පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, June 14, 2014

සකලකලා වල්ලභ රජුගේ මඟුල් කඩුවට මොකද වුණේ? - What Happened to the Auspicious Sword of King Sakalakalavallabha?

     දුටුගැමුණු රජුගේ මඟුල් කඩුව තවමත් නිරුපද්රිතව තිබෙන බවට විශාල හාහෝවක් පහුගිය කාලයේ රටපුරා පැතිරිණි. නමුත් දුටුගැමුණු රජතුමාට මඟුල් කඩුවක් තිබුණු බවට ඉතිහාසයෙන් කිසිම සාක්ෂියක් හමු නොවේ. ගැමුණු - එලාර යුද්ධය මහාවංශයේ එන පරමෝත්කෘෂ්ඨ අවස්ථාවන් කිහිපයකින් එකකි. මහාවංශයේ විසි පස් වන පරිච්ඡේදයේ හැට නවය හැත්තෑව ගාථා පාඨවලින් එය විචිත්රවත් අයුරින් විස්තර කෙරේ. නමුදු විස්තරයට අනුව දුටුගැමුණු කුමරා එලාර රජු නැසීම සඳහා යොදා ගන්නේ තෝමරයක් මිස කඩුවක් නොවේ.

    නමුත්, අපේ රටේ ජීවත් වූ තවත් සුවිශේෂ රණකාමී රජ කෙනකුගේ මඟුල් කඩුවක් ඔයකට වැටී එය අද වන තුරුත් සොයාගත නොහැකි වී තිබේ. ගණේමුල්ල, තිබ්බටුගොඩ ගම්මානය ආශ්රිතව ගලා යන අත්තනගලු ඔයේ ශාඛාවක ඇති  ඩිංගිරි කඩුවනම් ස්ථානය මුල් කර ගත් ජනප්රවාදයකට අනුව . මීට පාදක වන්නේ ක්රි.. පහළොස්වන සියවසත් දහසය වන සියවසත් සම්බන්ධ වන යුගයේ උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජතුමා . දැන් අපි රසවත් කතාන්දරයට යොමු වෙමු.

ඩිංගිරි කඩුව නම් ස්ථානය 

ක්රි.. 1477 - 1496 අතර කෝට්ටේ රජ කළ අට වන වීර පරාක්රම බාහු රජු දෙවන වරට විවාහ කර ගෙන ඇත්තේ කීරවැල්ලේ පරපුරට අයත් සිය අග බිසවගේ බාල සොයුරියකි. සකල කලා වල්ලභ කුමරු රජුට දාව බිසවගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතින් කුමරුවා ඉතිහාසයේ ප්රකට චරිතයකි.  මාදම්පේ ප්රාදේශීය රාජ්යයක් පිහිටුවා ගත් තනිය වල්ලභ හෙවත් තනිවැල්ලේ කුමරුන් . මාදම්පේ තනිවැල්ලේ දේවාලයේදී තනිවැල්ලේ දෙවියන් ලෙස පිදුම් ලබනුයේ මොහුම .

සකල කලා වල්ලභ රජුට පුත් කුමරුවන් සත් දෙනකු සිටි බව ඉතිහාසයේ සඳහන් . මේ ජනප්රවාදයට මුල්වන්නේ අතරේ සිටි ඩිංගිරිනම් කුමාරයෙකි. දිනක් සකල කලා වල්ලභ රජතුමා තමන්ගේ ප්රියතම කුඹුරු යාය හෙවත් වත්මන් ගණේමුල්ලේ, තිබ්බටුගොඩ සහ හොරගොල්ල ආශ්රිත සම්බා කෙත නැරඹීමට ඇමැතිවරුන් සපරිවරාගෙන පැමිණෙයි. සංචාරයේදී රජතුමා නතර වන්නේ කුඹුරු යාය අන්තයේ පිහිටි ගිම්හාන උද්යානයක . රජතුමා එසේ වාඩිලාගත් ස්ථානය අදත් හැඳින්වෙන්නේ වාඩිය වත්තනමිනි. රජුගේ ගිම්හාන උද්යානය අද්දරින් කුඹුරු යායට සම්බන්ධ වන ජල මූලාශ්රය අදත් වාඩි ඔයනමින් හැඳින්වීම විශේෂත්වයකි



ඉහත සඳහන් ජනප්රවාදයට අනුව රජතුමා වාඩි ඔයේ සිට පාරුවක් මත නැඟී ගොස් සම්බාකෙත පරීක්ෂා කරන අතරේ ඉණ පැළඳි තමන්ගේ මඟුල් කඩුව එහි සිටි තම හිතවත්ම අමාත්යවරයාට භාර දී තිබේ. එය ඉතා පරිස්සමින් තබා ගන්නා ලෙස පවසමිනි. ඊට හේතුව මඟුල් කඩුව හුදු රාජ්යත්වයේ සංකේතයක් නිසාම විය හැක. නමුත් පිය රජතුමා මඳක් ඈත් මෑත් වනතුරු බලා සිටි රජතුමාගේ සුරතල් පුත් ඩිංගිරිකුමරු ඇමැතිවරයාගේ කැමැත්ත නොතකා එය සියතට ගන්නේ ක්රීඩා කිරීමේ අදහසිනි. ඇමැතිවරයා ඊට කෙසේවත් කැමැති නොවන මුත් රජ කුමරුවාට එරෙහි වීමට ශක්තියක් ඔහු තුළ තිබී නැත



කෙසේ හෝ කුමරුවා ඉහත සඳහන් අත්තනගලු ඔයේ ශාඛාව  සමීපයේ මඟුල් කඩුව ලෙලවමින් ක්රීඩා කරන අතරේ සිදුව ඇත්තේ ඉතා අනපේක්ෂිත සිදුවීමකි. එනම්, එක්වරම ඔහු අතින් ගිලිහී යන පිය රජතුමාගේ මඟුල් කඩුව දියඹ මත පතිත වී දිය තුළ ගිලී යාම . මේ සිද්ධිය දැක සිහිවිකල් කර ගන්නා ඇමැතිවරයා කඩුව ගැනීම සඳහා එසැනින් දියට පනිනුයේ දිවි පරදුවට තබමිනි. තමන් භාරයට පත් රජුගේ මඟුල් කඩුව නැතිවීම රාජ උදහසට ලක්ව හිස් ගැසුම් කෑමට ප්රමාණවත් වරදක් බව හොඳින් දන්නා බැවිනි. එනමුත් කඩුව ගැනීමට දියට පැන්න ඇමැතිවරයා පිළිබඳව ඉන්පසු කිසිදු තොරතුරක් දැනගත නොහැකි වී තිබේ. ඊට පසුව රජතුමා තම මඟුල් කඩුව ගැනීම පිණිස රාජ පුරුෂයන් යෙදවූ අතර ඔවුන් දියේ ගිලී මියගොස් ඇත්තේ ගුප්ත අබිරහස් අයුරකිනි. ඉන්පසු රජතුමා උත්සාහය අත්හළ පසු එම කඩුවට ආශාවෙන් එම දිය යට කිමිදුණු තවත් සෑහෙන සංඛ්යාවක් දියේ ගිලී මරණයට පත් වූ බව එම ජනප්රවාදයෙන් පැවසෙයි. කෙසේ හෝ එදා මෙදා තුර කිසිවකුටත් දියට වැටුණු උඩුගම්පොළ සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සොයා ගැනීමට හැකි වී නැත. කඩුව සෙවීමට පළමුව දියට පැන්න ඇමැතිවරයා මියගොස් බහිරවයකු වී අදත් කඩුව සුරකින නිසා යැයි පැරණි ගැමියන් තුළ විශ්වාසයක් තිබේ.

මෙම ඩිංගිරි කඩුවට අරක් ගත් බහිරවයා විසින් අතීතයේ මෙම දියඹ මුල්කොට මිනිස් බිලි රාශියක් ගෙන තිබේ. නමුත් මෙම ගම්මානය ආශ්රිත, තිබ්බටුගොඩ ශ්රී සුගතාරාම විහාරස්ථානයේ නිරතුරු සති පිරිත් දෙසුම් පවත්වා ඩිංගිරි කඩුව ප්රදේශයට පිරිත් පැන් ඉසීම මගින් එම බහිරවයාගේ බල බිඳීමට අතීත ගැමියන්ට හැකි වු බවක් පැවසෙයි. එම යුගයේ තනවන ලදැයි සැලකෙන බිතු සිතුවමින් සපිරි පුරාණ විහාර මන්දිරය අද වන විට පුරා විද්යා රක්ෂිතයකි.

පුරාණ ශ්‍රී සුගතාරාම විහාරය 

සුගතාරාමයේ පැරණි බිතුසිතුවම්

අට වන වීර පරාක්රමබාහු රජුගේ ඇවෑමෙන් අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක්රමබාහු කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොළ සහ මාදම්පේ යන ප්රදේශවල උප රාජධානි පිහිටවූ පුවත අලකේශ්වර යුද්ධය සහ රාජාවලිය යන ග්රන්ථයන් හි සඳහන් . සුවිශිෂ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම් ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන් හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක්රායුධ කුමරු නමින් හැඳින්වුණු බව ඕලන්ද ජාතික පූජකතුමකු සහ ඉතිහාසඥයකු වන වැලන්ටයින් විසින් 1724 වසරේදී එළිදැක්වූ ඉතිහාස ග්රන්ථයේ සඳහන් . අනුව එම කුමරු චක්රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා විය හැක.

සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි අති දක්ෂ වූහ. වත්මන් පුත්තලම දිස්ත්රික්කයට අයත් අති විශාල භූමි ප්රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත් විය. සියලු කලාවන්හි කෙළ පැමිණි උඩුගම්පොළ රජකළ සකල කලා වල්ලභයන් කෘෂි කර්මාන්තයෙහි අති දක්ෂයෙකු සේම සුවිශිෂ්ඨ වාරි ඉංජිනේරුවෙකු බව සනාථ කරන සාක්ෂි බොහොමයකි. ශ්රී ලංකාවේ නරපතියකු විසින් පරිහරණය කරනු ලැබූ ලොකුම පිහිනුම් තටාකය මෙම නරපතියාණන් විසින් ජල ක්රීඩා සඳහා යොදාගත් බව මේ වන විට තහවුරු වී ඇත. මෑතකදී පුරා විද්යාත්මක කැනීම්වලට හා සංරක්ෂණයට ලක් වූ මෙම විස්මිත නිමැවුම අදටත් උඩුගම්පොළ ප්රදේශයේ දී ඔබට දැකබලා ගත හැක. එහෙත් එම සුවිසල් පිහිනුම් තටාකය තුළ මහජනයා සඳහා ව්යයාම මංපෙතක් සකසා තිබීම එහි පුරා විද්යාත්මක අගය හීනකරවන්නක් සේ පෙනේ.

එමෙන්ම කෝට්ටේ යුගයේ ශ්රී ලංකාවේ ප්රධානතම කුඹුරු යායක්ව පැවැති මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාණන් මේ රජුම බව කියති. මුතුවන් සහල් ලබා දුන් රාජකීය වෙල් යාය යන අදහස කෙටි වී ඊට මුතුරාජවෙලයන නම පටබැඳුණු බව සම්බන්ධ පැතිර ඇති ප්රධානතම ජනප්රවාදයයි.

මුතුරාජවෙලට අමතරව උඩුගම්පොළ රාජධානියට අයත්ව තිබූ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරගත් තවත් භූමි ප්රදේශයක එවක සාර්ථක ලෙස වී වගාව පැවැති බවට අදත් ගම්පහ ආශ්රිතව ඇති ‛‛විට’’ යන්නෙන් නිමා වන ග්රාම නාමවලින් පැහැදිලි . රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට) අක්කරවිට, උදම්විට (උදම්මිට) ආදී වශයෙන් හැඳින්වෙන මෙම සියලු ප්රදේශ හරහා ගලා යන ජල මූලාශ්රාධාරයෙන් කුඹුරු අස්වැද්දවීමට සකල කලා වල්ලභ රජතුමා සමත් වී තිබේ.

අතුරින් රජතුමා විශේෂයෙන් ඇලුම් කළ කෙත් යාය වී ඇත්තේ ඉහත සඳහන් ප්රවාදයට කේන්ද් වූ සම්බාකෙත . අප රටේ ග්රාම නාම බොහොමයක අගට වෙලයන්න සඳහන්ව තිබේ. ගොඩකවෙල, පොල්ගහවෙල, මාදිවෙල, කදුරුවෙල, උකුවෙල ආදී එබඳු ග්රාම නාම සිය දහස් ගණනකි. එහෙත් යම් ග්රාම නාමයක් අගට කෙතයනුවෙන් යෙදෙනුයේ හුදෙක් එය රජ කෙනකුට අයත් භූමියක් නම් පමණි. එලෙස කෙත යනුවෙන් හැඳින්වෙන ග්රාම නාම අප රටේ ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. සඳහා ගත හැකි හොඳම නිදසුන හඟුරන්කෙත. වෙලසහ කෙතසම්බන්ධ මෙම විස්තරය ශ්රී ලංකාවේ ප්රථම පුරා විද්යාත්මක වාර්තාව වන එච්.සී.පී. බෙල් සූරීන් ගේ කෑගලු වාර්තාවේ සඳහන් .

කෙසේ හෝ එම සම්බා කෙත ආශ්රිත ප්රදේශය සම්බාගම නමින් හැඳින්වී පසුව එය හම්බාගම ලෙසින් හඳුන්වා ඇත. නමුත් මෑතක සිට මෙම ග්රාම නාමය ව්යවහාරයෙන් බැහැරව ගොස් තිබේ. සකල කලා වල්ලභ රජතුමා  සම්බාකෙත කෙරෙහි වඩාත් ලොල්වීමට තවත් හේතුවක් තිබී ඇත. එහි තිබූ පත්තිනි දේවාලයයි

පුරාණ පත්තිනිපිටිය දේවාලය 

සන්යාසි වේශයෙන් ඉන්දියාවේ අන්ද්රා දේශයේ සිට මෙහි පැමිණි බ්රාහ්මණ ගිහි පූජකයන් කිහිප දෙනකු පත්තිනි දෙවියනට පුද පූජා කිරීම පිණිස ඉදිකර ගෙන තිබූ මෙම පත්තිනි දෙවොල සකල කලා වල්ලභයන්ගේ විශේෂ ගෞරවාදරයට ලක්වූ තැනක් වූ බව පැරණි ජනප්රවාදවලින් හෙළිවේ. අනුව ඌරුවල් ඔය නම් නදිය ඔස්සේ පැමිණි එම පූජකවරුන් හෙවත් තීර්ථකයන් ගොඩ බට ස්ථානය තිත්ූබටූගොඩ වී පසුව තිබ්බටුගොඩ වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඉන්දියාවේ ආන්ද්රා දේශයේ සිට පැමිණි නිසා ආඬින් වශයෙන් ශ්රී ලාංකිකයන් විසින් හඳුන්වනු ලැබූ මෙම ගිහි පූජකයන්ගේ මව් භාෂාව වී ඇත්තේ ද්රාවිඩ භාෂා අතුරින් එකක් වූ පර්ධාන්බස . මෙය එවකට ශ්රී ලාංකාවේ පැතිර තිබූ දෙමළ බසට වඩා ඉඳුරාම වෙනස් බසකි. එනිසාම මෙම අමුතු පර්ධාන් භාෂාව එවක ජනතාවට කෙසේ වත් නොවැටහිණ. එබැවින් ඔව්හු ඊට අණ්ඩර දෙමළයන නම ලබා දුන්හ. ඉන්පසු අද දක්වාම කෙසේ වත් නොතේරෙන යන අරුත පළකරනු පිණිස මෙම අණ්ඩර දෙමළයන වදන සිංහල  බසට එක්ව තිබේ. මෙම අණ්ඩර දෙමළ යන්න ආන්ද්රා ද්රවිඩයන්නෙන් උපන් සිංහල වදනක් බව පෙනේ. එහෙත් මෙම භාෂාව හඳුන්වන පර්ධාන්යන්න ඔක්ස්ෆර්ඩ් හින්දි ඉංග්රීසි ශබ්ද කෝෂවල අරුත් ගන්වා ඇත්තේ  Chief, leader  යනුවෙනි. අනුව මෙහි අරුත ප්රධානියාලෙසින් හැඳින්විය හැක. අන්ද්රා දේශයෙන් පැමිණි බ්රාහ්මණ පූජකවරුන් හා සම්බන්ධ එම දෙවොල සහ එම ප්රදේශය අදත් ‛‛පත්තිනිපිටිය’’ යනුවෙන් හැඳින්වේ. නමුදු ඉංග්රීසි පාලන සමයේ සිදුවූ පරිපාලනමය බෙදීම්වල දී එම පුරාණ පත්තිනිපිටිය දේවාලය පිහිටි බිම් කඩ තිබ්බටුගොඩින් ඉවත්ව කුඩාබොල්ලත නම් යාබද ගම්මානයට කැඩී වෙන්ව ගොස් තිබේ. එමෙන්ම එම ඉන්දීය ගිහි පූජකවරුන් මෙම ගම්මානවල වෙසෙන සිංහල බෞද්ධ කතුන් හා විවාහ වී තම පාරම්පරික ආගමික වත් පිළිවෙත් අතැ කන්ද උඩරට සමයේ දී බුදු දහම වැළඳ සිංහල ජන සමාජයට අවශෝෂණය වී ඇත. එමෙන්ම සන්යාසි වේශයෙන් අන්ද්රා දේශයෙන් මෙහි පැමිණි ගිහි පූජකයන් ගේ මුහුණ පුරා වැඩුණු රැවුල, හිස මුදුන්කොට බැඳගත් කෙස් කළඹ, නිරාවරණ උඩුකය, එක් අතක රැඳි සෙම්බුව අනික් අතෙහි රැඳි යෂ්ටිය සහ උරෙහි එල්ලා ගත් පොට්ටනිය එකල බොහෝ දෙනකුට සුලබ දසුනක් විය. එනිසාම එවක සිංහල සමාජයේ මව්වරුන් තම කුඩා දරුවන්ට මෙම පූජකයන් දරුවන් ඇල්ලීමට එන සන්නාසි බිල්ලන්ලෙස හඳුන්වා දෙමින් දරුවන් බිය ගැන්වූ බව පෙනෙයි.

එමෙන්ම මෙම ආන්ද්රා පූජකයන් ගත කළ සංචාරක ජීවිතය ආඬි හත් දෙනාගේ කැඳ හැලියවැනි උපහාසාත්මක ප්රවාද මගින් තහවුරු වෙයි. තවද මෙම තිබ්බටුගොඩ, හොරගොල්ල ප්රදේශවල මුල් පදිංචි කරුවන් අදටත්  ආඬිගේසහ සේනාසිගේ’ (සන්යාසිගේ) යන පෙලපත් නාම වලින් යුතු වීම මේ සැඟවුණු අතීතය මානව විද්යාත්මකව මනාව කළ එළි දක්වන්නකි. කෙසේ හෝ මෙම ඓතිහාසික සහ මානව විද්යාත්මක පසුබිම විමසීමට කැමති ඕනෑම අයකුට සඳහා මෙම ගම් පියසින්  තවත් බොහෝ දේ උපයා සපයා ගත හැක.

සම්පත් දායකත්වය
තිලක් සේනාසිංහ


වැඩිදුර කියැවීම්

1. උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සැඟවුණු තැන මෙන්න
2. සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සැඟවුණේ තිබ්බටුගොඩදියි


3 comments:

  1. http://gampahafolktales.blogspot.com/2014/03/blog-post.html

    ReplyDelete
  2. අගනා විස්තරයක්

    ReplyDelete
  3. දවසින් දවස අපෙන් ගිළිහී යන මෙවැනි තවත් කොයි තරම් නම් පුරාණ තොරතුරු ඇත්ද? ඒවා සොයා සංරක්ෂණය කළ හැකි ක්‍රමයක් තිබේ නම් එය අපගේ අනාගත පරපුරට ප්‍රයෝජනයක් වනු නියතයි.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න