පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 15, 2014

ඉන්ද්‍රඛීලය හෙවත් අනුරපුරයේ අටපට්ටම් සෙල් ටැඹ - Indrakheelaya at Anuradhapura


අපි අනුරාධපුරේ ගිය වෙලාවේ මේක දැක්කේ අහම්බෙන්. අමුතු ගල් කණුවක හින්දා මම නිකමට මේක කැමරාවට අල්ලගත්තේ. පස්සේ තමයි විස්තරේ හොයාගත්තේ. මේ තමයි ඒ විස්තරේ.

රුවන්මැලි මහා සෑයේ උතුරු දොරටුව අසල අටපට්ටම් සෙල් ටැඹක් දක්නට ලැබෙනවා. අඩක් බිඳීගොස් ඇති එය දැනට පවත්නා කොටස අඩි 20යි අඟල් 4ක් උසින් යුක්තයි. මෙම නිර්මාණය පිළිබඳ විවිධ උගතුන් විවිධ අදහස් දක්වා ඇති අතර ඉන් එක් මතයක් වන්නේ මෙය ඉන්ද්‍රඛීලයබවයි. ඉන්ද්‍රඛීලය තුළින් බුදුන් වහන්සේ සතු අටලෝ දහම අභියස අකම්පිතවීම නිරූපණය වෙනවා.


පොතක තිබිලා තමයි මේ විස්තරේ ගත්තේ. මීට අමතරව මට තවම කිසි විස්තරයක් මේ ගැන හම්බවුණේ නැහැ. හම්බවුණොත් මේ විස්තරේ යවත්කාලීන කරන්නම්.

4 comments:

  1. Replies
    1. මටත් පොතක තිබිලා මේ විස්තරය අහුනොවෙන්න මේක අනුරාධපුරේ ෆොටෝ එකතුවේ නොදන්න පින්තූරයක් විදියටම තියෙන්න තිබුණා.

      Delete
  2. Me tharam aanuradhapure gihin thiyena mama tahwama meka dakala naha ne.

    ReplyDelete
    Replies
    1. ආයෙත් ගිය වෙලාවක නොවරදවාම බලන්න

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න