පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, May 18, 2015

අලුත් පරපුරේ අමන පරපුර


අතීතයේ සිදු වූ දේ මතක නැති
අමන අලුත් පරපුරේ 
රණවිරුවන් මොවුහුය.
ත්‍රස්තයන් මැඩලා අපට නිදහස දෙන්නට දිවි කැප කළ රණ විරුවන් මේ අමනයන්ට මිනීමරුවන්ය.
කොටි කටේ සිට අහිංසකයන් කපා කොටා දැමුවේ මේ අමන පරපුරේ ඇසින් සොයුරන් වන
අපේ ඇසින් ත්‍රස්තයන් වන
කණ්ඩායම් විසිනි.
ඔවුන්ගේ ලොකු අයියා එසේ මිනීමරු ප්‍රභාකරන්ය.
අහෝ මේ අමන, කාලකන්නි ‘අපේ පරපුර‘




පහතින් ඇති එකත් කියවලාම යන්න



23 comments:

  1. ඔය අලුත් පරපුර කිය කලා කාරයන් කියනා පිරිස කරන කලා නිර්මාන අපි Oringinal English වලින් ම නරඹන නිසා උන් කවුද කියලවත් අපි දන්නේ නැහැ...

    උන් ගේ චූන් උන්ටම චූන්...

    ReplyDelete
    Replies
    1. කියලා නම් මොටද, හැබැයි 19 වැනිදට මෙයාලට ආරක්ෂාව දෙන්න එන්නෙත් ඔවුන්ට මිනීමරුවන් සේ පෙනෙන අයමයි.

      Delete
  2. මානිට වැරදිලා.. අවුරුදු විසිපහක්ම ඉන්න වෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මානිට වඩා අලුත් පරපුර ඉදිරියෙන් ඉන්නවා

      Delete
    2. ඔය පිංතූරෙ බුකියෙ දැක්කම මාත් ඔය කතාවම කීව කළණෙ

      Delete
  3. කියන්න ඕනැ ඔක්කොම තියනවා. ඔය අලුත් පරපුර නෙමෙයි අනාථ පරපුර.

    ReplyDelete
    Replies
    1. රට ත්‍රස්තයන්ගෙන් ගළවා ගත් එක සමරන්න් අකමැති නම් එසේ නොකර නොඉද හමුදාව මිනීමරුවන් ලෙසත් ත්‍රස්තයන් සොයුරන් ලෙසත් පවසන්නට තරම් මොවුන් කෙතරම් අමන පරපුරක් වී ඇතිදැයි නොතේරේ.

      Delete
  4. කාලෙක සිට විජාතික චින්තනයෙන් පෝෂණය වී ජාතිකත්වයට ගරහන බොරු වීරයෝ. මේ නව පරපුරේ නවීනත්වය කියන්නේ රටක් ජාතියක් නැතිකමයි කිසි ප්‍රතිපත්තියක් නැති අමනකමයි තමන් ගෑනුද පිරිමිද නොදන්න නපුන්සකකමයි තමා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. යුද සෙබලා කළේ රැකියාවක් බව සැබෑ මුත් එහි වෙනස වන්නේ ඔහුගේ ජීවිතය කිසියම් මොහොතක හෝ නැසී යන්නට ඇති අවදානමයි. ඔහුගේ නැසී යන ජීවිතය නිසා ගැළවෙන්නේ අපගේ ජීවිතයයි. අප වෙනුවෙන් මුදලට හෝ යමෙක් මිය යන්නට ඉදිරිපත් වන්නේ නම් අප ඔහුට ණයගැති නොවිය යුතුද? අතීතයේ සිය අප වෙනුවෙන් මිය ගිය සෙබලුන් නොසිටින්නට අපේ පරපුරක් අද නොපවතිනු ඇත. අතීතයක් මතක නැති ඔවුන්ට අනාගතය කුමක් වූව ද කම් නැත.

      Delete
  5. මේක දැකලා මටත් ඇඩුනා ඕයි " මටත් දීපියව් ලැම්බොගිනියක් තොපෙ සින්දුව අහන ගමන් යට කරලා මරන්න|"

    ReplyDelete
  6. අද වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ අවුරුද්ද ලබන විටම අපිට යන පාර තේරුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉදිරියේදී තව මොනවා වෙයිද කියන්න බැහැ.

      Delete
  7. ඕකුන්ගෙ තාත්තල කව්ද කියල උන්වත් දන්නෙනැතුව ඇති.එහෙම උන්ට අතීතය වැඩක් නෑ.

    ReplyDelete
  8. උං ඇවිල්ල මාංදමික පොරවල් ටිකක්
    තමන් ජීවත් වෙන්නෙ ඔය කියන මිනීමරුවො හන්ද කියල උංට නොතේරෙන එකයි අවුල...
    ඊටත් අන්තවාදී මනසක් තියෙන දමිළයන් වත් ඔය විදියට උං ගැන හිතන්නෙ නැ කියල උං හිතන්නෙ නැති එක

    මට මතක් යෙනව චන්ද්‍රසිරි ගෙ මහරජ ගැමුණු පොතේ තිබ්බ දෙබසක් කියන්නෙ නන්දිමිත්‍ර

    අපි අනුන්ගේ නිර්වාණය වෙනුවෙන් අපේ නිවන කැප කළ අය

    ReplyDelete
    Replies
    1. මේක තේරුම් ගන්න තරම් මොලයක් අපේ පරපුරට නැහැ. මේ අය අර තමන් උපන් හැටියේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ ඇයි කියලා අම්මගෙන් තාත්තගෙන් අහන පරම්පරාවේ අය නේ.

      Delete
  9. බුකියේ තියන පැරඬි පේජයක ඡායාරූපයක් සීරියස් අල්ලගෙන ලිව්ව පෝස්ටුවට හිනාවෙනව ඇරෙන්න මොනව කරන්නද? මම දැක්ක තවත් එක්කෙනෙක් ලණුව ගිලල තියනව මේ විදියටමග

    ReplyDelete
    Replies
    1. උබලගේ හිතේ තියෙන අදහස ඔය පෝස්ටරයේ අදහස බව කෙලින් කියන්න ලජ්ජාද නැත්නම් බයද?

      Delete
    2. හමුදාවේ හොද කියන්න අවශ්‍ය නැහැ. නමුත් අඩුම තරමේ අපි වෙනුවෙන් යමෙක් මුදලට හෝ ජීවිතය දුන්නා නම් අප ඒ ගැන හොදක් කිව යුතුයි. යුතුකම් හා මිනිස් කම් කියන්නේ ඒවාටයි. අපට ත්‍රස්තය වැපිරූ පිරිස්වලට සොයුරන් යැයි කිව හැකි නම් වැටුපක් ගෙන හෝ යමෙක් ඒ ත්‍රස්තය වැනසුවා නම් ඔවුනට පැසසුම් කරන්නට නොනැමෙන දිවෙන් ඇති වැඩක් තිබේද?

      Delete
    3. බ්ලොග් කරුවාගෙන් මම කෙලින්ම අහන්නෙ මේ (වෙනස් කල) පින්තූරෙ ගැන?

      මකලා
      මගේ හිතේ තියන දේ කියන්න දන්න උඹට මගෙන් ආයෙ අමුතුවෙන් ප්‍රශ්න අහන්න ඕනද? ඒකත් දැනගනිංකො ඒ විදියටම!

      Delete
  10. මේ අලුත් පරපුර පේජ් එකේ තියෙන පින්තුරයට මේ තරම් වටිනාකමක් දෙන්න ඕනේ නැහැ කියන එකයි මගේ හැගීම.

    ReplyDelete
  11. අලුත් පරපුරේ කට්ටිය කියනවා යුද්ධයේ අවසානයක් මිස ජයග්‍රහණයක් නැත කියලා. එහෙනම් යුද්දේ අවසන් කරන්න මුල්වුණු අයට ගෞරව කළාට කමක් නැහැ නේ. ඒකෙන් කාගෙවත් හිත රිදෙන්න විදිහක් නැහැ නේ. නමුත් මේ අය ඒකට කැමතිත් නැහැ. කොටින්ම කිව්වොත් මෙයාලට ඕන හමුදාව යම් කැපවීමක් කළාය කියන ආකල්පය අපේ හිත්වලින් අයින් කරන්න. ඒකට තමයි මෙයාලට මුදල් ලැබෙන්නේ.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න