පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, August 24, 2014

විෂ්ණු ෂර්මන් - Vishnu Sharma


විෂ්ණු ෂර්මන් යනු පංචතන්ත්‍රය නම් උපමා ග්‍රන්ථය රචනා කළේ යැයි සැළකෙන ඉන්දියානු විද්වතකු සහ ලේඛකයෙකි. පංචතන්ත්‍රය සම්පාදනය කළේ යැයි සැළකෙ නිවැරදි කාලවකවානුව පිළිබඳ නිශ්චිත අදහස් නැතත් එය ක්‍රි.පූ. 1200 - ක්‍රි.ව. 300 අතර යැයි විශ්වාස කෙරේ.ඇතැම් විද්වතුන් පවසන්නේ විෂ්ණු ෂ්ර්මන් ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි ජීවත් වූ බවය. 

ලෝකයේ භාෂාවන් වැඩිම සංඛ්‍යාවකට පරිවර්තනය වූ ආගමික ආගමික නොවන ග්‍රන්ථය වන පංචතන්ත්‍රය ක්‍රි.ව. 570 දී  බොර්සූයා විසින් පාල්වි බසට (පරිසියානු බසකි) ද, ක්‍රි.ව. 750දී පරිසියානු විද්වතකු වූ අබ්දුල්ලා ඉබන් අල්-මුකාෆා විසින් ‛කාලිලා වා දිම්නා’ නමින් අරාබි බසටත් පරිවර්තනය කරනු ලැබිණි

පංචතන්ත්‍රය කෘතියේ පෙරවදනේ ඇති සඳහනට අනුව එය සම්පාදනය කරන ලද්දේ විෂ්ණු ෂර්මන් බව පැහැදිලිය. මේ හැරුණු විට ඔහු පිළිබඳ සොයාගන්නට වෙනත් බාහිර තොරතුරක් නැත. මෙවැන්නෙක් සැබවින්ම ජීවත් වූයේද, නැතහොත් මෙම නම වෙනත් කතුවරයකු වෙනුවට යොදාගත් ව්‍යාජ නමක් ද යන්න පිළිබඳව ද ඇතැම් විද්වත්හු සැක පහල කරති. පංචතන්ත්‍රයේ සඳහන් වී ඇති විවිධ භූගෝලීය තොරතුරු, සතුන් ආදිය පිළිබඳ සළකා බැලීමේදී ඔහු ඉපදී ඇත්තේ කාශ්මීරයේ බව විදුවත්හු පවසති.


13 comments:

  1. Me wistharaya wedagath,Panchthathraye kotasakda koheda,Apawathwee wadala panditha,YAKKADUWE SRI PANNARAMA Suwaminwahanse wisin WANAKATHA 1 MITHURANKETAWEEMA yanuwen sihalayen palakota thiyenawa.jeewithayata harima watina pothak,Meya sihikalata obata pin,(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. පංචතන්ත්‍රය සම්පූර්ණ කෘතිය ඇම්.ඩී.ගුණසේන සමාගමේ තිබෙනවා.

      Delete
  2. I THOUGHT ABOUT THAT COOK, DON SHERMON

    ReplyDelete
  3. සියලු අදහස්වලට ස්තූතියි

    ReplyDelete
  4. දන්නවද නිරංජන් වැඩක්...
    පංචතන්ත්‍රය කියවපු කෙනෙක් තරං සමාජීය දැනුම තියෙන වෙන එක කපටිවෙක් වත් නැ...
    ස්තූතියි ඈ

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට නම් කටේ මසුරන් දාන්න වටිනවා

      Delete
  5. වැදගත්....මට වැදගත් වුනා වගේම...අනෙක් අයටත්....නිවැරදි ජීවිතයන් දකින්නට..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.

      Delete
  6. පංචතන්ත්‍රය පිළිබඳ විස්තරයක් තව ලබා දෙන්න පුළුවන් නම් බොහොම පින්...... ග්‍රන්ථය පිළිබඳ ව

    ReplyDelete
    Replies
    1. විෂ්ණු ෂර්මන් නම් පඬිවරයා විසින් ක්‍රි.ව. 300 දී පමණ ලියන ලද පංචතන්ත්‍රය යනු සතුන්ගේ උපමා කතා ඇතුළත් සංස්කෘත උපදේශ ග්‍රන්ථයකි. සිය අනුවණ රාජකුමාරවරුන්ට රට පාලනය කිරීමට පෙර නුවණ ලබා දීම සඳහා එක් රජකු විසින් ඔවුන්ව ගුරුවරයකු වෙත යවා ඇති අතර එකී ගුරුවරයා එම කුමාරවරුන්ට නුවණ ලබා දී ඇත්තේ මේ කතා තුළින් බව කියැවේ.

      Delete
  7. පංචතන්ත්‍රය පිළිබඳ විස්තරයක් තව ලබා දෙන්න පුළුවන් නම් බොහොම පින්...... ග්‍රන්ථය පිළිබඳ ව

    ReplyDelete
    Replies
    1. මම ඉහළින් පොඩි විස්තරයක් දමා තිබෙනවා ඔබේ කලින් කොමොන්ට් එකට

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න