පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, August 12, 2014

ජීවමාන බුදුන්ගේ තේජවන්ත මාලිගය - Potala Palace of Dalai Lama



දලයි ලාමාතුමාගේ නිල මන්දිරය කුමක්දැයි ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද ? ඔබ දන්නේ නම් ඒ “‍පොතාලා මන්දිරයයැයි පවසනු ඇත. එය පිහිටා ඇති කන්ද හඳුන්වනු ලබන්නේ රතු කන්ද නමිනි. ටිබෙටයේ ලාෂා මදා හි පිහිටි මෙම ‍පොතාලා මන්දිරය සත්වැනි සියවසේදී සොන්ග්ස්ටන් ගැම්‍පෝ රජු විසින් කරවන ලද්දකි. අකුණු සරවලට හා යුද්ධයකට මැදි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය විනාශයට පත්විය. කෙසේමුත් වර්ෂ 1945 දී 5 වැනි දලයි ලාමාතුමා විසින් මෙම මාලිගය යළි ගොඩනගන ලදී. එතැන් පටන් එය ටිබෙටයේ දේශපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 

මෙම මාලිගය තුළ තවත් මාලිගා දෙකක් පිහිටා තිබේ. ඉන් එකක් රක්ත මාලිගය වන අතර අනෙක ශ්වේත මාලිගය වේ.  රක්ත මාලිගය ආගමික කටයුතු සඳහා ද ශ්වේත මාලිගය අමාත්‍ය මණ්ඩලයේ කටයුතු සඳහාද වෙන්වී තිබේ. මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි දක්නට ලැබෙන සංකීර්ණ වූ ඉදිකිරීම් ශිල්පය,දැවැන්ත බව සහ එහි ඇති නිහඬ, නිසල බව නිසාවෙනි. එමෙන්ම මෙම ගොඩනැගිල්‍ලේ ඇත්තේ කලා කෘතියක මුහුණුවරකි.

රක්ත මාලිගය


ශ්වේත මාලිගය

මෙයට ඇතුළුවන ප්‍රධාන දොරටුව ඇත්තේ නැගෙනහිර දිශාවේය. මෙම දොරටුවෙන් ඇතුළුවුණු පසුව යොමුවන්නේ ප්‍රධාන අංගනයටයි. දලයි ලාමාතුමා ටිබෙට් ඔපෙරා නැරඹීම සඳහා යොදා ගන්නේ මෙයයි. ශ්වේත මාලිගය හඳුන්වනු ලැබුයේ සිසිර මාලිගය ලෙසින් වූ අතර සුදු පැහැයෙන් සාමය, නිහඬ බව හා එකමුතු බව සංකේතවත් විය. ශ්වේත මාලිගයේ විශාලතම ශාලාව පිහිටා ඇත්තේ සිව්වැනි මහ‍ලේ වන අතර වාසස්ථාන හා කාර්යාල ලෙස භාවිත කරන ගොඩනැගිලි ඇත්තේ පස්වැනි මහ‍ලේය. ලාෂා දෙකට මුහුණ දී ඇති ඉතා අලංකාර සඳලුතලයක්ද ‍පොතාලා මාලිගයේ දක්නට ලැබේ.


රක්ත මාලිගය ‍පොතාලා මාලිගයේ මධ්‍යයේ පිහිටා ඇති අතර එයට රක්ත වර්ණය ආ‍ලේප කරන ලද්දේ පස්වැනි දලයි ලාමාතුමාගේ අභාවයෙන් පසුය. ඒ බලය හා අභිමානය සංකේතවත් කිරීම සඳහාය. රක්ත මාලිගයේ බිත්තිවල බොහෝ බෞද්ධ කතා සටහන් කොට ඇත. මෙහි ආගමික මැදුරු තුනක් දක්නට ලැබේ. උතුරේ ඇති මන්දිරය බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ඖෂධ සහ දලයි ලාමාතුමා වෙනුවෙන් කැපකොට ඇත. පෙරදිග දිශාවේ ඇති මන්දිරය ටිබෙටයට බුදු දහම හඳුන්වා දුන් ඉන්දීය භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන්කොට තිබේ. බටහිර මන්දිරය මෙහි ඇනි ධනවත්ම ස්ථානයයි. එහි රත්රන් කි.ග්‍රෑ.3,000ක් ද සිය දහස් ගණනක් මුතු මැණික් ද තැන්පත් කොට තිබේ.


6 comments:

  1. දලයි ලාමා තුමන් ටිබෙටයේ රැදි හිටියෙ නෑ නේද...
    මට මතක විදියට චීනයෙන් ප්‍රශ්න ඇතිවුණා...
    දැන් ආපහු ඇවිත්ද..

    ReplyDelete
    Replies
    1. මෙය දලයි ලාමා තුමාගේ නිල මන්දිරය වුවත් දේශපාලන ගැටලු නිසා එතුමා මෙහි වාසය කරන්නේ නැහැ.

      Delete
  2. මේකේ මාතෘකාව තරයේ හෙලා දකිනවා

    ReplyDelete
    Replies
    1. මෙහි ජීවමාන බුදුන් යනුවෙන් හදුන්වා ඇත්තේ ථේරවාද බුදු දහමේ ඇති සංකල්පයකට නොවේ. මෙය ටිබෙට් බුදු දහමේ සංකල්පයක් හා විශ්වාසයක්. මෙය යම්කිසි තනතුරක් (පාප් වහන්සේ වැනි) සදහා යොදන වදනක් මිස පුද්ගලයකු උදෙසා යොදන වදනක් ද නොවෙයි. ටිබෙට් රටේ විශ්වාසයට අනුව දලයි ලාමා යනු අවලෝකිතේස්වර බෝධි සත්වයන්ගේ නැවත ඉපදීමක්. ඒ නිසා ඔවුන් මෙම පදවිය දරන්නා ජීවමාන බුදුන් (Living Buddha) ලෙසින් හදුන්වනවා.

      Delete
  3. දලයි ලමා යනු ප්‍රධාන ලාමා හෙවත් ප්‍රධාන පූජකය යනුයි.
    01.කිසියම් දිනෙක විදේශිකයන් පැමින ටිබෙටය විනාශ කරතී යනුවෙන් පුරෝකථනය කර තිබූ බැවින් ටිබෙටය පාලනය කල දලයි ලාම තනතුර දැරූ පුද්ගලයන් විසින් කිසිම විදේශිකයෙකුට රටට අතුලුවන්නට ඉඩ නොදෙන ලදී.මෙම නීතිය නිසාම එරටට ක්‍රිස්තියානි දහම රැගෙන යාමට තැත් කල ( 19 වන සිය වසේ ඉන්දියාවේ සාදු සුන්දර සිං මිෂනාරිවරයාට සමකාලීන ) ඉන්දියානු ධර්ම දූතයකුට දලයි ලාමා (එකල විසූ )විසින් මරන දඬුවම නියම කරනු ලැබීය.ඔහුව ඝාතනය කරන ලද්දේ ඉතාම කෲර ලෙසය.යැක් නැමති ටිබෙට ගවයාගේ සම ඇඟට තබා මසා මිය යන තුරු කඳු මත මත මුදුනක් තබන ලදී.ඉරු රැස්වැටෙත්ම හම ඇකිලීමට පටන් ගන්නා අත්තර අවසානයේදී පුද්ගලයා මිය යාම සිදුවෙයි.මේ අනුව දලයි ලාමා වරුන්ගේ ඉතිහාසය ලෙයින් නැහැවී ඇත.

    02. ටිබැටය කිසිම දිනෙක ස්වාධීන රාජ්‍යයක් නොවීය.එය මහා චීන අධිරාජ්‍යයේ කොටාක් විය. එහෙත් චීනයේ අභ්‍යන්තර දේශපාලන යුද කෝලහාල නිසා චීන රාජාංඩුව දුර්වලවත්ම ප්‍රාන්ත කැරලි ගැසීම සිදුවිය.
    03.චියැංකායිශෙක් විසින් රාජාංචීන සමූහාංඩුව පිහිටවූ අවස්තාවේ පවා ටිබැටය චීනයේ ප්‍රාන්තයක් ලෙස පැවතින.
    04. අනතුරුව මාඕසේතුං විසින් කොමියුනිස්ට් පාලනයක් පිහිටවූ පසුව ලාසවේ චීන හමුදා කංඩායමක් පිහිටුවා තිබින.
    05. මේ අවස්ථාව වන විට පවා ටිබටය නොදියුනු වැඩවසම් පාලනයක් සහිත විය.
    06. එක්තරා හේතුවක් නිසා ටිබැට්වරු කැරලි ගසන ලද අතර චීන හමුදා කණ්ඩය ලෙහෙසියෙන්ම පරදවන ලදී.
    07. අනතුරුව ටිබට් වැඩවසම් ආංඩුව හා චීන කොමුනිස්ට් ආංඩුවේ හමුදා අතර සිව්ල් යුද්ධයක් හට ගත්තේය.දලයි ලාමා සිය වැඩවසම් ආංඩුවේ සෙසු පිරිසත් සමඟ ඉන්දියාවට පලා ගියේය!

    08.වර්තමාන තත්වය.ටිබැටය චීනයේ ස්වතංත්‍ර ප්‍රාංතයකි.බීජිං සිට ලාසා දක්වා ඉතාම දියුනු තාක්ෂනය සහිත දුම් රිය මාර්ගයක් සාදා ඇත.රට තුල ප්‍රවාහන පහසුකම් නවීකරනය කර ඇත.චීන පාර්ලිමේන්තුවේ ටිබැට් ජාතික නියෝජනයක් ඇත.
    09. ඉපැරනි පුරෝකතනය ඉටුවිය.වැඩවසම් ටිබැට් පරිපාලනය නැතිවී ගියේය.චීන්නු එහි වැඩ වසම් පාලනය පෙරලා දැමූහ.දෛවයේ සරදමක මහත!! ක්‍රිස්තියානි මිෂනාරිවරු කෲර ලෙස ඝාතනය කල පරපුරෙන් පැවත එන වර්තමාන දලයි ලාමා වැඩිපුරම වසන්නේ ක්‍රිස්තියානි ඇමරිකාවේය!!!
    ජනතා පුත්‍ර

    ReplyDelete
    Replies
    1. නොදැන සිටි තොරතුරු බොහොමයක් තිබෙනවා. ඔබට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න