකක් පහළ දාලා තියෙනවා.






Root කළාට පස්සේ Root Explorer එකක් දාගන්න ඕන. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට ගැළපෙන එකක්. මෙතැන Link එකෙන් ගන්න පුළුවන්. එහි තියෙන Root Explorer වලින් 2 න් පටන් ගන්න ඒවා Gingerbread වලට හරියනවා. 3න් පටන් ගන්න ඒවා Jelly Bean හා Kitkat වලට ගැළපෙනවා.

මෙන්න මේ Link එකට ගිහින් සිංහල Font එක අරගන්න. මේකේ නම DroidSansFallback.ttf වුණත් මේ තියෙන්නේ ඒ නමින් සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බාගත කරගන්න කොට ලැබෙන Font එක නෙවෙයි. Iskoolapota.ttf කියන Font එක Rename කරලා තමයි මෙතැනට දාලා තියෙන්නේ. මොකද මේ විදිහට දැම්මොත් විතරයි නියම විදිහට, ලස්සනට සිංහල අකුරු දුරකතනයේ පෙන්වන්නේ.

දැන් මේ Font එක දුරකතනයේ SD Card එකට දාගන්න. ඉන් පස්සේ  Root Explorer එකෙන් ගිහින් මේ Font එක කොපි කරලා System/App වල  තියෙන Fonts Folder එකට Copy කරන්න. Copy කරන්න කලින් R/W එක උඩ Touch කරලා ඒක R/O කරගන්න ඕන. එහෙම නොකළොත් Copy කරන්න Permission දෙන්නේ නැහැ. ඊට පස්සේ Copy Here කියලා දුන්නට පස්සේ  Replace කරන්න ද කියලා අහනවා. ඒකට Yes කියලා Replace කරන්න. ඉන් පස්සේ ඒ Font එකට ගිහින් මෙන්න මේ විදිහට Permission වෙනස් කරන්න.



දැන් ඔක්කොම හරි. ඊට පස්සේ දුරකතනය Reboot කරලා බලන්න. Kitkat නම් Settings වල Language කියන තැන සිංහල කියලා වැටිලා ඇති මෙන්න මේ වගේ. 



ඊට කලින් ආපු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණවල නම් එහෙම වැටෙන්නේ නැහැ. හැබැයි සිංහල පෙන්වනවා. නමුත් නිවැරදිව නොවෙයි. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ MIUI ROM එකේ සිංහල පෙනෙන විදිහ. මොකද මේ දවස්වල මම දාගෙන තියෙන්නේ MIUI ROM එකක්.



ඔන්න ඔහොම තමයි මම මගේ දුරකතනයට සිංහල දැම්මේ



ඔබේ දුරකතනයේ සිංහල ටයිප් කරන්නත් ඕන නම් සිංහල යතුරු පුවරුවක් ඕන වෙනවා. මම දාගෙන තියෙන්නේ හෙලකුරු කියන එක. ඒකේ විජේසේකර යතුරු පුවරුව වගේම සිංග්ලිෂ්වලින් ටයිප් කරන්න පුලුවන් යතුරු පුවරුවකුත් තියෙනවා. මෙතැනින් එය බාගත කරන්න පුලුවන්.

20 comments:

  1. මගෙ ජෙලි සිංහල නං අවුලක් නෑ
    රූට් ටූල් එක මට වැඩ කරන්නෙ නැ...
    වෙන එකක් දන්නෙ නැද්ද
    මං හම්බානක්ට්‍රයි කලා ඒත් වැඩ නැ අය්යෝ

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලිනක්ස්වලට ගිහින් බලන්න.
      http://www.digitaltrends.com/mobile/how-to-root-android/
      http://www.cnet.com/how-to/how-to-easily-root-an-android-device/
      http://www.kingoapp.com/android-root.htm

      Delete
    2. ස්තූතියි නිරංජන් මං බලන්නං
      3 වෙනි එක නං වැඩක් නෑ කියල මං දැනටමත් දන්නව අනික් දෙක බලන්නං

      Delete
    3. ට්‍රයි කරලා බලන්න.මමත් මේවා අත්හදා බලලා නැහැ. තව හම්බවුණොත් දන්වන්නම්.

      Delete
  2. http://offair.nethfm.com/article/9565
    Updates නැති ඔබේ Android දුරකථනයට මෙන්න විසඳුම
    අද මෙහෙම එකක් දැක්කා නිරංන්. කොහොම උනත් ස්තූතියි ලිපියට...

    ReplyDelete
    Replies
    1. ඔබේ ලින්ක් එකෙන් මම ඒක බැලුවා. නමුත් මෙයට පෙර මෙම විස්තරයම මම පෝස්ට් කක් විදිහට දාලා තියෙනවා 2014 නොවැම්බර් 01 වෙනිදා. http://worldbeyondworld.blogspot.com/2014/11/what-is-cyanogenmod.html.
      ඒ පෝස්ට් එකට ගිහින් බලන්න මේ නෙත් එකෙන් දාපු එක මම දාපු එකේ කොපියක් නෙවෙයිද කියලා.

      Delete
    2. ඇත්ත නේන්නම්. මම ඉස්සර පෝස්ට් බැලුවෙ නැහැ. කොහොම උනත් ස්තූතියි නැවත සැරයක්.

      Delete
    3. එ්ක එවීම ගැන ඔබටත් ස්තූතියි

      Delete
  3. සිංහල ටයිප් කරන්න ක්‍රමයක් කියන්න.

    ReplyDelete
    Replies
    1. ලේසිම ක්‍රමය තමයි Helakuru Sinhala දාගන්න එක. ඒකේ සිංග්ලිෂ් විදිහට වගේම විජේසේකර පුවරුව යන දෙවිදිහටම තියෙනවා. කැමති, ලෙසි විදිහක් තෝරාගන්න පුලුවන්. මෙන්න ලින්ක් එක. https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru

      Delete
    2. ඔන්න මම ඒ ගැනත් පොඩ් කොටසක් මේ පෝස්ට් එකටම එකතු කළා.

      Delete
    3. හෙලකුරු අවුලක් තියනව නිරංජන්. මම හෙලකුරු දාගෙන ඉන්නෙ. නමුත් ටයිප් කරද්දි කොම්බුව එක්ක වචනයක් ටයිප් කරද්දි ඒක වදින්නෙ නෑ.
      උදාහරණයක් විදියට මම ෆේස්බුක් යන්නෙ 'සියළු' හෝ 'සෙට්' බ්‍රව්සර් වලින්. ඔය ලෙඩේ එන්න හේතුව කියන්න පුළුවන්ද?

      Delete
    4. මගේ ෆොන් එක ගැලැක්සි S2. ජින්ජර්බ්‍රෙඩ් තියෙන්නෙ.

      Delete
    5. ජින්ජර්බ්‍රෙඩ්වලට ඒ ගැටලුව නම් තියෙනවා. ඒවාට සිංහල හරියටම වැඩ කරන්නේ නැහැ. මම මේ දවස්වල දාගෙන ඉන්න මියු රොම් එකෙත් සිංහල හරියට වැඩ කරන්නේ නැහැ.

      Delete
  4. Sinhala unicode proffeslave panditla has naalava thiyenawa aparade sinhala

    ReplyDelete
    Replies
    1. පළකොට ඇති අදහස නිවැරදිව වටහාගැනීම අසීරුයි.

      Delete
  5. තාක්ෂණික පැත්ත ලියන අඩවියක්.. සතුටුයි........... මං හිතන්නේ අපි අදයි අාවේ............ දැන් නම් දිගට ම ඒනවා..............

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි. මම මට හිතෙන හැම දේම ලියනවා. තාක්ෂණික පැත්තට කැමති නිසා ඒ පැත්ත ගැනත් පුලුවන් හැම දෙයක්ම ලියනවා.

      Delete
  6. podi aulak tiyanawa.sinhala font ganna link eken enne root explorer app eka.sinhala font ganna ba.link fix karandoo

    ReplyDelete
    Replies
    1. ඔන්න මම හරිගැස්සුවා. දැන් ගිහින් බලන්න.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න