පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, December 11, 2014

පරණ ජංගම දුරකතන එකතුවක් - Old Mobile Phone Collection

මම සැරින් සැරේට පාවිච්චි කළ ජංගම දුරකතන කීපයක ඡායාරූප ටිකක් කාලෙකට කලින් මම අරන් තියා ගත්තා. ඒ ටික මට අද හම්බ වුණා. මෙයින් එකක් නම් ඡායාරූප ගන්න දවසවල වැඩ කළත් දැන් නම් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේවා හද්ද පරංගි කාලේ ජංගම දුරකතන. පේනවනේ බැලූ බැල්මටම. පරණ ඒවා මතක් වෙන්නත් එක්ක මේ විදිහට බ්ලොග් එකට දාන්න හිතුණා. 

Alcatel BF4 - විස්තර

Ericsson GA628 - විස්තර

Ericsson T18d - මේක සිම් දාන්න බැරි එකක් - විස්තර

Ericsson T39m - විස්තර

Motorola T720 - මේ Original Housing එක නෙවෙයි - විස්තර

Siemens C45 - විස්තර

Siemens  C35  - විස්තර
 මේකේ මොඩල් අංකය මැකිලා නිසා අමතක වෙලා තිබුණේ. මෙන්න මේ හිතවතා තමයි ඒක හොයලා දුන්නේ. ඔහුට ස්තූතියි. 

9 comments:

  1. මේ වර්ග සේරම වගේ දැක්කෙත් අදයි. ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. දැන් මේ වගේ ඒවා පාවිච්චි නොකරන තරම් නේ. ඒ නිසයි මටත් හිතුනේ මේක නිකමට දාන්න ඕන කියලා.

      Delete
  2. Siemens is a C35 :) I also had one.

    ReplyDelete
  3. ලියන්න දේවල් නැතුවද මේ ගොන්පාට් ලියන්නේ මචෝ

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි යාළුවා

      Delete
    2. මොන මඟුලකට ගොන් පෝස්ට් බලන්න ආවෙ?, මාතෘකාව බලලා නෙමේද එන්නෙ? බත් කන හරකා.

      Delete
  4. මා ගාවත් Ericsson T10 එකක් තිබුණා. කා‍ලෙ හැටියට පට්ට phone එකක්...

    ReplyDelete
    Replies
    1. Ericsson T10 එකක් ඒ කාලේ අද Galaxy Duos එකකට කිට්ටු ගාණක් වුණා වගේ තමයි මතක.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න