පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 11, 2014

ඉන්දීය ජාතික කොඩියෙන් හෙළුව වසා ගත් මල්ලිකා - Mallika who covered her naked by Indian Flag



කිසියම් රටක ජාතික සංකේත අතුරින් ජාතික කොඩියට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. සෙසු බොහෝ ජාතික සංකේත මෙන් නොව රටක් නියෝජනය කෙරෙන සෑම අවස්ථාවකදීම ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ එයටය. විවිධ උත්සව අවස්ථාවලදී ජාතික කොඩියට අගෞරව වන අන්දමින් කටයුතු නොකරන්නැයි වගකිවයුතු පුරවැසියන්ගේ ඉල්ලා සිටින්නේ එබැවිනි. හමුදා සෙබලුන් මව්බිම වෙනුවෙන් දිවි පුද කළ සියලු විටම ඔවුනට කරන ගෞරවයක් වශයෙන් ඔවුනගේ මෘතදේහය සහිත පෙට්ටිය මත ජාතික කොඩිය අතුරනු දැකිය හැකිය. නමුත් මෑත දිනකදී ජාතික කොඩිය මෙයට වඩා වෙනස් දෙයක් වෙනුවෙන් යොදාගත් පුවතක් අසන්නට ලැබිණි. නමුත් ඒ අපේ රටෙන් නම් නොවේ. ඒ අපට අසල්වැලි ඉන්දියාවෙනි.

ඉන්දීය ජාතික කොඩිය වෙනත් අරමුණක් වෙනුවෙන් යොදාගත්තේ ඉන්දියානු නිළියක වන මල්ලිකා ෂෙරාවත්ය. ඇය ඉන්දියානු නිෂ්පාදනයක් වූ ඇම්බැසඩර් රථයක නැගී සිය නිරුවත් සිරුර ඉන්දීය ජාතික කොඩියෙන් වසා ගනිමින් ප්‍රචාරක පෝස්ටරයක් සඳහා පෙනී සිටියාය. මෙම පෝස්ටරයේ පසුබිමින් රාජස්ථාන් ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල දිස්වෙයි. ඒ ඩර්ටි පොලිටික්නම් චිත්‍රපටයක් වෙනුවෙනි. ඇයගේ එක් අතට සංයුක්ත තැටියකි.

ඩර්ටි පොලිටික්ස්සඳහා රංගනයෙන් දායකවීමෙන් අනතුරුව ඇය පිළිබඳ වෙනත් දෘෂ්ටිකොණවලින් කතාබහ රන්නට පටන්ගෙන ඇති බැව් පෙනේ.


මේ කතාවෙන් කියවෙන්නේ දේශපාලඥයකු සමඟ සම්බන්ධයක් ඇති හෙදියක් ගැනයි. අවසානයේ ඇය මැරුම් කනවා. තමාව දූෂණය කළ මේ දේශපාලඥයාට එරෙහිව නැගී සිටින්නට තරම් ඇයට ධෛර්යයක් තියෙනවා. ඔහුගේ වැරදි ක්‍රියා සියල්ල ගැන තොරතුරු ඇය ළඟයි තිබෙන්නේ. මල්ලිකා තමා නිරූපණය කළ චරිතය පිළිබඳ එසේ සිය අදහස් පළ කළාය.

භන්වාරි දේවිනම් සැබෑ චරිතයක් මත පදනම්ව මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබේ. එම සැබෑ කතාව සැකෙවින් මෙසේය.  වින්නඹුවක් වූ භන්වාරි දේවිගේ 2011 වසරේදී එක්වරම අතුරුදහන් වන අතර 2012 වසර මුලදී ඇගේ මළ සිරුර හමුවෙයි. දේශපාලඥයකු සමග සම්බන්ධයක් පැවැත් වූ ඇය එක්තරා සංයුක්ත තැටියක් ඉදිරිපත් කරමින් තමාට මුදල් නොදුනහොත් එම තැටිය මාධ්‍යට ලබාදෙන බැව් එම දේශපාලඥයාට පවසයි. මෙම තර්ජනය කිරීමෙන් වැඩි දවසක් ගතවන්නට පෙර ඇය අතුරුදහන් වෙයි. ඇගේ සැමියා මෙහිදී චෝදනා කරන්නේ අදාළ දේශපාලඥයින්ටය.

මෙම පෝස්ටර නිර්මාණය කළ පුද්ගලයන් බලාපොරොත්තු වූවා සේම මේ සම්බන්ධව මිනිසුන්ගෙන් ප්‍රබල විරෝධයක් නැගෙන්නට විය. විශේෂයෙන් රාජස්ථාන් ප්‍රාන්තයෙන් මෙයට නැගුණු විරෝධය සුළු පටු වූයේ නැත. ක්‍රිකට් තරගයක් පරාජය වූ විට ක්‍රිඩකයන්ගේ නිවෙස්වලට ගල් ගසන්නට පෙළඹෙන ක්‍රීඩාලෝලීන් සිටින රටක ජාතික කොඩියෙන් ගැහැනියකගේ නිරුවත වසා ඇති පෝස්ටරයක් දකින මිනිසුනගේ ආවේගය පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඉන්දීය දේශපාලනයේ දූෂණ හා අක්‍රමිකතා දේශපාලඥයින් විසින් වසා දමන්නට උත්සාහ කරන අයුරු මෙම චිත්‍රපටයෙන් නිරූපනය කෙරෙන බැව් පැවසේ. කේ. සී. බොකාඩියා අධ්‍යක්ෂණය කොට ඇති මෙහි මල්ලිකා ෂෙරාවත් සමග ජැකී ෂෙරොෆ්, අනුපම් ඛර්, ඕම් පූරි සහ අතුල් කුල්කාර්නි යන සුපිරි නළුවන්ද දායක වී ඇත. මල්ලිකා ෂෙරාවත් ඩර්ටි පොලිටික්සඳහා කෑන්ස් සිනමා උළෙලේදී ඉහළ ප්‍රචාරණයක් ලබාදෙන්නට කැප වී ක්‍රියා කළාය.

ඉන්දීය ජනතාවගේ අවේගයක් කුපිත කරවන්නට සමත් මෙම පෝස්ටරය සඳහා පෙනී සිටි මල්ලිකා ෂෙරාවත් යනු බොහෝ සිනමා නිර්මාණ සඳහා දායක වුව ද මුල් සමයේ ඉතා ජනප්‍රියත්වයට පත් නිළියක නොවේ. 1976 ඔක්තෝබර් 24 වැනිදා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුඩා ගම්මානයක උපන් ඇගේ මුල් නම වූයේ රීමා ලම්බාය. ඇය සිනමාවට පැමිණෙන විට රීමා නමින් වෙනත් නිළියක් සිටි බැවින් ඇයට නම වෙනස් කරන්නට සිදුවිය. ඒ සඳහා ඇය අධිරාජිනියනම් අරුතැති මල්ලිකා යන්න තෝරාත්තාය. ෂෙරාවත්යනු ඇගේ මවගේ විවාහයට පෙර නම විය. ඇය සිය මවගේ නම මේ සඳහා තෝරාගන්නට ප්‍රධාන හේතවක් වූයේ සිනමා කර්මාන්තය හා එක්වන විට පවුලේ පිරිස සහ ඥාතීන් ඒ සදහා විරෝධය පළ කළ ද මව පමණක් සහයෝගය ලබාදුන් බැවින් යැයි ඇය පවසයි. දිල්ලි සරසවියෙන් දර්ශනය පිළිබඳ උපාධියක් ලබා ඇත. කුඩා ගම්මානයකින් පැමිණි ඇයට සිනමාවේදී බොහෝ බාධක එල්ළවූ බව පවසන්නීය. මුල් සමයේ ඇය පෙනී සිටි සිනමා නිර්මාණවලින් ඇයට එතරම් ජනප්‍රිායත්වයක් ලැබුණේ නැත. නමුත් කවාහිෂ්’, මර්ඩර්වැනි චිත්‍රපටවල සිදුකළ ආන්දෝලනාත්මක රඟපෑම් නිසා බොහෝ දෙනෙකු ඇය පිළිබඳ කතා කරන්නට පටන් ගත්හ. එම චිත්‍රපටවලින් අනතුරුව ඇය බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලැබුයේ ලිංගික සංකේතයක්ලෙසිනි. ප්යාර් කේ සයිඩ් ඉෆෙක්ට්හි ඇය කළ ප්‍රේමනීය රංගනය නිසා ඇයට බොහෝ ප්‍රෙක්ෂක ප්‍රතිචාර ද හිමි විය. ඉන්පසු ඇය රංගනයෙන් දායක වූ ආප්කේ සුරෝර් - ද රියල් ලව් ස්ටෝරි’, ඩබල් ධමාල්වැනි චිත්‍රපට අති සාර්ථකත්වයට පත්විය.


පුංචි ගමකින් ආපු මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය වුණත් ඇති කියලයි මට හිතෙන්නේ. මගේ ගමේ හැටියට මම දැන් බොලිවුඩ්වල ඉන්න ලොකු නිළියක්.මල්ලිකා එසේ පවසන්නීය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න