පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, September 29, 2015

මාර්ස්මෙලෝ - හයවැනි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය - Android 6.0 Marshmallow


මේ දිනවල අලුතින් පැමිණෙන සියලුම පාහේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල පවතින්නේ එහි අලුත්ම, එසේත් නැත්නම් 5 වැනි සංස්කරණය වන ‛ලොලිපොප්’. ඒක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙල හැටියට ඊළඟ සංස්කරණය M අකුරෙන් ආරම්භ විය යුත්තක් බව දැන සිටියා. දැන් එහි නම දැනගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි ‛මාස්මෙලෝ’. 

ඔක්තෝබර් 5 වැනිදා මුළින්ම නෙක්සස් දුරකතන සඳහා මෙය යොදා ගන්නා බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ. 

‛ඩෝස්’ (Doze) නමින් හැඳින්වෙන බැටරි බලය සුරක්ෂිත ක්‍රමවේදයක්, ඇඟිළි සළකුණු යොදා දුරකතනය ආරක්ෂාකිරීමේ උපක්‍රමයක්, මෙහි පවතිනවා. 

අමතර කියැවීමට

4 comments:

  1. ඒ වගෙම එන්නෙ හුආවෙයි ෆෝන් තඩියක
    ඒක තමා පළමු නිළ ද්විත්ව සිම් පත් සහිත දුකරථනය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට සහ දැනුවත් කිරීමට ස්තූතියි

      Delete
  2. මෙතන L එකෙයි M එකෙයි වැඩි වෙනසක් නැහැ. අලුතින් ආපු Phone එක විතරයි වැදගත් ඉතින්

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම වෙන්නත් ඇති.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න