පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 17, 2015

සූසැටබරණ හෙවත් සිව්සැටබරණ ගැන දන්නවාද? - What is Soosatabarana or Siwsatabarana, the sixty four jewelleries

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න. ඔටුන්න තමයි සූසැටබරණවලට අයත් ප්‍රධානතම ආභරණය.

‛හැට හතර’ කියන්නේ අපේ රටේ, බොහෝ විට සිංහලයාට සුවිශේෂී අංකයක් කියා තමයි සිතෙන්නේ. මොකද හැට හතර මායම්, හැට හතරක් වූ කලාවන් වගේම හැට හතරක් වූ ආභරණ ආදියත් අපේ සංස්කෘතියේ නිතර කියැවෙන නිසා. මෙයින් මුළින් සඳහන් කළ ඒවා ගැන විස්තර තවමත් හරිහැටි හොයාගන්නට නොලැබුණත් හැටහතරක් වූ ආභරණ, එහෙමත් නැත්නම් ‛සිව්සැට ආභරණ’, සූසැටබරණ’ ගැන විස්තර ටිකක් නම් හොයාගත්තා. දැන් හදන්නේ ඒ හොයාගත්ත දෙය සයිබර් අවකාශයේ සියලු දෙනා සමඟ බෙදාහදාගන්නයි. 

අපේ රටේ ජනප්‍රිය ගායිකාවක් වන නීලා වික්‍රමසිංහගේ ගීතයක් තියෙනවා, ‛සිව්සැටබරණින් සැරසීලා - නා කපනා වැහි වැටෙන වෙලේ’ කියලා. ඒ වගේම අතීතයේදී සූසැටබරණින් සැරසුණු අය් ගැන කතා පොත්පත්වල සඳහන් වෙනවා. අද මේවා නැතත්, දැනගෙන හිටියාට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි සූසැටබරණ කියා කියන්නේ. 

1. රන්පට
2. රුවන් තෝඩු
3. නාග වඩම
4. කාදු කාප්පු
5. මුතු වැල
6. කච්චොඩම්
7. බාහු අණ්ඩ
8. මිණි කයි වඩම්
9. ගිගිරි වළලු
10. හස්ත මුද්‍රිකා
11. හස්තාංගුලි
12. කයි පෝට්ටු
13. අංගදාභරණ
14. ඒකාවැල
15. කර්ණාවතංශ
16. ග්‍රීවාලංකාර
17. පදක්කම්
18. කර්ණ සූත්‍ර
19. මිණිබන්දි
20. හල් මුතු මාල
21. ගෙල මුතු මාල
22. මිණි මුතු මාල
23. දර්ශන මාල
24. නිල්මිණි මාල
25. රන් මුතු මාල
26. රන්පෙති මාල
27. ලිය රන් මාල
28. වට රන් මාල
29. රුවන් මාල
30. රන් මිණි මාල
31. තුන්කොන් මාල
32. සිව්කොන් මාල
33. ලැම පෝට්ටු
34. මේඛලාදාම
35. පස් රූ
36. පස් පෙරහැර
37. සත් රුවන් මාල
38. රන් හවඩි
39. රිදී හවඩි
40. මුතු හවඩි
41. සත් රුවන් හවඩි
42. රන් මිණි හවඩි
43. නිල්මිණි හවඩි
44. ඌරු බන්ධන
45. ඌරු ජාල
46. ඉණ සැදුම
47. කෙයුරාභරණ
48. මකර පට
49. නළල පට
50. පාද සංකලා
51. පාදාභරණ
52. පාද ජාලා
53. කිංකිණි ජාලා
54. පාදාංගුලි
55. පාද ජංඝා වළලු
56. රන් දම්
57. මුතු දම්
58. සක් දම්
59. රිදී දම්
60. මිණි දම්
61. මුතු හර
62. අවුල් හර
63. අලකාපට
64. ඔටුන්න 

මේවා කොහොම පැළඳගෙන හිටිය ද කියන එක ගැන නම් හොයාගන්න නැහැ. ඒත් මේවා තමයි සූසැටබරණ. 




4 comments:

  1. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
  2. ඒක ගොඩක් වටින ලිපියක්. මේවා ගැන තව දුරටත් විස්තර කරලා ලිපියක් පුලුවන් නම් අන්තර්ජාලයට එක් කරන්න. සුබ පැතුම් ඔබට

    ReplyDelete
    Replies
    1. යෝජනාව හොඳයි. බලමු ඒ ගැන උත්සාහයක් දාලා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න