පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 30, 2014

එවරස්ට් කන්ද තරණය කළ ලොව ලාබාලතම කාන්තාව - මලවත් පූර්නා - Malavath Purna the youngest women to climb Everest

මලවත් පූර්නා 

පුදුමාකාර දේවල් සිදුකිරීම සම්බන්ධව ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව ඇති කාන්තාවන් බොහොමයි. අපට ඒ වගේ කාන්තාවක් ගැන මතකදී අසන්නට ලැබුණා. ඇත්තටම ඇය වැඩිහිටි කාන්තාවක් නොවෙයි. 2000 වසරෙදී  උපන් (විකිපීඩියා එකේවත් තවම ඇය ගැන ලොකු විස්තරයක් නැහැ. ඒ නිසා උපන් වසර විතරයි දැනට දන්නේ) ඇය තවම 13 හැවිරිදි දැරියක්. මලවත් පූර්නානම් වූ ඇය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි නිසම්බාඩ් දිස්ත්‍රික්කයට තමයි අයිති. ඇත්තටම මොකක්ද පූර්නා කළ අරුම පුදුම වැඩේ? ඇය මේ මෑත දවසක එවරස්ට් කන්ද තරණය කළා. එහෙම තරණය කළාට පස්සේ ඇය එවරස්ට් තරණය කළ ලාබාලතම දැරිය බවට පත්වුණා. ඒක තමයි ඇය කළ අරුම පුදුම දෙය.

මලවත් පූර්නා 

පාසලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනගන්න ඇගේ දෙමපියන් ගොඩක් දුප්පත්. ඔවුන් කරන්නේ කුළි වැඩ. ජීවන තත්වයෙන්, කුළයෙන් වගේම හැම අතින්ම පහලම තැනක ඉන්න ඇය ලෝකයේ ඉහළම ස්ථානය තරණය කරන්නට තරම් වාසනාවනත් වුණා. ඇය ගැන දැන් මුලු ලෝකයාම කතා කරනවා.

ආන්ද්‍රා ප්‍රදේශ්වල සමාජ සේවා ආයතනයක් මගින් දරුවන් වෙනුවෙන් සංවිධානය කළ කඳවුරකට පූර්නා සහභාගී වුණා. මේ වැඩසටහනයටම සහභාගී වුණු 17 හැවිරිදි සදන්පාලි ආනන්ද් කුමාර් මේ දවසේම පූර්නාගෙන් පසුව එවරස්ට් මුදුනට පා තැබූ බව කියැවෙනවා. මෙම කඳුනැගීමේ කණ්ඩායම සඳහා 20 දෙනෙක් සහභාගී කරවාගෙන තිබුණා. මේ ගමන සඳහා දින 52ක් ගතවුණා. පසුගිය මැයි 25 වැනිදා උදේ 6ට ඔවුන් කඳු මුදුනට පා තැබුවා.

මට මුළින්ම මේ ගැන බය හිතුණා. ඒත් අපට ලැබුණු පුහුණුව ගැන හිතලා මම ඒ බය නැති කරගත්තා. මම කවදාවත් උත්සාහය අතහරින කෙනෙක් නෙවෙයි.ඇය මේ ප්‍රකාශය බී.බී.සී. ආයතනය වෙනුවෙන් සිදු කළේ මැයි 28 වැනි බදාදා එවරස්ට් කඳු පාමුළ කදවුරක සිටයි.

ඇය එවරස්ට් කඳු තරණය සඳහා සහභාගී වුණේ දැඩි අධිෂ්ටානයකින්. අපට ඇය ගැන ආඩම්බරයි.ඩිස්කවරි ආයතනයට මෙම අදහස් ප්‍රකාශ කළේ මෙම කඳු තරණ කණ්ඩායමේ  තාක්ෂණික උපදේශක මොහොමඩ් අන්සාරි.

ආනන්ද් කුමාර් සහ පූර්නා 

ඉන්දියාවේ අති දුෂ්කර පළාතක ගෝත්‍රවලට අයත් දරුවන් දෙදෙනෙක් ලෝකයේ අතිශය දුෂ්කර මාවතක් පසුකරමින් එවරස්ට් කඳු මුදුන තරණය කළ මුල්ම අවස්ථාව මෙයයි. පුර්නාගේ මේ ජයග්‍රහණයෙන් පසුසේ ඇගේ පියා, මලවත් දේවිදාස් සහ අම්මා ලක්ෂ්මිපූර්නාගේ සොහොයුරාට දුන්නේ අපූරු අවවාදයක්. දවසක පුතත් අක්ක වගේම එවරස්ට් කන්දට නගින්න ඕන.නිසාමාබාද්වල වැසියන්ගේ එවරස්ට් තරණය කළ දෙවැන්නා වන්නේද පූර්නායි.

මෙහි සඳහන් කළ ආනන්ද් කුමාර් කුළය අතින් සළකා බලන විට පූර්නාටත් වඩා පහත්. කලක් මෙම කුළය හඳුවන්වනු ලැබූයේ ස්පර්ශ කිරීමට පවා නුසුදුසු කුලහීනයන් ලෙසයි.

සාමාන්‍යයෙන් එවරස්ට් තරණය සිදුකරන්නේ කන්දේ ටිබෙට් බෑවුම දෙසින් වුවත්, අප්‍රේ්ල් මාසයේදී මේ ප්‍රදේශයේ දරුණු හිම කඳු කඩාවැටීමක් සිදු වුණා. එයින් එවරස්ට් කඳු තරණය සඳහා එඩ්මන් හිලරිගේ සිට අද දක්වා සහායට පැමිණෙන ෂර්පා ගෝත්‍රයට අයත් වැසියන් 16 දෙනෙක් මිය ගියා. ඒ නිසා එම මාර්ගය වසා දැමුවා. පූර්නා ගිය කණ්ඩායමට එම නිසා දුෂ්කර වූ දිගු මාර්ගයක් තෝරාගන්නට සිදුවී තිබුණා.

පූර්නාට පෙර මෙම වාර්තාවට හිමිකම් කී නිමා චෙම්ජි 

පූර්නා මේ වාර්තාවට හිමිකම් කියන්නට පෙර එය හිමි කරගෙන සිටියේ නේපාල දැරියක්. නිමා චෙම්ජි නම් වූ ඇය 2012 දී එවරස්ට් තරණය කරන විට 16 හැවිරිදි වියෙහි පුසු වුණා.

පූර්නා එවරස්ට් මුදුනේ දී ලද අත්දැකීම පසුව මෙසේ විස්තර කළා.


බලන බලන හැම පැත්තෙම කඳු. හරිම ලස්සනයි.” 

1 comment:

  1. හරිම වැදගත් ලිපියක්

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න