පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 5, 2014

සුපර් ස්ටාර් තල්මස්සු හෙවත් ගී ගයන තල්මසුන් - Singing Whales


මහ සයුරේදී ඇසිය හැකි මිහිරිතම හඬ කුමක්ද කියා ඇසුවහොත් ඔබ එයට විවිධ පිළිතුරු ලබාදේවි. බලන්න මේ පිළිතුරත් ඒ අතරේ තියෙද කියලා. මහ මුහුදේ නිතර සැරිසරන්නන්ගෙන් ඇසූවිට ඔවුන් පවසන්නේ මේ මිහිරිතම නාදය නම් හම්ප්බැක් තල්මසුන්ගේ ගී ගයන හඬ යන්නයි. මොවුන් දිය යටදී ගී ගයන අතර දිය මතුපිටදී ඔවුනට නැගිය හැකි එකම හඬ වන්නේ සිය පිට මත ඇති වා සිදුරු මගින් නිකුත් කරන්නාවූ කුංචනාදයකට සමාන හඬ පමණයි.

හම්ප්බැක් තල්මසුන් දිය යටදී එකිනෙකට වෙනස් සංකීර්ණ නාද රටා නගනා බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. මෙම ගී රටාවන්ගේ මූලික ඒකකය වන්නේ තනි හඬක් පමණයි. මෙය දීර්ඝ කෙඳිරියකින්, පහත් ස්වරයෙන් වූ වැළපිල්ලකින්, ගර්ජනාවකින් හා කුරුළු නාදයකයට හුරු හඬකින් සමන්විතයි. මෙම ගීත එකම ස්වරයකින් පුනරාවර්තනය වනු ඇසිය හැකියි. මෙම පුනරාවර්තන කොටස්වල එකතුව විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන්නේ තේමාවක්ලෙසටයි. තල්මසුන් කිසිදු විරාමයක් නොලබාම මෙම තේමාවන් එකම පිළිවෙලකින් දිගු වේලාවක් ගායනා කරනවා. අවසන් තේමාව ද ගායනා කිරීමෙන් පසු මොවුන් හුස්මගැනීම සඳහා දිය මතුපිටට පැමිණෙනවා. පසුව නැවත දිය යටට පිහිනා යන ඔවුන් යළිත් ගී ගායනා පටන් ගන්නවා. ගැහැණු හා පිරිමි සතුන් දෙපිරිසම වෙනසක් නැතිවම ගී ගායනා කරනවා. එක් ගීතයක් මිනිත්තු 15ක පමණ කාලයක් පුරා ගායනා කරනවා. මේවා කිලෝමීටර් 32ක් පමණ දුරකට ඇසෙනවා.


මෙම දැවැන්ත ගායකයන්ගේ ගී  පිටිගත කිරීම සඳහා විද්‍යාඥයින් දියයට විශේෂ උපකරණ සවිකොට තිබෙනවා. ඒ අතරම ඔවුනගේ චර්යාවන් පිළිබඳ සොයා බැලීම සඳහා කඳු මුඳුනක නිරීක්ෂණ ස්ථානයක් ද ඇතිකොට තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ තල්මසුන්ගේ ගී ගායනා පිළිබඳ අධ්‍යයනය කළත්, මෙසේ ගී ගයන්නේ ඇයිදැයි සොයා ගන්නට තවමත් හැකියාව ලැබී නැහැ. ඇතැම්විට  ප්‍රජනන සමය ළංවනවිට ගැහැණු සතුන් ආකර්ෂණය කරගැනීමට පිරිමි සතුන් ගී ගයනවා වන්නටත් පුළුවන්. මෙම ගී  කෙතරම් ආදරණිය වුවත්, තවත් පිරිමි තල්මසෙකුට තර්ජනය කරන්නට යොදාගන්නේද මෙම ගී හඬමයි. 


5 comments:

  1. MAMA GALU HARBOUR EKEN WHALES BALANNA GIYA, BUT SING KARANAWA ASUNE NEHE.

    ReplyDelete
    Replies
    1. මා දන්නා හැටියට දිය යටදී පමණයි තල්මසුන්ගේ ගීත ඇසෙන්නේ. මේ ලින්ක් එකෙන් ඔබට ඒ ගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

      http://www.whalesong.net/

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තල්මස්සු සින්දු කියන හඬට මම ගොඩාක් කැමතී <3

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න