පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 15, 2014

අසලියා මල ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළි පාර්ක් මින් - යංග් - Main Actress of Asaliaya Mala Tele drmama - Park Min-young


සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.00ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශනය වන අසලියා මලමේ දිනවල ජනප්‍රිය ලැයිස්තුවේ තිබෙන ටෙලි නාට්‍යවලින් එකක්. කොරියාවේ එක් කාලයකදී කාන්තාවන්ට  අධ්‍යාපන අයිතිය කප්පාදු කරලා තිබුණා. මේ කාලයේ කාලයක එක් තරුණියක් පිරිමි වෙස් අරගෙන පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලබාගත්තා. මේක ඇත්ත කතාවක්. මේ කතාව තමයි අසලියා මලනාට්‍යයෙන්  කියවෙන්නේ. 2014 ජනවාරි 25 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශනය ආරම්භ කළ මෙය කොටස් 64කින් යුක්තයි. කොරියාවේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වුණු මෙය එහි වැඩිම ආදායම් ලද ටෙලිනාට්‍යයක් හැටියට ද ප්‍රසිද්ධයි.

අසලියා මලටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය කාන්තාවක්. අපේ රටේ මෑතකදී විකාශනය වුණු බොහෝ කොරියානු,ජපන් හා චීන ටෙලිනාට්‍යවල මේ තත්වය දැකගන්නට ලැබුණා. අභීත දියණී, සුජාත දියණි’ , ඔෂින්වගේ ටෙලි නාට්‍යවලත් එහෙමයි. අසලියා මලනාට්‍යයේ ප්‍රධාන චරිතය වන්නේ කිම් යූන් - හී’. ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන නාට්‍යයේ මේ නම ඇත්තේ මෙයට තරමක් වෙනස් විදියකට වෙන්න පුලුවන්. ඩේ මුල් නම් අනවර්ථ නමිනුත් ඇය හඳුන්වනවා. කතාවේ හැටියට කිම් යුන්-හීතමන්ගේ අරමුණ කරා කෙසේ හෝ ගමන් කරනවා. ඒ කියන්නේ පිරිමින්ට පමණක් විවෘතව තිබුණු අධ්‍යපාන අයිතිය ඇය කෙසේ හෝ තමන්ගේ උත්සාහයෙන් ලබාගන්නවා.

අසලියා මලටෙලි නාට්‍යයේ මේ කිම් යුන් - හීගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ පාර්ක් මින් - යංග්නම් රංගන ශිල්පිනියයි. 1986 මාර්තු 4 වැනිදා දකුණු කොරියාවේ සෝල් නුවරදී මකර ලග්නයෙන් උපන් ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2006 වසරේ. ඒ අන්ස්ටොපබල් හයි කික්නමින් 2006 වසරේ විකාශනය වූ ටෙලි නාට්‍යයෙන්. ඇය 2006 සිට 2014 දක්වා ටෙලි නාට්‍ය 10 කට රංගනයෙන් දායක වන අතර 2011 දී ද කැට්නමින් සිනමා නිර්මාණයටත් සම්බන්ධ වෙනවා. මෙය ත්‍රාසය සපිරි සිනමා නිර්මාණයක්. මේ සියලු නිර්මාණ අතරින් පාර් මින් - යංග්ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත් වන්නේ සුන්ග්ක්‍යුන් වාන් ස්කැන්ඩල්හෙවත් අසලියා මලසහ සිටි හන්ටර්යන ටෙලි නාට්‍යවලිනුයි.

2007 වර්ෂයේ සිට 2013 වර්ෂය අතර කාලයේ ඇය සිය රංගන කුශලතාවය වෙනුවෙන් සම්මාන රැසකට යෝජනාවන අතර ඒ අතුරින් ඇය විවිධ රංගන අවස්ථාවන් සඳහා සම්මාන 10ක් දිනාගෙන තිබෙනවා.
කොරියාවේ බොහෝ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සේම පාර්ක් මින් - යංග්ද රංගනය සඳහා අවතීර්ණ වීමෙන් පසු ඒ සඳහා වෘත්තීමය තත්වයක් පවත්වාගන්නට නම් රංගනය හැදෑරීම වඩා සුදුසු යැයි තීරණය කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඇය 2013 පෙබරවාරි 15 වැනිදා ඩොන්ග්ගුක් සරසවියෙන් වේදිකාව හා සිනමාකරණය පිළිබඳ උපාධියක් ලබාගන්නේ.
වම්පැත්තේ ඉන්නේ හිටපු පෙම්වතා


පාර්ක් මින් - යංග්රංගනයට සේම කොරියානු ප්‍රේක්ෂකයන් අතර ආදරවන්තියක විදියටත් ප්‍රසිද්ධයි. ඒ ඇය සහ කොරියානු රංගන ශිල්පියකු වූ ලී මින් - හෝසමඟ පැවති ආදර සම්බන්ධය නිසයි. ඔවුන්ගේ මේ ආදර කතාව කොරියානු ප්‍රෙක්ෂකයින් අතර මහත් සේ කතා බහට ලක් වූණා. එසේ වුවත් කවුරුත් නොසිතූ විදියට මේ මෑත දිනෙක ඇය පැවසූයේ ඔහු සමඟ තිබූ ඇගේ සම්බන්ධය නවතා දැමූ බවයි. එකිනෙකා වෙනුවෙන් වෙන් කරන්නට කාලය සොයා ගන්නට නොහැති තරමටම දෙදෙනාම කාර්ය බහුල වීම එයට හේතුව වශයෙන් ඇය මාධ්‍යයට පවසා තිබුණා.

2 comments:

  1. අසලියා මල දැන් දැන් නම් මිණිසුන් අතර ජනප්‍රියයි. හැබයි හඬ කැවීම එතරම් සාර්ථක නෑ. ඒ නිසා අසලියා මල බැලුවට කිසි ගතියක් නෑ. ඒත් සාත්‍යය ගවේශකට හඬ කැවීම නම් හොඳයි. අසලියා මල ලස්සන ටෙලි නාට්ටියක් උනත් අසාර්ථක හඬ කැවීමක් විදිහටයි මට නම් හැගෙන්නේ. මන්ද චරිතයට ගැලපෙන හඬ දක්නට නෑ. මෙය ජාතික රූපවාහිනිය අනුකරණය කරන්න යාමක් විදිහටත් දකින්න පුලුවන්

    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න

    ReplyDelete
  2. අසලියා මල පළමු වරට විකාශය වූ කාලයේ මෙන්ම මේ දිනවලදී ද මහත් ජනාදරයට පත් වූ ටෙලිනාට්‍යයක්...එය නොබැලු කෙනෙකුන් නැති තරම්...ඉමහත් ප්‍රතිචාර වලින් පිරුණු එකක්..හඩකැවීම් සුවිශේෂ වන්නේ ඒවා ප්‍රේක්ෂක මනසට කාවදින අයුරින් නිර්මාණය වී ඇති නිසාමයි..අත්දැකීම අනුව නම් විශාල වශයෙන් ඉහළ ප්‍රතිචාර හිමි වූවක්...ඉතාමත් ඉහල මට්ටමේ ටෙලිනාට්‍යයක් බව විශ්වාසයෙන් කිව හැකි ය.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න