පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 12, 2014

ගූගල් පරිවර්තකය සිංහලෙන් වැඩ අරඹයි - Google Sinhala Translation Begins


මේක මම දැක්කේ නම් අද. වෙන කවුරුවත් දාලා තියෙනවා දැක්කෙත් නෑ. ඒ තමයි අපි කාලයක් තිස්සේ පුල පුලා බලා සිටි ගූගල් පරිවර්තකයට සිංහල භාෂාව එකතු කරලා තිබීම. දැන් සෑහෙන කාලයක ඉඳන් කියල තිබුණා සිංහල දානවා කියලා. ඒත් දැම්මේ නැහැ. ඔන්න අද මම දැක්කා දාලා තියෙනවා. ආරම්භය නිසා තවම ඒ තරම් සාර්ථකව සිංහලයට පරිවර්තනය නොවුණත්, කිසිම දෙයක් නැතිව ඉන්නවාට වඩා මේ තරමට හරි තියෙන එක ලොකු දෙයක් කියලා තියන්න පුලුවන්.

මේ පරිවර්තනවල අඩුපාඩ තියෙනවා. උදාහරණයක් විදිහට

I like to eat hoppers

කියන වාක්‍යය සිංහලයට පරිවර්තනය කළාම එන්න ඕන මෙන්න මේ වගේ.

මම ආප්ප කන්න කැමැත්තෙමි/කැමතියි.

නමුත් ගූගල්වලින් පරිවර්තනය කරන්නේ මෙන්න මේ විදිහට

මම ආප්ප කන්න කැමති

මම කීපයක් පරිවර්තනය කළා.

1. ඉංග්‍රිසි වාක්‍යය - I usually travel by train.
නිවැරදි විදිහ - මම සාමාන්‍යයෙන් ගමන් කරන්නේ දුම්රියෙනි
ගූගල් - මම සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන

2. ඉංග්‍රිසි වාක්‍යය - How old are you?
නිවැරදි විදිහ - ඔබේ/ඔයාගේ වයස කීයද?
ගූගල් - ඔයාගේ වයස කීයද?

3. ඉංග්‍රිසි වාක්‍යය - He drive too fast.
නිවැරදි විදිහ - ඔහු පදවන වේගය වැඩිය.
ගූගල් - ඔහු වේගයෙන් රිය පැදවීම

මගේ නම හනුමන් කියලා පරිවර්තනය කළේ ඇයිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ


කොහොම වුණත් සිංහල භාෂාව මේ විදිහට එකතුවීම අපි ලබපු ජයග්‍රහනයක්. මෙය ඉදිරියේදී තව තවත් දියුණු වී පරිවර්තනය වඩාත් සුමට වේවි. භාෂාව නිසා තිබුණු ගැටලු බොහොමයක් නිරාකරණය වේවි.
මේ වෙනුවෙන් කැප වූ සියලු දෙනාම අපි මෙසේ සුබ පතමු

පරිවර්තනය කරන්න ඕන අය මෙතැනින් ඇතුළු වෙන්න








13 comments:

  1. අඩුපාඩු ගොඩක් තිබෙන බව පෙනෙනවා. මේ තරමින් හෝ හදාගත්ත එක ලොකු දෙයක්. මමත් සති දෙකක් පමණ පරිවර්තන කටයුතු කළා. මේ ලිපිය දැක්කට පස්සේ මම ගූගල් පරිවර්තකයට ගොස් ටයිප් කළා, ocean current යනුවෙන්. බෙල්ල ගහලා යන පරිවර්තනයක් ලැබුණේ 'සාගර වත්මන්' යනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කොහොම වුණත් අපිත් ගූගල් එකට උදව් කළොත් වැඩි කාලයක් යන්න කලින් වඩා යහපත්, නිවැරදි සිංහල පරිවර්තකයක් හදාගන්න බැරිවෙන එකක් නැහැ.

      Delete
  2. "Niranjan" vala dota ain kalaama hari.

    ReplyDelete
    Replies
    1. හැබෑම තමයි. ඒත් ඒක පරිවර්තනය වෙන්නේ - මම නිරංජන් මම - කියලා. ඒක අරකට හපන්.

      Delete
  3. ඔත්තුවට ස්තූතියි... මාත් යනව ට්‍රයි කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්න. හරිම වටිනා දෙයක්

      Delete
    2. ට්‍රයි කලා. ඇත්තමයි වටිනව තමයි. සීයට සීයක් නැතත් ඕනි වැඩක් කරගන්න පුලුවන් මට්ටමේ තියෙනවා.

      Delete
    3. ඔව් සෑහෙන දුරකට පරිවර්තනය වෙනවා. වැරදි ඒවා නිවැරදි කරගන්න පුලුවන් අපට.

      Delete
  4. ඔයාගෙ හැටි දැකල වෙන්න ඇති නිරංජන් ගැහුවම හනුමන් කියල එන්නෙ. මම නිරංජන් කියල ගැහුවම හරියටම පරිවර්තනය උනා.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.

      Delete
  5. මට හරිම සතුටුයි ඒ නිව්ස් එක නිසා
    ඒත් සරල වාක්‍යවල මිස ඡෙදවල නම් අර්ථය එන්නෙත් නෑ.පරිවර්තන කටයුතුවලටනම් මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ.නමුත් මේ උත්සාහය අගය කළ යුතුයි.
    සරල වාක්‍ය වල නම් ආසන්න අර්ථයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පරිවර්තන කටයුතුවලට මෙයින් ප්‍රයෝජනයක් ගන්න නම් සෑහෙන කාලයක් යාවි. ඒත් මිනිස් මැදිහත්වීමක් නැතිව සාර්ථක පරිවර්තනයක් කරගන්න නමු අමාරු වෙයි.

      Delete
  6. මගේ නම හනුමන් කියල ගූගල් එකෙන් ආව කියල පියුමිට කිව්වෙ නැද්ද .මට මැවී පේනව ඒක කිව්වනම් එයා හිනාවෙන හැටි.
    මට අහම්බෙන් මේක අහුවුනේ.සතුටුයි.ලිපි හැම එකක්ම වගෙ සුපිරියි.
    කොමෙන්ට් අඩු මොකද බන්

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න