පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 1, 2015

කම්කරු මහා සේල්




අද ලෝක කම්කරු දිනය ලු. 

කම්කරුවන්ගෙන් කපා ගන්නා බදු මුදලින් දේශපාලඥයින් රැස්වීම් පවත්වන දිනය අදයි. 

උපන් දා සිටම දේශපාලඥයන්ට රැවටෙන කම්කරුවන්, සේල් දමමින් රැවටෙන දිනය අදයි. 

රටේ ආර්ථිකය නගා සිටුවන කම්කරුවන්ගේ ආත්මය බත් පාර්සලයට, තොප්පියට, අරක්කු බෝතලයට පාවා දෙන්නට සිදුවන දවස අදයි. 

දේශපාලඥයින් ‛කම්කරු බයිලා’ ගයන දවස අදයි. 

වසර මැදදී කම්කරුවන් රවටමින් දේශපාලඥයින්ට කම්කරු ශ්‍රමය සේල් දමන්නට ලැබෙන දවස අදයි.

වෙනත් වචනයකින් පවසනවා නම් වසර මැද කම්කරු සේල් දවස අදයි. 

තවත් රැවටෙන කතා බොහොමයි. 

ඒ කතා කොයි තරම් කිව්වත් වැඩක් වෙන්නේ නැති දවස ද අදයි.
 

10 comments:

  1. හොඳයි ගොඩක් හොඳයි ඒ හින්ද ලියන්න ලියන්න තව ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගන්වන අදහස්වලට ස්තූතියි

      Delete
  2. කම්කරු දිනයත් හරියටම මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, ලෝක ළමා දිනය සහ පුද්ගලයින්ගේ උපන්දින වගේම වැඩකට නැති දෙයක්. නමුත් ඔය ඔක්කෝම දින තියෙනවට අදාල පුද්ගලයින් ආසයි. දවසකට හරි තමාට self importance එකක් දැනෙන නිසා. ඒ වෙනුවෙන් ඔවුන් කැපකිරීම් කරලා ඒ දිනයන් සමරනවා. සමහර විට අනෙක් අය ඒ සැමරීමට දායක වෙනවා. මෙම දිනයන් උපන්දින උත්සව හා සසඳන්න. සමාන කම වැටහේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි. නමුත් මේ සදහන් කළ සියලු දිනවලදී ඒකට අදාළ පුද්ගලයන්ට කිසිවක් අහිමි නොවී සතුටත් සමග යමක් ලැබෙන්න තියන ඉඩකඩි වැඩියි. මව්වරුන්ගේ, පියවරුන්ගේ දිනය වැනි අවස්ථාවලදී මෙහි තරමක් වෙනස්වන්නටත් පුළුවන්. නමුත් කම්කරු දිනයේදී අපි අපේ දේවල් නැතිකරගනිමින් බොරුකාර දේශපාලඥයන්ට රැවටෙන අවස්ථාව තමයි වැඩිපුර තියෙන්නේ. නරකම දේ තමයි මේක දැන දැනත් හැම අවුරුද්දකම රැවටෙන එක.

      Delete
  3. පළවෙනිදට රැවටිලා මැයි දෙවන දාට දෙන්න මාරුවෙන එකතමයි කවදත් වුනේ. ඒක වෙනසකට ගේන්න ඔබ වගේ පිරිසක් අත්වැල් බැඳන් ගමණට එන්න ඕන ඒකයි නැවතත් කොමෙන්ට් කළේ

    ReplyDelete
    Replies
    1. අපි බ්ලගේවලින් එවැනි දේ කතා කළත් අපගේ හඩට වඩා වැඩියෙන් ඇසෙන්නේත්, බහුතරයක් අසන්නේත්, අසන්නට කැමතිවන්නේත් බොරුකාර දේශපාලඥයන් පවසන දෙයයි.

      Delete
  4. කතාව ඇත්ත මචං

    ReplyDelete
    Replies
    1. මගේ අදහසට එකගවීම ගැන ඔබට ස්තූතියි යාළුවා

      Delete
  5. සහතික ඇත්ත....මේ සමරණ හැම දිනයක්ම විකාරයක්...එකකවත් ඇත්ත අර්ථය දන්නැති ඈයො තමයි මේ දින වලට මුල් වෙලා සංවිධානය කරන්නේ....මැයි දිනය දැන් දේශ පාළුවන්ගේ දිනයක් වෙලා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ජනතාව මේක තේරුම් ගන්නේ නැති එකයි වරද. මේක තේරුම් අරන් ජනතාව ජනතාව වෙනුවෙන් නැගී සිටි දවසක දේශපාලුවන්ට සියල්ල අකුලාගන්න වෙනවා. එතෙක් . . .
      සා දුකින් පෙළෙන වුන් - දැන් ඉතිං නැගිටියව්
      අනිත්ම සටනට සැරසියව්

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න