පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 18, 2015

ලැම්බෝගිනි - ගන්න නැතත් බලා සැනසෙමු - Story of Lamborghini Automobiles, Automobili Lamborghini




කාලයක් තිස්සේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වී මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති මෝටර් රථ වර්ගයක් අපේ රටේ තිබේ. ඒ ලැම්බෝර්ගිනි’ හෙවත් ලැම්බෝගිනිය. අපේ රටේ ඇතැම් තැන්වලින් ලැම්බෝගිනි මෝටර් රථ සොයාගත් බව මාධ්‍ය ඔස්සේ ද අසන්නට ලැබේ. සමාජ ජාල වෙබ් අඩවිවල ද මෙය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ. නමුත් මේ බොහෝ අදහස් විමසා බැලීමේදී පෙනී යන්නේ ලැම්බෝගිනි පිළිබඳ බොහෝ දෙනෙක් වැඩි දෙයක් නොදන්නා බව ය. දන්නේ යැයි සිතා පවසන දේවල් ද වැරදි සහගත බවය. එබැවින් මේ අපූරු මෝටර් රථ වර්ගය පිළිබඳ නිවැරදි තොරතුරු සොයා දැනුවත්කිරීමේ වරදක් නැති බව පෙනේ. මේ ඉදිරිපත් කරන්නේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයයි.


ලැම්බෝගිනි යනු ඉතාලියේ ඔටෝමොබිලි ලැම්බෝගිනි’ (Automobili Lamborghini) සමාගම මගින්  නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ වර්ගයක් වුව ද පසුගිය දිනෙක වෙනත් සමාගමක් මගින් නිෂ්පාදනය කළ ක්‍රීඩා සඳහා යොදාගන්නා මෝටර් රථයක් ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළේ ලැම්බෝගිනියක් බව අඟවමිනි. ලැම්බෝගිනි  යනු අධිවේගී, සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන අතර වොක්ස්වැගන් සමාගමට අයත්  ඕඩිසන්නාම අංශයට මෙය අයත්ය. ලැම්බෝගිනි සමාගමේ කර්මාන්ත ශාලාව සහ මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ බොලොඤීසේවලය. 2014 වසරේදී ඔවුන් පාරිභෝගිකයන් අතට පත්කළ ලැම්බෝගිනි මෝටර් රථ සංඛ්‍යාව 2,530 ක් බව ලැම්බෝකාර්ස්වෙබ් අඩවිය වාර්තා කරයි.


ෆෙරුසියෝ එලියෝ ආර්ටුරෝ ලැම්බෝගිනි

විකිපීඩියාවට අනුව ලැම්බෝගිනි මෝටර් රථ සමාගමේ ආරම්භය 1963 වශයෙන් සඳහන් වුව ද, සමාගමේ මූලාශ්‍ර පිරික්සීමේදී පෙනී යන්නේ මේ පිළිබඳ අදහස් පිළිසිඳ ගැනීම  1916 තරම් අතීතයක සිදුවී ඇති බව ය. ඒ වර්ෂය අන් කිසිවක් නොව ලැම්බෝර්ගිනි සමාගමේ නිර්මාතෘ වූ ෆෙරුසියෝ එලියෝ ආර්ටුරෝ ලැම්බෝගිනිඋපන් වර්ෂයයි. ඔහු එම වසරේ අප්‍රේල් 28 වැනිදා උපත ලැබූවේය. මිදි ගොවි පවුලක උපන්න ද ඔහු තුළ කැමැත්ත පැවැතියේ කාර්මික ක්ෂේත්‍රයටය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1948 ඔහු ලැම්බෝගිනිනමින් ට්‍රැක්ටර් නිෂ්පාදනය ආරම්භ කළේය. මේ අනුව ඔහු කෙමෙන් ඉතාලියේ කාර්මික ආම්පන්න නිපදවන්නකු ලෙස නමක් දිනාගත්තේය. එයින් නොනැවතුණු ඔහු ඔටෝමොබිලි ලැම්බෝගිනිසමාගම ආරම්භ කරන්නේ සිය කාර්මික දැනුම වෙනත් ඉසව්වකට යොමුකරවීමේ අදහසිනි.

ලැම්බෝර්ගිනි ට්‍රැක්ටරයක්


මෙම සමාගම ආරම්භ කෙරුණේ එවකට වංශවත් මෝටර් රථ අතර නමක් දිනා සිටි ෆෙරාරි වැනි සමාගම් සමග තරග කළ හැකි ආයතනයක් පිහිටුවීමේ අරමුණිනි. 1960 දශකයේ ඔවුන් හඳුන්වා දුන් මෝටර් රථ මාදිලිවලින් ලැම්බෝගිනි මෝටර් රථවල ඇති නැවුම් අත්දැකීම මනාව අවබෝධ කරගන්නට හැකියාව ලැබිණි.  1966 වන විට එය ක්‍රීඩා මෝටර් රථ කර්මාන්තයේ ඉදිරියට පැමිණෙන්නට තරම් වාසනාවන්ත විය. කෙමෙන් දියුණුවේ ඉදිරියටම ඇදුන ද 1973 වසරේ සිදුවූ තෙල් අර්බුදය හමුවේ පසුගාමිත්වයක් දක්නට ලැබිණි. 1973 න් පසුව මෙහි හිමිකාරිත්ව තෙවරක්ම වෙනස් වූ අතර 1978 දී මෙම සමාගම බංකොලොත් තත්වයට පත්විය. පසුව 1987 දී ඇමරිකානු ක්‍රිස්ලර් සමායතනය මගින් මෙහි පාලනය භාරගත් අතර 1994දී එය මැලේසියානු ආයෝජන සමාගමක් වූ මයිකොම් සෙට්ඩ්කෝසහ ඉනිදුනීසියානු ව්‍යාපාරික සමූහයක් වූ වීපවර්සමායතනයට විකුණා දැමිණි. පසුව 1998 දී මෙම සමාගම් දෙක මගින් ලැම්බෝගිනි සමාගම එහි වර්තමාන හිමිකරුවන් වන වොක්ස්වැගන් සමාගමේ ඕඩි සන්නාම අංශයට විකුණනු ලැබිණි.

මෙම නව හිමිකාරිත්වය යටතේ ලැම්බෝගිනි සමාගම පුනර්ජීවයක් ලබනු පැහැදිලිව දකින්නට හැකිවිය. ඔවුහු නව නිෂ්පාදන සමග නව මාදිලි හඳුන්වා දෙන්නට ක්‍රියා කළහ. කෙසේ මුත් 2000 දශකයේ වූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලැම්බෝගිනි සමාගමේ අළෙවිය 50%කින් පහළ වැටිණි.

350 ජීටී

ලැම්බෝගිනි සමාගමේ මුල්ම නිෂ්පාදනය වූයේ 350 ජීටී මාදිලියයි. ඒ 1964 වසරේදී ය. ඔවුන්ගේ මුල්ම නිෂ්පාදනය එවකට ක්‍රීඩා මෝටර් රථ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි ෆෙරාරි සමාගම සමග තරග කරන්නට අවශ්‍ය තරම් උසස් මට්ටමක පැවතිණි. මෙහි යාන්ත්‍රණය වර්තමාන දෙමුහුන් (Hybrid) තාක්ෂණයට සමාන වූ බැව් පෙනේ. එනම් මෙය නිර්මාණය කොට තිබුණේ මුළින්ම විද්‍යුත් බලයෙන් ධාවනය වී පසුව වේගය වැඩිකරන විට ඉන්ධන බලයට මාරුවිය හැකි ආකාරයටය. එයට පැයට කිලෝ මීටර 254ක වේගයකින් ධාවනය කිරීමේ හැකියාව තිබිණි. ලැම්බෝගිනි සමාගම මෙම මාදිලියෙන් මෝටර් රථ 135ක් නිෂ්පාදනය කළේය.

මේ ආකාරයට ලැම්බෝගිනි සමාගම මගින් 400ජීටී 2X2, මියුරා, එස්පාඩා, ඉස්ලෙරෝ, ජරාමා, උරාකෝ, කවුන්ටෑක්, සිලුවෙට්, ජල්පා, එල්එම්002,  ඩයබ්ලෝ, මර්සියෙලගෝ, ගලාර්ඩෝ, රෙවෙන්ටොන්, ඇවෙන්ටඩෝර්, සෙස්ටෝ එලිමෙන්ටෝ, වෙනීනෝ, එගොයිස්ටා සහ හුරාකන් යන ප්‍රධාන මෝටර් රථ මාදිලි නිපදවා තිබේ. මීට අමතරව වෙනත් අනු මාදිලි ඇති අතර ඒවා මෙම ලැයිස්තුවේ ඇතුළත් නොවේ. ලැම්බෝගිනි මෝටර් රථ බොහොමයකට නම් තබා ඇත්තේ ස්පාඤ්ඤය වැනි රටවල දක්නට ඇති ගොන් පොර තරගවලදී සටන් වැදුණු සටන්කාමී ගොනුන්ගේ නම්වලින් වීම ද විශේෂත්වයකි. මේ අතුරින් වැඩිම ප්‍රමාණයක් නිපදවන ලද මාදිලිය වන්නේ  2003 - 2013 අතර සමයේ නිෂ්පාදනය වූ ගලාර්ඩෝවන අතර එය 14,022 කි. 

ගලාර්ඩෝ

එගොයිස්ටා


අඩුම ප්‍රමාණයක් නිෂ්පාදන කොට ඇත්තේ 2013 වසරේ නිෂ්පාදනය කරන ලද එගොයිස්ටාය. එය මෙම සමාගමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද්දක් වූ අතර නව සංකල්පයේ මෝටර් රථයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර වාණිජමය වශයෙන් ඉදිරියට ගෙන යාමට සමාගමට අවශ්‍යතාවයක් නොතිබුණු බවක් පෙනුණි. පැයට කිලෝමීටර් 325ක වේගයක් සහිත වූ මෙය සම්පූර්ණයෙන්ම සැළසුම්කොට තිබුණේ ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයට අනුවය. එක් ආසානයක් පමණක් තිබූ මෙහි දොර ඉහළට එසැවිය හැකි සේ තනා තිබුණි. මෝටර් රථයේ වාඩිවිය යුත්තේ සුක්කානම ගැළවීමෙන් පසුව වූ අතර වාඩි වූ පසු සුක්කානම සවිකරගත යුතු විය. වායුගතික තාක්ෂණික ක්‍රමයට අනුකූලව මෝටර් රථයේ දේහය සකස්කොට තිබූ අතර ඒ සඳහා යොදාගෙන තිබූ ද්‍රව්‍යය රේඩාර්වලට හසුනොවන ලෝහ වර්ගයක් විය. මෙය දැනට ලැම්බෝගිනි කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.

ලැම්බෝගිනි කෞතුකාගාරය


ඔවුන් 2014 වසරේ නිෂ්පාදනය කළ මාදිලිය වූයේ  හුරාකන්’ (Huracán) ය. මෙය චණ්ඩමාරුතයඉංගිරිසි බසින් හඳුන්වනු ලබන hurricane යන්නෙහි ස්පාඤ්ඤ යෙදුමයි. බොහෝ ලැම්බෝගිනි මාදිලි සඳහා සේම මෙයට ද නම තබා ඇත්තේ සටන්කාමී ගොනෙකුගේ නමිනි. එමෙන්ම මායාවරුන් අතර සුළඟ, කුණාටුව සහ ගින්දර සඳහා අධිගෘහිත දෙවියා වන්නේ ද හුරාකන් ය. ඇමරිකානු ඩොලර් 320,000ක් (රුපියල් 42,201,600) ක් පමණ වන මෙය කාබන් ෆයිබර් යොදා නිමවා ඇති බව පැවසේ. තත්පර 3.2 ක් තරම් කාලයක් තුළ මෙයට පැයට කිලෝමීටර් 100 දක්වා වේගයකට ද, තත්පර 9.9කදී පැයට කිලෝමීටර් 200ක් දක්වා වේගයකට ද ළඟාවීමේ හැකියාවක් ඇත. ඉතාලි පොලීසිය සඳහා වූ නිල වාහනය ද මේ මාදිලියටම අයත් වන අතර එය හුරාකන් එල්පී 610-4 පොලිසියා’ (Huracán LP 610-4 Polizia) නමින් හඳුන්වනු ලබයි.

Huracán LP 610-4 Polizia



ලැම්බෝගිනි සමාගම මෝටර රථ පමණක් නොව ක්‍රීඩා සඳහා යොදාගන්නා බෝට්ටු සහ යතුරු පැදි ද නිෂ්පාදනය කරයි. 

6 comments:

  1. ලංකාවේ තියෙනවා කියපු ලම්බෝගිනි ටික කෝ. ඉඳිකටු වගේ පොඩි දෙයක් වෙන්න ඇති හොයන්න බැරි

    ReplyDelete
    Replies
    1. අන්න එක් තමයි හැමෝටම තියෙන ප්‍රශ්නය.

      Delete
    2. ඩුබායි වලට යැව්වේ මොනවාද චන්දෙට මාසෙකට කලින්?

      Delete
    3. මම හිතන්නේ අලුත්ආණ්ඩුව ළගදිම මේ ික හොයා ගනියි.

      Delete
  2. ලැම්බ ටැට්ටරෙත් මරු අයිටම් එක ඈ....
    හිහි...
    එතකොට අර කියපු ප්‍රදාන කාර් මාදිලි වලින් එගොයිස්ට එකක් විතරමද හදල තියෙන්නෙ...
    ඒ කියන්නෙ නිකං කික් එකට හදපු එකක්ද

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකෙන් එකයි හදලා තියෙන්නේ. මම හිතන්නෙනත් ඒක නිකං ජොලියට වගේ හදපු එකක්. නැත්නම් තව හදනවා නේ. මිනිස්සු අරතට මේක ගියොත් වැඩේ අනාගනියි කියලා හිතුවද දන්නෙත් නැහැ නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න