පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 28, 2015

වශී බෝලය හෙවත් වජ්‍රයේ කතාව - Vajra, the Charming Device




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාත් පහුගිය කාලේ දේශපාලන රැස්වීම් අමතන විට අතේ යම්කිසි අමුතු උපකරණයක් තබාගෙන සිටි අයුරු බොහෝ දෙනෙක් දකින්නට ඇති.  බොහෝ දෙනෙක් මෙය හැඳන්වූයේ මහජනතාව වශී කරගන්න, ඔවුන්ව ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබෙන බලගතු යන්තරයක් කියලා තමයි. අනුර කුමාර දිසානායක මහත්තයත් මේ ගැන පහුගිය කාලේ කිව්වා. එක් එක් අය මොනවා කීවත් ඒක ගැන අපිම හොයා බලා විස්තරයක් දැනගන්න එක හැම අතින්ම හොඳයි කියලා හිතුණා. එහෙම හොයන කොට තමයි මේ විස්තරේ හොයාගන්න ලැබුණේ. 



මේ අතේ තියාගෙන ඉන්න අමුතු උපකරණයට කියන්නේ වජ්‍රකියලා. වජ්‍ර කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. එහි අකුණවගේම දියමන්තිකියන තේරුම් දෙකම තියෙනවා. තේරුම් දෙකක් තිබුණත් ඒ දෙකෙන්ම අපට එක පාරටම තේරුම් ගන්න බැරි කතාවකුත් කියනවා. අකුණකියන එක සැළකිල්ලට ගත්තොත් එයින් කියැවෙන්නේ කිසිම දෙයකට නවත්වන්න බැරි බලවේගයක් කියන එක. අහුවෙන ඕන දෙයක් විනාශ කරගෙන යන්න අකුණට පුළුවන්. දියමන්ති කියන්නේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පාෂාණය. කිසිම දෙයකින් විනාශ වෙන්නේ නැහැ කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට වජ්‍රකියන්නේ කිසිම බලවේගයකින් නවත්වන්න බැරි වස්තුවක සහ කිසිම වස්තුවකට නවත්වන්න බැරි බලවේගයක එකතුවක්. එහෙමත් නැත්නම් එවැනි අපූරු බලයක් සහිත ආයුධයක් හෝ ආයුධයක් සංකේතවත් කරන යම්කිසි වස්තුවක්. භෞතික විද්‍යාවට අනුව නම් ලෝකයේ එවැනි බලවේග දෙකක් එකවර  පවතින්නට ඉඩක් නැහැ. ඒත් වජ්‍ර කියන්නේ භෞතික විද්‍යාවට වඩා එහාට ගිය දෙයක් කියන එක මේ ලිපිය ඉදිරියට කියගෙන යනකොට වැටහෙයි. 




වජ්‍රය මුගුරක් ලෙසින් ද විස්තර කෙරෙනවා. මේ මුගුරේ හිස අනිවාර්යයෙන්ම නාරටි ආකාරයේ කොටස්වලින් යුක්ත වන බව දැක්වෙනවා. මේ නාරටි කෙළවර වන්නේ ගෝලාකර මුදුනකින්. එසේත් නැත්නම් මේවා මුදුනින් එක් නොවී උල් ආකාරයෙන් පවතින්නටත් පුළුවන්. බුදුදහම, ජයින ආගම සහ හින්දු දහමේ ආධ්‍යාත්මය දැඩි බව සහ ආධ්‍යාත්මික බලය සංකේත්වත් කරන්නටත් මෙය යොදාගැනෙනවා. වජ්‍රය සංකේතයක් ලෙස භාවිත කිරීම ඉන්දියාවේ සිට ආසියාවේ අනෙකුත් කලාපවලට පැතිර ගොස් තිබෙනවා. 




පැරණි තොරතුරු 


වජ්‍රය ගැන මුළින්ම සඳහන් වෙන්නේ ඍග්වේදයේ. ඍග් වේදය කියන්නේ සිව් වේදයන්ගෙන් එකක්. එහි මෙය විස්තර කෙරෙන්නේ ඍග්වේදයේ එන දේව මණ්ඩලයේ ප්‍රධානියා වන ඉන්ද්‍ර දෙවිඳුන්ගේ ආයුධය හැටියටයි. ඔහු මෙයින් පව්කාරයන්ව සහ අඥානයින්ව මරා දැමූ බව සඳහන් වෙනවා. ඍග්වේදයේ සඳහන් වන්නේ දිව්‍යමය මෙවලම් නිෂ්පාදනය කරන ත්වත්සාර්විසින් මෙය නිර්මාණය කොට ඇති බවයි. එමෙන්ම සර්පයකුගේ වේශයෙන් සිටි ව්රිතානම් අසුරයා මරා දැමීමට ඉන්ද්‍ර දෙවියන් මෙය නිතර අතේ තබාගත් බවයි කියැවෙන්නේ. මේ නිසා ඍග්වේදයේ සඳහන් ඉන්ද්‍ර දෙවියන් වජ්‍රභ්‍රීත්’ (වජ්‍රය දරන්නා), ‛වජ්‍රිවාත් හෙවත් වජ්‍රින්’ (වජ්‍රයෙන් සන්නද්ධව), ‛වජ්‍ර දක්ෂිණ’ (වජ්‍රය දකුණතින් ගත්) සහ වජ්‍රබාහුහෙවත් වජ්‍රාෂ්ට්‍ර’ (සිය අතෙහි වජ්‍රය දරා සිටීම) යන සමාන පදවලින් හඳුන්වනු ලබනවා. ඉන්ද්‍ර දෙවියන් සම්බන්ධ කතාව පසුකාලයේදී තරමක් වෙනස් වී පුරාණසාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ ද කොටස් බවට පත් ව තිබෙනවා. පස්වැනි සියවසේ ජීවත් වූ බුද්ධඝෝෂ හිමියන් වජ්‍රපානිනම් බෝධිසත්වයන් වහන්සේ යනු ඉන්ද්‍ර දෙවියන්ම බැව් සඳහන් කොට තිබෙනවා. 


වජ්‍රයාන බුදු දහම 


බුදු දහමේ ශාඛා තුනක් පවතිනවා. ඒ තමයි හීනයානය හෙවත් අපේ රටේ ඇති ථේරවාදය, මහායානය හා වජ්‍රයානය. වජ්‍රයාන යන්නෙහි අර්ථය වන්නේ අකුණක් ආකාරයෙන්යන්නයි. බුදුන් වහන්සේ නිර්වාණය අවබෝධකර ගැනීම අකුණක් තරම් ක්ෂණිකව සිදුවූ බව අඟවන්නට මෙය යොදගෙැනෙනවා. එමෙන්ම බුදු දහම දියමන්ති තරම් ශක්තිමත්, කිසිවකට විනාශ කළ නොහැකි යන අර්ථයත් මෙහි තිබෙනවා. 

වශී බෝලය හෙවත් වජ්‍රය ගැන පින්තූර සොයද්දී මේකත් හම්බ වුණා. මේක හදපු එකක් නොවෙයි නම් අප කවුරුත් කතා නොකළාට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ද මෙය භාවිත කරන බවයි කිව හැක්කේ.



සංකේතවත් කිරීම 


සාමාන්‍යයෙන් වජ්‍රය කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. එහි මැද ඇති ගෝලය වැනි කොටසින් සුන්‍යාතහෙවත් විශ්වයේ ආදිකල්පික ස්වභාවය නිරූපණය වෙනවා. සියලු දෙයටම වඩා ඉහළින් පවතින ඒකාත්මික බවයි එයින් පැවසෙන්නේ.  මෙම ගෝලයෙන් පෙති අටක නෙළුම් මල් දෙකක් මතුවෙනවා. එක් මලකින් බුදු දහමේ දැක්වෙන සංසාරයත්, අනෙක් මලින් නිර්වාණයත් දැක්වෙනවා. මෙයට අමතරව පුරුෂ ලිංගය ද වජ්‍රය මගින් සංකේතවත් වනවා. 


එමෙන්ම ඇතැම් ස්ථානවල මකරා නම් කල්පිත සත්වයා ද මෙයින් නිරූපණය කෙරෙනවා. 

ඉන්ද්‍ර දෙවියන් වජ්‍රය දරා සිටින අයුරු



භාවිතය 


ඉන්ද්‍ර දෙවියන් විසින් අසුරයකු මරා දමන්නට යොදාගන්නට ඇතියි කියන වජ්‍රය නම් නිසැකවම විශාලත්වයෙන් වැඩි එකක් වුණත්, වර්තමානයේ භාවිතයට ඇති වජ්‍ර ඒ තරම් විශාල නැහැ. එහි ප්‍රමාණය ගැන විශේෂයෙන් සඳහන් නොකළ යුතු වන්නේ බොහෝ දෙනෙක් එය රූපවාහිනියේ දැක ඇති නිසයි. සාමාන්‍යයෙන් මෙය පිත්තලවලින් තනනු ලබනවා. නමුත් මුදල් යහමින් ඇත්නම් රන්, රිදී වැනි ලෝහවලින් ද තනනු ලබන අවස්ථා තිබෙනවා. මෙය දකුණු අතේ මහපටඟිල්ලට හා දබරගිල්ලට මැදිවන සේ තබාගත යුතු වෙනවා. අන්තර්ජාලය ඔස්සේ මෙම වජ්‍ර අළෙවි කරන එක් අඩවියක දැක්වෙන පරිදි මෙහි වටිනාකම සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 99.95 පමණ වනවා. රුපියල්වලින් නම් 13,180ක් පමණ. නමුත් මෙය තනනු ලබන ලෝහයට අනුව මෙම ගණන් වෙනස් විය හැකියි. 

ලෝකයේ ඇති ප්‍රබලතම බලවේග දෙකෙහි එකතුව මෙයින් සංකේතවත් වන බැවින් මෙය දරාගෙන සිටින්නාට සතුරන් ජයගෙන ජයග්‍රහණය කරා ගමන් කළ හැකි බව දැක්වෙනවා. නමුත් එයට එවැනි බලයක් තිබුණේද යන්න පිළිබඳ අප නැවත සිතා බැලිය යුත්තේ පසුගිය ජනාධිපතිවරණයෙන් වජ්‍රයපරාජයට පත් වූ නිසයි.


17 comments:

  1. මාත් ගන්න ඕනෑ මෙව්වයිං එකක්. කොහෙන්ද ඕඩර් කරන්න පුළුවන්?

    ReplyDelete
    Replies
    1. එහෙම් ලේසියෙන් ගන්න බෑ.
      ඔබේ ඔලුවේ කෙස් නැති නිසා අහවල් තැනින් කෙස් ගස් තුනක්
      තැපෑලෙන් එවන්න . එය සමඟ දින 7ක් ජීවන් කල යුතුයි.
      (වකුටු වූ මයිල් ගස් බාර ගනු නොලැබේ)

      Delete
    2. මම බැලුවේ වශී බෝල කොම්පැනියක් පටන් අරන් ලංකාවටම සහන මිලට බෙදාහරින්න.

      Delete
    3. රසිකට ඕකක් ඕන නැහැ
      කැසිල්ල නිසා ඔයිට වඩා හොඳ බෝලයක් හැම තිස්සෙම අත ගැටෙනවානේ.
      හික් .. හික්...

      Delete
    4. ඒක නම් ලොලේ ලොල් කතාවක්

      Delete
  2. පුදුමයි චීනා මෙව්වා හදන්න පටන් ගත්තේ නැති එක. උන් පටන්ගත්තා නම් ඕක රුපියල් 20 ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. චීනගේ වශී වැඩ එක්ක බලද්දි මේ බෝල මොනවද අප්පා.

      Delete
  3. වජ්‍රයත් ජනතා බලය ඉදිරියේ පරාජය වුණු හැටියක් නේද,???

    ReplyDelete
    Replies
    1. මේ ගමන ඒ වගේ මිථ්‍යා අදහස් සියල්ලම පරාජයට පත්වුණා.

      Delete
  4. මට නම් මේව මිථ්‍යා විශ්වාස විතරයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිථ්‍යා විශ්වාස විතරයි මේ හැම එකක්ම. තමාට තමා ගැන විශ්වාසයක් නැතිවුණාම බාහිර බලවේගවල පිහිට පතනවා. එවිට නොදැනීම මිථ්‍යා විශ්වාසවලට අසුවෙනවා. තමන් නිවැරදි නම් මිථ්‍ය විශ්වාසවල සරණ පැතිය යුතු නැහැ.

      Delete
  5. නූතන ලෝකයේ බලවත්යැයි කියනා රටවලට සමාන වීමට නම් අපේ රටේ සියලුම ජනතාව වජ්‍ර දරා සිටියත් පලක් නැත.හිමි කර ගත යුත්තේ න්‍යෂ්ඨික බලයයි.

    ReplyDelete
    Replies
    1. ඒත් අපේ මිනිස්සුන්ට න්‍යෂ්ඨික බලයයයි වජ්‍රයයි පෙන්නලා කොයිකද තෝරගන්නේ කියා ඇහුවොත් කියයි වජ්‍රය කියලා. ඒ තරමට අපේ අය මිථ්‍යා විශ්වාසවල ගිලිලා ඉන්නේ.

      Delete
  6. මෙහෙම තේරුමක් නැති දේවල් නායකයෝ කරන කොට තමා ප්‍රශ්නේ එන්නේ.

    ReplyDelete
    Replies
    1. ජනතාව අතර තමා ගැන විශ්වාසය තබාගන්නේ කොහොමද කියන එක ගැන නායකයකුට අවබෝධ කරගන්න බැරිවුණාම, ඒ සදහා වෙනත් නොපෙනෙන බලවේගවල පිහිට පතනවා. නමුත් ඒවා ඵලදායක නැතැයි කියන එක මේ වගේ දේවල්වලින් පෙන්නුම් කරනවා.

      Delete
  7. I can't post this to any other sites. The images are blocked from copying.

    ReplyDelete
    Replies
    1. Actually you are preventing by doing this because a HTML script. The problem is there are lot of HTML scripts in this blog and I cannot locate the correct one to rectify this problem. If you can register for getting this post via email, then I think you will receive the complete article in Unicode.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න