පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 18, 2014

ලෙනින් මිය ගියේ සිපිලිස් රෝගයෙන් - Secret Behind the Lenin's Death


සාර් පාලනයෙන් කොමියුනිස්ට් පාලනයක් කරා රුසියාව රැගෙන යන්නට මුල් වූ රුසියානු විප්ලවය හෙවත් බොල්ෂෙවික් විප්ලවයමෙහෙයවනු ලැබුයේ අද ද කොමියුනිස්ට් ලෝකයේ වීරයකු බවට පත්ව සිටිනා වී.අයි. ලෙනින් විසිනි. ලෙනින් මිය ගියේ ආඝාත තත්වයක් හෙවත් මොලයේ රුධිර කැට ගැසීමක ප්‍රතිඵලයක් ලෙසිනි බව පොදු පිළිගැනීමයි. නමුත් මෑතකදී හෙළිකරගනු ලැබූ සාධක අනුව මෙම මරණයට හේතුව මෙය නොවේ යැයි පවසනු දැකිය හැකිය. මෙම නව සාධකවලට අනුව ලෙනින් මිය ගොස් ඇත්තේ සිපිලිස් නම් වූ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයෙනි. ලෙනින්ගේ අසම්මත හැසිරීම් පිළිබඳ සෝවියට් සංගමය කරුණු සඟවාගන්නට දැඩි උත්සාහයක් දරා තිබෙන බැව් පෙනේ. නමුත් බ්‍රිතාන්‍ය ග්‍රන්ථ කර්තෘවරියක වන හෙලන් රැපාපෝර්ට් සොයාගෙන ඇති සාධකවලට අනුව ලෙනින් එන්ඩාටිටිස් ලියුටිකා - න්‍යුරෝසිපිලිස්නම් රෝගයෙන් පීඩා විඳ තිබේ. මෙය සෘජුවම මොලයට බලපෑම් කරනා රෝගයකි.

ලෙනින් ජනතාව අමතමින් 

ලෙනින්හට වැළඳුණු මෙම රෝගයේ සැබෑ ස්වභාවය පිළිබඳ සුප්‍රකට රුසියානු විද්‍යාඥයකු වූ ඉවාන් පව්ලොව් විසින් ලියන ලද විස්තරයක් ඇයට නිව්යෝරක් නුවර පිහිටි කොලොම්බියා සරසවියේ තිබී හමු වී තිබේ. නොබෙල් සම්මානලාභියකු වූ මෙම විද්‍යාඥයා එහි සඳහන් කොට ඇත්තේ විප්ලවය මෙහෙයවනු ලැබූයේ මොලයට සිපිලිස් රෝගය වැළඳුණු උන්මත්තකයකු විසිනියන්න ය. රුසියානු ඉතිහාසය පිළිබඳ බොහෝ කෘති ගණනක් සම්පාදනය කොට ඇති රැපාපෝර්ට් විශ්වාස කරන පරිදි ලෙනින් මෙම රෝගයට ගොදුරුව ඇත්තේ 1902 දී පමණ පැරීසියේදී ඔහු ඇසුරු කළ වෛශ්‍යාවකගෙනි.

සෝවියට් සංගමය ලෙනින්ගේ මෙම රෝග තත්ත්වය වසන් කරන්නට උත්සාහ දරමින් පවසා තිබුණේ ලෙනින්ට වැළඳුණු රෝගය වූයේ ආර්ටිරියොස්ක්ලෙරෝසිස්බවය. එය සිපිලිස්වලට හැම අතින්ම සාමානකම් දක්වන්නා වූ මොලයට බලපෑම් කරන්නා වූ රෝගයකි. 1921 අගභාගයේ සිට ඔහු ශාරීරික වශයෙන් දැඩි දුර්වලතාවයන්ට මුහුණ දුන් අතර, එය පක්ෂාගාත තත්වයක් දක්වාම වර්ධණය විය. මේ නිසාම ජීවිතයේ අවසාන සමයේ ඔහුට කතාබහ කරන්නට ද නොහැකි තත්ත්වයකට පත්විය.
 
අංශභාගයෙන් පෙළෙමින් සිටි සමය 

රැපාපෝර්ට් මේ සියල්ල හෙළිකරන්නේ තමා විසින් සම්පාදනය කරන ලද 'Conspirator: Lenin in Exile’ නම් කෘතියෙනි. ඇය මෙහි සඳහන් කරන්නේ ලෙනින් මිය ගියේ සිපිලිස් රෝගයෙන් බව ක්‍රෙම්ලිනයේ සිටි ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් දැ සිටි බවත්, පාලකයන් විසින් මෙම සත්‍යය හෙළිදරව්වීම වළක්වා තිබූ බවත් ය. නමුත් මෙම සත්‍යය හෙළිදරව් කිරීමට මහාචාර්ය පව්ලොව් සමත්කම් දැක්වූ බවත් ඇය සඳහන් කරයි.

“1917 විප්ලවයෙන් පසු බොල්ෂෙවික් පාලනය විසින් පව්ලොව් හට විවිධ අඩන්තේට්ටම් කරන්නට විය. පව්ලොව් වරෙක සඳහන් කොට තිබුණේ රසායනාගාරයක සිටිනා ගෙම්බන්ටත් වඩා අන්ත ලෙස සෝවියට් පාලනය මගින් මිනිසුන්  හට සළකනු ලැබූ බව ය. කෙසේ නමුත් සෝවියට් සංගමයට අත්‍යවශ්‍ය බුද්ධිමතකු වූ බැවින් ලෙනින් විසින් පව්ලොව් පිළිබඳ දැඩි පියවර ගැනීමෙන් වැළකී සිටියේය.

ලෙනින්ගේ සිරුර 


ලන්ඩනයේ පැවති සමුළුවකට සහභාගීවන්නට යන අතරේ පැරීසියේ සිටි සිය මිතුරකු වූ මිහායිල් සෙර්නොව් හමුවන්නට පව්ලොව් තීරණය කළේය.

ඔවුන් අතර පැවති කතාබහේදී ලෙනින් සිපිලිස් රෝගයෙන් පෙළෙමින් සිටිනා බව පව්ලොව් පැවසූවා. ඒ රෝගය නිසාම ලෙනින් අංශභාග තත්වයට පත්වෙමින් සිටිනා බවත් පව්ලොව් සදහන් කළා.රැපාපෝර්ට් පවසන්නීය.

වර්ෂ 1924 දී ලෙනින්ගේ මරණයෙන් පසු ඔහුගේ මොලය පරීක්ෂා කරන්නට පැමිණි සියලු වෛද්‍යවරුන්  ලෙනින්ගේ අංශභාගයට හේතුවූ මොලයේ රෝගය අනාවරණය කරගත්බවත්, එය සියලු දෙනා අතර ප්‍රසිද්ධ රහසක්ව පැවතිය ද, කිසිදා එය හෙළිනොවූ බවත් ඇය සිය කෘතියේ සඳහන්කොට තිබේ. මේ පිළිබඳ කිසිදු නිල සෝවියට් සටහනක් ද සොයාගන්නට නැත.
 
'Conspirator: Lenin in ExileZ කෘතිය
ලෙනින් පරීක්ෂාවට ලක්කළ ක්‍රෙම්ලිනයේ සේවය කළ කිසිදු වෛද්‍යවරයෙකුට මෙය පිළිබඳ කතාකිරීම පවා තහනම්කොට තිබිණි.


ඉතිහාසයේ මෙසේ සිපිලිස් රෝගයට ගොදුරුව මිය ගිය ප්‍රසිද්ධ පුදගලයින් වන්නේ ලෙනින් පමණක් නොවේ. නිට්ෂේ, මෝපසාං, ගොයත් සහ ඩොනිසෙටි ආදීහු ද ද මේ අතර සිටිති. 

8 comments:

  1. Viplawa wadin gena mewage helidarw palakaranawata obata sthuthi.Thawath meweni watinalipi liyanna.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී බලමු මේ වගේ කතා ලියන්න

      Delete
  2. මේකත් හරියට අර ඒරියා 51 එකේ පිටසක්වල ජීවින් ඉන්නවා වගේ කතාවක් තමයි. සැරෙන් සැරේ කීපදෙනෙක් කියනවා එහෙම ඒවා දැක්කා කියලා, ඒත් ඔප්පු කරන්න බැහැ.

    ලෙනින්ගේ කතාවත් මේ වගේ. මමනම් හිතන්නේ විප්ලවයත් සමාජවාදයත් හෑල්ලුවට ලක් කරන්න අවශ්‍ය කෙනෙකුගේ කතාවක් වෙන්නත් පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්.

    විප්ලවයෙන් පස්සේ එක පුද්ගලයෙක් ලොකු එලිදරව්වක් කළා, කොමියුනිස්ට් වාදීන් සාර් පවුල මරලා දාපු විදිහ ගැන. ඒක වැරදි වෙන්න පුළුවන් ඒත් ඒ පුද්ගලයට අමතක වුනා සාර් රජ කාළේ දුප්පත් මිනිස්සුන්ව නිරපරාදේ මරලා දාපු එක.

    ReplyDelete
    Replies
    1. මේවා ගැන විවිධ අදහස් තියෙනවා. ධනවාදය වුවත්, කොමියුනිස්ට් වුවත්, සමාජවාදය වුවත් කවුරුත් උත්සාහ කරන්නේ මොන විදියකින් හරි තමන් ගොඩනගාගත් පාලන තන්ත්‍රය රැක ගන්නයි.

      Delete
  3. මෙම වෙබ් අඩවියේ පළ කරන බොහොමයක් ලිපි පුද්ගල පහර දීම් සහ කමකට නැති ලිංගික ජීවිතය හෝ පුදගලික වල් පල්ය... එවැනි ලිපි ලියන්නන් සිපිලිස් රෝගීන්ටත් වඩා මානසික අන්ධයින් බව මගේ විශ්වාසයයි.. ජනතාවට අසත්‍ය බෝ කරමින්.. ඔවුන්ගේ දැනුම ප්‍රහීන කරමින් ආත්මාර්ථකාමී තෘප්තියක් ලැබීම එක් අතකින් ලිංගික හීනමානයකින් පෙළෙන භින්න පෞරුෂ රෝගයකින් පෙලෙන මානසික ව්‍යාධිකාරයකුට අයත් කාර්යයක් මිස අන් කවරක්ද... උසස් මිනිසසෙකු උත්සාහ දැරිය යුත්තේ ජනතාවගේ නොදැනුවත් කම දැනුවත් කම බවට පරිවර්තනය කිරීමේ මං සෙවීම සහ එයට කැප වීමයි. එය මානව වර්ගයා වෙනුවෙන් කළ හැකි උසස්තම සේවය වන්නාහ.. එන් ජී ඕ මුදල් ගරමින් ලෝක‍යේ මිනිස් වර්ගයාගේ පැවැත්ම සහ ප්‍රගමනය වෙනුවෙන් ඓතිහාසික කැප කිරීම් කළ මිනිසුන් කිසිදා මෙවැනි පටු වාචාල මගින් පහත හෙලිය නොහැක... ශන් වරක් කී පරිදි යෝධයින්ට කැට කැබලිති වලින් ගැසූ කළ ඒවා ඔවුන්ගේ ඇගේ වැදී නැවත බිම පතිත වෙයි... කැට කැබලිති වලින් ඔවුන්ට වන හානියක් නැත...

    ReplyDelete
  4. ලෙනින්. මියගියෙ ආඝාතය වෑලදිමෙන් එකට හේතුවුනෙ 1918 දි බොල්ෂේවික් පක්ශය විසින් 1917 පෙබරවාරියෙ ධනපති තාවකාලික ආණ්ඩුව විසින් අටවාගෙන හිටපු ව්‍යවස්ථාදායක සභාව විසිරුවා හෑරිමෙන් උරණ වු සමාජ විප්ලවවාදි පක්ෂයෙ(SR) සමාජිකාවක් වු ෆාන්යා කප්ලාන් විසින් ලෙනින්ට වෙඩි තෑබිමෙන් පසු මොලයෙ ඉතිරිවු මුනිස්සමක් විසවිම හේතුවෙන් දෑන් ඔය ලෙනින්ට මඩ ගහන ඊනියා සුලු ධනපති බුද්ධිමතුන් ස්ටෑලින්වාදි නිලධාරි තන්ත්‍රය තිබෙන කාලෙ ලෙනින්ට වෑදගෙන ලෙනින්ගෙ මල මිනියත් විකුනන් කාපු එවුන්. දෑන් උන්ට අලුත් ජරාවක් හොයනවා මාක්ට් කරන්න

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විවිධ අදහස් තිබෙනවා. සමාජවාදියෙක් හෝ කොමියුනිස්ට්වාදියෙක් වන්නෙත් මිනිස්සු. අපේ රටේ සමාජවාදීන් හා කොමියුනිස්ට්වාදීන් කාලෙන් කාලෙට සිය මතවාද වෙනස්කිරීමෙන්ම ඒ බව ඔප්පු වෙනවා. ඒ නිසා සමාජවාදියෙක් වුවත් සිපිලිස් හෝ ඒඩ්ස් රෝගයෙන් හෝ මිය යන්නට ඉඩක් නැතැයි කියන්න හැකියාවක් නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න